Thursday, December 27, 2012

ඉතින් ඒ මදෑ නේද


පාර දිගේ එද්දි මාව පහු කරන් ගොඩක් දෙනෙක් ගියත් ඒ අයට මං ගැන තැකීමක් තිබුනෙ නෑ. ඒත් අතරින් පතර මං දිහාවට එල්ල වෙච්ච ඇස් තියෙන වග නොදැනුනා නෙමෙයි. ඒත් මට ඒ අය ගැන ඒ හැටි වැටහීමක් නොතිබුනේ බිමට නැවුනු ඇස් දෙකෙන් මගේ කකුල් වල ඇගිලි ගණන් කරමින් ගිය නිසා.
ගණන් කරන එක.... පුංචි කාලේ ඉදන්ම මට තිබුනු පුරුද්දක්.
පඩිපෙළක් දකිද්දි.... ගස් පේලියක් දකිද්දි... පාරේ යන බස්.... ගෙවල් වල ජනෙල් ගාණ ඒ විතරක්ද මගේ ලගින්  වාඩිවෙලා ඉන්න කෙනාගේ ඇගිලි ගාන....ඇයි මගේ අතේ ඇගිලි...කකුලේ ඇගිලි... කොච්චර ගැන්නත්.. හැමදාම ගැන්නත් එපාවුනේ නෑ....

ඇගිලි ගණන් කරමින් වුනත් නොදැනුවත්වම මම හරි තැනට ඇවිත් තිබුනා. ඒක ඇත්තටම පුරුද්දට වගේ වෙන දෙයක්. ඒකට කියන හරි වචනේ ගියා කියන එක නෙමෙයි...ඉබේම ගියා වගේ දෙයක්....
මම දොරින් ඇතුළු වුනා... මම දැනන් හිටියා මම ඇතුල්වෙනවත් එක්කම ගොඩක් දෙනෙක්ගේ ඇස් මගේ පැත්තට හැරෙන වග. අවුරුදු තුනක් හතරක් ගෙවිලා ගියත් තාමත් ඒ ඇස් වලින් බේරෙන්න මට බැරි වුනා. මොනවා වුනත් ඒ ඇස් වල පිරෙන්නේ මොනවගේ අදහස් ද කියලා අමුතුවෙන් ඔළුව උස්සලා බලන්න උවමනාවක් මට තිබුනෙ නෑ. ඒ ඇස්වල, වගේම පල් හෑලි කියවෙන කටවල් වලින් පිටවෙන මුණුමුණුවල් මේ හිතේ පතුලෙ හැමදාමත් ඇදිලයි තිබුනේ. ඒවා මට අලුත් දේවල් නෙමෙයි. තවමත් බිමට නැමුනු ඇස් වලට වටේ ඉන්න හැම එකාවම පේන වග එයාලා නොදන්නවා ඇති. බලන්නේ ඇස් වලින් විතරයි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ... එයාලා දන්නෙ නෑ හිතටත් බලන්න පුළුවන් කියලා. ඇස් තිබුනත් මම ගොඩක් දේවල් බැලුවෙ හිතෙන්. ඇස් වලට පේනවට වඩා ගොඩක් දේවල් හිතට පේනවා.

වටේටම මුනුමුනුවවල් ඇහුනට ඒවා නෑහුන ගානට මම මගේ පුරුදු තැනටම ගියා. දේශනේ පටන් ගන්න වෙලාව පහුවෙලා... ඒත් තාමත් සර් ඇවිත් නෑ...ඒක එයාගේ පුරුද්ද.... කැම්පස් එකට ආපු මුල්ම දවස වල සින්නො කියලා දුන්නේ දේශනේ විනාඩි 15ක් පරක්කුයි නම් නැගිටලා යන්න කියලා... ඒත් අද? කාටවත් එහෙම නැගිටලා යන්න උවමනාවක් නෑ. සමහරු තමන්ගේ ලෝකවල... තවත් සමහරු තවත් කෙනෙකුගේ  ලෝකෙක... එවගේම තවත් කොටසක් ඒ ඒ ලෝක වල ඉන්න එවුන් ගැන චරිත සහතික දෙන ගමන්...... එතකොට මම?? සටහන් පොත දිග ඇරගෙන පෑනත් අතින් අරගෙන ලියන්න බලාගෙන හිටියේ... ඒකත් පුරුද්දට වගේ. අවුරුදු ගාණක් තිස්සේ කරපු දේනේ. න්‍යායන්....... සංකල්ප... නිර්වචන...... පොත පුරාම පිරිලා ඉතිරිලා.. ඒත් ඔළුවේ?
තාමත් වටේටම ගෝසාව...මේ තරම් සද්දෙ මොකද?? ඇදිලා ගිය මූණු...කල්පනාවෙන් පිරිච්ච මූණු.. ගොඩක් එක පොදියට...  දැනුයි තේරුනේ... අද තමයි අපි දේශන වලට ඉන්න අන්තිම දවස......... මේක දාලා යන්න බැරිවුන අයගේ මූණුයි ඒ ඇද වෙලා ගිහින් තියෙන්නේ....
ඒත් මට...හීන් සතුටක්..............
සර් ආවා දුවගෙන වගේ... 
සතුටට තිතක්... පෑන තියා ගත්තා රූල උඩින්..... 
සර් කියනවා අපි ලියනවා... අපි ලියනවා සර් කියනවා... 
මොනවා ලියනවද කියලා තේරුමක් නෑ. කොහොමත් දැන්ම ඕවා තේරුම් අරගෙන මොකටද? විභාගෙට දවසකට දෙකකට කලින් තේරුනොත් මදෑ... ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ ..ඒ තියරියට මම කැමති වුනේ මේ ළගකදි ඉදලා... 
හිතට හරි නිදහසක් ඒක....
නිදහස.......... 
දවසක් කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි එයා කියනවා එයා කැමතිලූ එයාට කුරුල්ලෙක් වෙන්න පුළුවන් නම්... කුරුල්ලෝ හරි නිදහසේ ජීවත් වෙනවලු.....
ඒක ඇත්තක්ද? 
කුරුල්ලෝ නිදහසේ ජීවත් වෙනවද? ඒත් මම නම් හිතන්නේ උන්ට අපි හිතන තරම් නිදහසක් නෑ... උන් කෑම හොයා ගන්න ඕන...කූඩූ හදා ගන්න ඕන.. බිත්තර ටික රැක ගන්න ඕන පැටව් ටික රැක ගන්න ඕන.. වහිද්දි නොතෙමී ඉන්න තැනක් හොයා ගන්න ඕන... තමන්ව මරාගෙන කන්න බලන් ඉන්න පූස් තඩියෝ ගැන කල්පනාවෙන් ඉන්න ඕන... තව කොච්චරක් දේ තියෙනවද උන්ටත් කරන්න...
නිදහස ඇතිවෙන්නෙ හිතේ.......... 
මොන තරම් වැඩ කන්දරාවක් වුනත් හිතේ සන්තෝසෙන් කරනව නම් අපි ඉන්නෙ නිදහසේ. ඒත් හිතේ ඔය තත්වෙ නැත්තම් ඕකේ අනිත් පැත්ත...
දේශනේ අවසන් වෙලා යද්දි හැමෝගෙම  කටින් පිටවුනේ අදින් පස්සේ මේ වගේ එකතු වෙන්නෙ නෑ නේද කියන එක........... ඒ අස්සේ කෙනෙක් කණුවක් බදාගෙන අඩා වැටෙනවා. ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු මම පාරට ආවා.
ඒ අතරේ කෙනෙක් මගෙන් අහනවා... 
ඔයාට දුක නැද්ද මෙහෙන් යන්න?
නෑ මට දුකක් නෑ... මගේ උත්තරේට එයා කැමැත්තක් දැක්කුවෙ නෑ..
ඔයාට දුක නැද්ද යාළුවෝ දාලා යන්න... ආයෙමත් ප්‍රශ්නයක්...
අපි ආයේ කොහේ හරි හම්බවෙයිනේ... ඉතින් ඇයි දුක්වෙන්නේ?
ඒ වුනාට මට නම් දුකයි...අපිට මේ යාළුවෝ ආයේ හම්බ නොවෙන්නත් පුළුවන්...
ඔව් වෙන්න පුළුවන්....ඒත් අපි දුක් වුනා කියලා අපිව මෙහෙ නවත්ත ගන්නේ නෑනේ..... වෙලාව ආපුවම කාටවුනත් යන්න වෙනවා....
අපි හරියටම දන්නව නම් අපිට මේ දේවල් අතෑරලා යන්න වෙනවා කියලා ඇයි ඉතින් දුක් වෙන්නේ? හෙටින් පස්සේ ජීවිතේ මීට වඩා වෙනස්........ මම කැමතියි ඒකට... 
ජීවිතේ එකම විදිහට ගෙවිලා යද්දි කෝ ජීවිතේට අත්දැකීම්.....
අපි දවසක් හරි මේකෙන් යන එක ගැන දුක් වෙවි ඉන්නව නම් ඒකෙන් වෙන්නේ අපිට ඉස්සරහට ලැබෙන්න තියෙන ජීවිතෙන් දවසක් නාස්ති වෙන එක.........
ඔය කිව්වට අන්තිම මොහොතේ ඔය ඇස් වලටත් කදුළු එයි.
මංදා මට නම් එහෙම හිතෙන්නෙ නෑ...ඉස්කෝලෙ දාලා එන දවසෙ වත් මම ඇඩුවෙ නෑ... මොකද එදා මට බලාපොරොත්තුවක් තිබුනා කැම්පස් එන්න... අද කැම්පස් එක දාලා යන්න වුනත් ඒ ගැන මට දුකක් නෑ. මොකද මම මගේ අරමුණු වලින් එකක් ඉෂ්ට කර ගෙන ඉවරයි... දැන් අලුත් බලාපොරොත්තුවකට කාලේ හරි...
එතනින් එහාට එයා මොනවත් කිව්වේ නෑ...
ජීවිතේ අතෑරෙන දේවල් බලෙන් අල්ල ගනිද්දියි දුක දැනෙන්නේ....... ඒත් කිසි දෙයක් අල්ල නොගත්තම.. තමන් වෙනුවෙන් ඉතිරි වෙන පුංචිම දේටත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්...

කැම්පස් ජීවිතෙන් මගේ වටේ ඒ විදිහට ඉතිරි වුනු මතක සටහන් ගොඩයි....   
ඉතින් අද මට සතුටින් ඒකට සමු දෙන්න පුළුවන්... 
න්‍යායන් සංකල්පයන් මගේ ඔළුවේ රැදිලා නෑ... 
ඒත් මම ජීවත් වෙන හැටි ඉගෙන ගත්තා... එක පාරක් වැටෙද්දි දෙපාරක් උත්සහ කරන්න ඉගෙන ගත්තා... රෝද හතරක් උඩ ගෙවෙන ජීවිතේට වුනත් වටිනාකමක් දෙන්නේ කොහොමද කියලා මම ඉගෙන ගත්තා...

ඉතින් ඒ මදෑ නේද

26 comments:

  1. එ හොදටම ඇති ජිවිතෙටම වටිනම දේ එක තමයි...

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තමයි ගොඩක් වටින්නේ නේද සචිත්

      Delete
  2. ම්ම්...ඒ හොඳටම ඇති තමා අක්කේ.. ජීවිතේ හැමදේම කවදා හරි දාලා යන්න වෙනවානේ. ඒ නිසා ඉන්න ටිකේ සතුටින් ඉන්න එක තමා හොඳම.. ජය වේවා.. ඔයාගේ අනාගතයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්ව වගේ ඉන්න ටිකේ සතුටින් ඉන්න එක තමා හොදම

      Delete
  3. උත්සාහය තමා ගොඩක්ම වැදගත් වෙන්නේ... දැන් ඉතිං කම්මැලි කමේ ඉන්න එකයි...

    ReplyDelete
    Replies
    1. ම්...... කම්මැලි හිතෙන එකක් නෑ දැන්ම

      Delete
  4. "" නෑ මට දුකක් නෑ... මගේ උත්තරේට එයා කැමැත්තක් දැක්කුවෙ නෑ..
    ඔයාට දුක නැද්ද යාළුවෝ දාලා යන්න... ආයෙමත් ප්‍රශ්නයක්...
    අපි ආයේ කොහේ හරි හම්බවෙයිනේ... ඉතින් ඇයි දුක්වෙන්නේ? ""

    මාත් කැම්පස් එකෙන් එළියට එද්දි ඔය වගේ සංකල්පයක් තිබ්බේ.
    බොරු කියන්නේ මොකටද මෙහෙම දෙයක්නම් උනේ නෑ,අන්තිම ලෙක්චර් එකට ගියෙ නැති නිසා..
    අපූරු රචනාව
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කොල්ලෝ ලෙක්චර්ස් යන්නේ කලාතුරකින්නේ.....
      ගැටයා මේ පැත්තට අලුත්නේ...ඔන්න සාදරෙන් පිළිගන්නවා.

      Delete
    2. ඒක එහෙම තමා ඉතින්
      ස්තූතියි,ඔව් මුල් වතාව..දැන්නම් දෙවෙනි වතාව
      ඔයා 2011දිත් කැම්පස් එකේ හිටියනම් ,මම හිතන්නේ මම දැකලා තියෙනවා ඔයාව

      Delete
    3. ඔව් 2011 දීත් හිටියා

      Delete
  5. හිතන්න දේවල් ගොඩක් තියෙන පොස්ටුවක් ආපස්සට ..
    හ්ම්ම්ම්ම් ජීවිතය ..අපිට හිමි නැති අපේ ජීවිතය...
    හොද ලිපි ගොඩක් හම්බුනා ඔයාගේ බ්ලොග් එකෙන් ..
    අස්සවෙන් කියවන්න ගත්ත...
    godak sthoothiyi wadagath yamak ithuru kireema gana...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට ස්තුතියි ඔයාට.....
      //ජීවිතය ..අපිට හිමි නැති අපේ ජීවිතය...// ඒක ඇත්ත

      Delete
  6. තවම මම කැම්පස් එකේ පළවෙනි වසරේ. කැම්පස් එකෙන් අයින් වෙන දවසට මටත් මේ වගේ හිතන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ඉදිරි ජීවිතයට සුභ පැතුම්!
    ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවි
      ස්තුතියි සිතු ඔයාට...

      Delete
  7. Replies
    1. මාරේ අයියා කාලෙකින් මේ පැත්තේ..... සන්තෝසයි ගොඩක්

      Delete
  8. සොඳුරු අතිතය මිහිරි මතකයක් වේවි අනාගතේ දිනක ඔබට.

    ReplyDelete
  9. ලෙක්චර්ස් ඉවරද නංගි ? කවද්ද විභාගේ තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඉවරයි අයියා... ජනවාරි තමා විභාගේ

      Delete
  10. /*ජීවිතේ අතෑරෙන දේවල් බලෙන් අල්ල ගනිද්දියි දුක දැනෙන්නේ*/ ඒක හරි. බැඳීම්, අත්හරින්න උනොත් අත්හරින්න පුළුවන් මට්ටමින් තියා ගන්න පුළුවන් නම් දුක අඩුයි නේ.
    අත්දැකීම් තමා ජීවිතේ පන්නරය වෙන්නේ.

    ReplyDelete
  11. සමහර විට ඒ මොහොතේ එක නොදැනුනාට පස්සේ ඕක දැනෙන වෙලාවල් තියනවා. ඔයා කියලා තියන දේවල් ඇත්ත තමයි... ඒත් ඉස්කෝලේ, කැම්පස් එක, ගම, රට වගේ දේවලට මිනිස්සු හිතෙන් බැඳෙනවානේ... වෙනස් වෙන වර්තමානෙ ජීවත් උනත්, වෙනස්වෙන්නෙ නැති අතීතයට පොඩ්ඩක් එබෙන්න හිතෙන එක, ඒ මතක ඇතුලේ තියන හැඟීම් ආයේ විඳින්න උත්සහකරන එක නම් මට නතර කරන්න අමාරුයි. කාටවත් ප්‍රයෝජනයක් නෑ තමා... ඒත් ඉතින්... කෝක වෙතත් මෙන්න මේකට නම් මම කැමතියි.

    //ඒත් කිසි දෙයක් අල්ල නොගත්තම.. තමන් වෙනුවෙන් ඉතිරි වෙන පුංචිම දේටත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්...//

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට එහෙම වෙන්නත් පුළුවන් ඒත් කිසි දෙයක් අල්ල නොගත්තම.. තමන් වෙනුවෙන් ඉතිරි වෙන පුංචිම දේටත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්.

      Delete
  12. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete