Wednesday, January 5, 2011

මල් සරාය කියනා ඒ පිස්සු යකා


මල් සරාය කියනා ඒ පිස්සු යකා
වද දෙනවලු මේ දිනවල බොහො අයටා
ඇවිලෙන දුක් අදෝනා අහගෙන ඉදලා
මගෙ ඔළුවද දැං මඤ්ඤං වී ඇතුවා

ඊතල තියෙන හිංදම උඹ විදින්නැති
ඒවා වැදුනු උන් මේ ලෙස අඩන්නැති
ඒ දැක දැකත් උඹ තව විදින්නැති
උඹෙ ගොං කමට මම කවි ලියන්නැති

මල්සරෝ උඹ ආවොත් මේ පැත්තේ
ආයෙත් යනව බොරු නුඹෙ ගම් පැත්තේ
ජීවත් වෙන්න ආසාවක් ඇතිනම් හිත මත්තේ
එන්න එපා කවදාවත් මේ පැත්තේ

ඔන්න නොකීවා කියලා කියන්නෙපා
හොරෙන් ඇවිත් මට අහුවෙන්න එපා
අහුවුනු දාට බොංචි කරලක් වගෙ  දෙකට කඩා
‍මල් දුන්නද ඇවිලෙන ඒ ලිපේ දමා
අසරණයන්ට දුන් ගින්දර එක් කොරලා
තම්බනවා ලොකු හැලියක ලුණුත් දමා




14 comments:

  1. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  2. බුදු අම්මෝ... අකීකරු හිතට කේන්ති ගිහ්න් තියෙන තරම...?

    අපිත් ඉනනවා නංගියේ සපෝට් එකට...

    අකීකරු හිත, තම්බයි තෝ ලුණුත් දමා
    ආයේ තෝව ගොඩ අරගෙන අනේ මෙමා
    හතර හන්දි කඩලා, රස පොලුත් දමා
    දෙනවා කපුටන්ට, මේං කාපියව් කියා

    අම්මපා මටත් මළ පැනලා ඉන්නේ ඕක එක්ක.

    ReplyDelete
  3. මාත් එයාට කැමති නැහැ. නරක වැඩමනෙ කරන්නේ. මමත් එන්නම් ඔයාගෙ උදව්වට. මට පුලුවන් ලිපට ගින්දර දාන්න
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. @prasanna86k- කේන්ති යන්නෙ නැතුවැයි මේ වැඩ වලට...

    @මැණික්(සුළඟ) -එන්න එන්න.. මල්සරාව අහුවුන ගමන් මම ඔයාටත් කියන්නම්

    ReplyDelete
  5. බුදු අම්මෝ බොහොම කේන්තියෙන් වගේ. අනේ පව් ඔය විදින එක ඔය මනුස්සයගෙ රස්සවනෙව. දවසකට සෑහෙන්න ගානකට නොවිද ආපහු යනව බොරු, විදින ගානට නොවැ කමිෂන් එක.අනික සුළුප‍ටු පවලක්යැ ඉන්නෙ ඔය අහිංසකයට.
    විදගන්න අකමැති කට්ටිය එලියට පහලියට නොබැහැ හිටියනං........

    ReplyDelete
  6. අපේ පැත්තෙ මල් සරා කියන්නෙ..ගන්ජ ගහන සරාට..පොල් සරා ඉතින් දන්නවනෙ පොල් කඩන සරත් බව...වල් සරා ඉතින් අර ගෑනු පේන්න බැරි එකා..යකෝ අර ළිඳ ළඟ පඳුරෙ කොල ගනන් කරල අහුවුනෙ..වල් සරා තමා...

    ReplyDelete
  7. මොකද අප්පේ මෑන් එක්ක ඔච්චර ඔරොප්පු.මේ දවස් ටිකේම "මඤ්ඤං" කෑල්ල වැඩියෙන් දැක්ක.මොකද මන්දා..............!!

    ReplyDelete
  8. @ නවම් මාවත-මම හිතන්නේ ඒ මනුස්සයට පැන්ෂන් යන්න වෙලාව හරි වගේ...
    @indi -බලාගෙන යද්දි එක එක විදිහෙ සරාලා ඉන්නවනේ...
    @dinesh- ඇත්තටම මේ ටිකේ මට පිස්සුද කොහෙද අයියා

    ReplyDelete
  9. ඔය මල්සරාව මමත් හොය හොය හිටියේ...හම්බවුනොත් පොඩ්ඩක් අපිටත් කියන්න....

    ReplyDelete
  10. මතක් කරන්න එපා නංගියෝ ඕකව..එල්ලලා මරන්න ඕනේ..මටත් පෙන්න බෑ ඕකව..මාවත් කෑවා ඔය මල්සරා..

    ReplyDelete
  11. සහෝදරීට තරහ ගිහිං .. අනේ පවු මල් සරා කරන්නනෙත් එයාගේ ඩියුටිය නේ . රාජ කාරියට බාදා කරන්න එපා . එයා එදා වේල හොයාගන්නේ ඔය ජොබ් එකෙක්න් වෙන්න ඇති . ඔය පොඩි එකාට සමාව දෙන්න .

    ජය වේවා !!

    ReplyDelete
  12. එළ... ඔකට ඔහොම කරල​ා මදි

    ReplyDelete