Saturday, October 2, 2010

හැර යාම -4



“ඔයා නපුරු වෙලා චූටි ......! ඉස්සර ඔයා මෙච්චර සැරෙන් කතා කරන්නෙ නෑ මට..”

ඔයා එහෙම කියද්දි  තමයි මට දැනුනේ මං උවමනාවට වඩා තරහින් කතා කලා කියලා... හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන පුරුද්දක් මට නැති නිසාම දැන දැන ‍බොරු කියලා මම හෙම්බත් වෙලා.. අකමැත්තෙන් වුනත් මට ඕනේ වුනේ ඔයාට මාව එපා කරවන්න..මගෙන් ඈත් වෙලා හොද ජිවිතයක් ගතකරනවා බලන්න.. ඒත් මං කරන හැම දේකින්ම ඔයා තවතවත් මට ලං වුනා.. 
කාගෙවත් පිළිසරණක් නැති මට මහරෙක් වගේ ආදරයක් දුන්න ඔය හිත රවට්ටන එක ලොකු පවක් කියලා දැනුනත් ඔයාට හොදක් වෙන්න කියලා මුළු හදවතින්ම පතන නිසාම මං ඔයාව දාලා ඈතට යනවා. ඔය ඇස් ඉස්සරහ මැරෙන්න තරම් හයියක් නෑ මට.. මම දන්නවා ඔයාටත් බෑ මං මැරෙනවා බලන්න..
“පරක්කු වුනා මං යනවා..”
ඔය ඇස් පුළුවන් තරම් මග හරින්න හැදුවේ මේ ඇස් එක තත්පරයකදි කියවන්න ඔයාට පුළුවන් නිසා..
“යනවා නෙමෙයි ගිහින් එන්නම් කියන්න.”
ඒ වචන මගේ පය පැටලුවා.. තෙත් වුන ඇස් හංගගෙන මං එන්න හැරුනා.. මෙච්චර වෙලා අඩන්න මූණ බෙරි කරන් හිටි අහස එක පාරටම කෑ ගහලා ඇඩුවේ මං ගැන දුක හිතිලද නැත්නම් තනි වෙන ඔයා ගැන දුක හිතිලද කියලා මං දන්නෙ නෑ..
මහ වැස්ස මැද්දෙ මම යද්දී ඔයා තවමත් එතනටම වෙලා හිටියා.. සත්තයි මට ආයෙත් ඔයා ලගට දුවගෙන එන්න නොහිතුනා නෙමෙයි ... ඇවිත් මේ හිතේ දුක කිය කිය මහ වැස්සටත් වඩා හයියෙන් අඩන්න නොහිතුනා නෙමෙයි....
ඒත් හිත ගලක් කරගන්න ඕන වුනා මට..
මතකද අපි මුණ ගැහුනු මුල්ම දවසේ ඔයා මට විහිළු කලා..
“ඔයාට තියෙන්නේ ගල් හිතක්.. ඒත් මං දන්නවා ලෝකෙට පේන්න හිත ගල් කරගත්තට ඔය හිතට වෙන කාටවත් වඩා හොදට ආදරේ කරන්න පුළුවන් කියලා”
ඇත්ත මම ආදරේ කලා ගොඩාරියක් ... හිතා ගන්න බැරි තරම්...
ඒත් මං හැමදාම ආදරේ කලේ ඉක්මනින්ම අහිමි වෙන දේවල් වලට...
ඉතින් මම යනවා.. ආයෙත් මේ ලෝකෙට එන්න පුළුවන් වුන දවසක ඔය වගේම ආදරයක් දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා..........

12 comments:

  1. අද මම මුල ඉදලාම කියෙවුවා.. ලස්සනයි.. ගොඩාක් හැගිම්බරයි.. හිතට ගොඩක් දැනෙන තරම්..

    ReplyDelete
  2. අකීකරු හිත,
    මමත් ඔය වගේ කෙනෙක්.ගොඩක් බලපොරොත්තු මගේ ඉස්සරහම වෙන අය හොරු ගත්තා.වෙනස ඔය කෙල්ලෙක්.මං කොල්ලෙක්.

    ReplyDelete
  3. මං හැමදාම ආදරේ කලේ ඉක්මනින්ම අහිමි වෙන දේවල් වලට..හ්ම්..ලස්සනයි මේ කථාව.එවගෙම දුකයි ගොඩක්....

    ReplyDelete
  4. @ isolated_life- අපි නොහිතන වෙලාවක ‍අපේ හීන අපිව දාලා යනවා....
    @inish - ස්තුතියි ඔයාට

    ReplyDelete
  5. ඈයි මේ...?

    ReplyDelete
  6. “ඔයාට තියෙන්නේ ගල් හිතක්.. ඒත් මං දන්නවා ලෝකෙට පේන්න හිත ගල් කරගත්තට ඔය හිතට වෙන කාටවත් වඩා හොදට ආදරේ කරන්න පුළුවන් කියලා”

    දෙවියනේ කවුද මේ මට ඈහිච්ච දෙබස් හොරකම් කලේ. ? :)

    ඒ අකුරින්ම.. ඒ වචන වලින්ම..

    ඒ කෙසේ වෙතත්... මම අදයි මේ පෑත්තෙ ආවෙ, විස්වාස කරන්න මාව.. මම කවදාවත් නොකල දෙයක් කලා. ඔක්කොම ලිපි ටික කියවගෙන කියවගෙන ගියා පිස්සුවෙන් වගෙ... එතරම් හෑඟුම්බරයි. මෙතන නවතින්න හිතුනා. ලියනන් මේ බිත්තිය හොඳ නිසා මේ ලිපියෙ නෑවතුනා.. :)

    මට සතුටු වෙන්න පුලුවන් කියනන් බෑ. ඒ ඔයා විඳවන කෙනෙක් නිසා. ඒත් ජීවිතේ විවිධාකාරයි. ඔයාට මේ වගෙ. මට වෙන විදියකට. ඒත් අන්තිමේ... හෑමෝටම උරුම එක දෙයයි... 'දුක' .... ලියනන් හිතෙන දේ... ඔන්න මාත් ඉන්නව අද පටන් කියවන්න....

    (මේ නන්ගි/ අක්කා... අර දෙබස මට කවුරු හරි කියනකොට අහන් හිටිය නේද ? ) හෙ හෙ..

    ReplyDelete
  7. walk to remember film එක වගේ.

    ReplyDelete
  8. හරිම ලස්සනයි ඒ වගේම ගොඩක් හැගීම් බරයි

    ReplyDelete
  9. harima lassanai akkiyoo.math oya wagema hugak hina mawala a hina mage as issarama boda unama daraganna beruwa hugak kal wedana winda,akkiyoo oyata ikmanata sanipa wenna kiyala prarthana karanawa

    ReplyDelete
  10. හ්ම්ම්... එක කතාවක් ඉවර උනා.. තව ගොඩක්....

    ReplyDelete