Monday, December 31, 2012

මම ඔබට සුබ පතන්නේ නෑ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන්

''අලුත්'' කියන වචනේ හිතට ගේන්නේ අමුතුම හැගීමක්... ඒක හරියට හීන් බලාපොරොත්තුවක් , සතුටක් වගේ දෙයක්.......
ඉතින් අද උදේ ඉදන් ඇහෙන වචන කීපයක්...
සුබ "අලුත්" අවුරුද්දක් වේවා!!!
අලුත් කියන වචනෙට මිනිස්සු හරි ආසයි.........
ඉතින් හැමදෙයක්ම අලුතින් පටන් ගන්න සූදානම්......
ඒත් මම ඔබට සුබ පතන්නේ නෑ  කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන්...
ඒ වෙනුවට මම පුංචි දෙයක් කියන්නම්....

මේ අලුත් අවුරුද්දේ අලුත් දෙයක් පටන් ගන්න කලින් මතක් කරන්න පරණ අවුරුද්දේ කරන්න බැරිව අතරමග අතෑරලා දාපු දේවල් ගැන... නරකද ආයෙමත් අතරමග නතර කරපු දේ අවසානයක් වෙනකන් මේ අවුරුද්දේ ඇදගෙන ගියොත්!!!!!

අපි කොච්චර කිව්වත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන අවුරුද්දක් ගැන... ඔබට මතකද ඒ වගේ අවුරුද්දක් පහු වුනා කියලා මේ ජීවිත කාලෙදිම? නෑ ඒක එහෙම වෙන්නේ නෑ .... ජීවිතේ එකතු වෙන සතුටට වඩා දශමෙකින් හරි වැඩිපුර අපිට දුක් විදින්න වෙනවා... අන්න ඒ දුක විදින්න (විදවන්න නෙමෙයි) ඔබේ හිතට හයියක් එකතු කරගන්න..

මේ අවුරුද්දෙත් ඔබේ ජීවිතේට ගොඩක් අය ඇවිදන් ඒවී... ඒත් කාටද කියන්න පුළුවන් ඒ අය ආයෙමත් ඔබේ ජීවිතෙන් පිටතට ‍නොයයි කියලා... ඒ යන අය දිහා බලලා හූල්ලන්න නෙමෙයි... ඔය හිතේ නවතින්න බලන් ඉන්න අය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් හිතක් හදා ගන්න...

ජීවි‍තේට ලැබෙන්නේ හොද දේවල් විතරක් නෙමෙයි.. නරක දේවලුත් ලැබෙනවා... ඒ දේවල් වෙන් කරලා හදුන ගන්න පුළුවන් විදිහෙ නිරවුල් මනසක් හදා ගන්න...

මේ ලෝකේ රැවටිලිකාරයෝ බොහෝමයි... කොච්චර නැ කිව්වත් අපි රැවටෙනවමයි... අඩුම තරමින් ඒ එක්කෙනෙකුගෙන් හරි බේරිලා ඉන්න උත්සහ කරන්න...

මේ ජීවිතේ හරිම කෙටියි.... අපි අරන් යන දේ ගැන නෙමෙයි අපිට දීලා යන්න පුළුවන් දේ ගැන හිතන්න පටන් ගන්න...

අවුරුද්ද අවසානයේ ආපහු හැරිලා බලද්දි සතුටින් ලොකූ හුස්මක් ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න...

ඉතින් මේ හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!



31 comments:

  1. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  2. ඇත්ත මේ යන විදියට එහෙම සුභ පතන්න නම් බැහැ තමයි. ඒත් ඔබට වාසනාවන්ත වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් වාසනාවන්ත නව වසරක් වේවා

      Delete
  3. ඔයාටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  4. අවුරුද්ද අවසානයේ ආපහු හැරිලා බලද්දි සතුටින් ලොකූ හුස්මක් ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන එක ලේසි වැඩක් නම් නෙමේ . . ඒත් වෛරය, ක්‍රෝධය මානය ඉවත දාලා සහෝදරත්වයෙන් සාමයෙන් විස්වාසයෙන් අලුත් අවුරුද්දට මුහුන දෙන්න හිතාගෙන ඒ විදිහට වැඩ කලොත් නම් ඒක අමාරු වැඩක් වෙන එකකුත් නෑ . .

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා ඒක ලේසි වැඩක් නෙමෙයි.. සමහර විට කොහොමවත් කරන්න බැරි වෙයි... ඒත් මම කැමති ඒ වෙනුවෙන් පුංචි උත්සහයක් හරි ගන්න

      Delete
  5. අළුත් අවුරුද්ද වෙනුවෙන් ලියවුන හොඳම ලිපිය... තෑන්ක්ස් අවවාච වලට...

    ReplyDelete
    Replies
    1. උත්සහ කරලා බලන්න සතුටින් පිරුනු අවුරුද්දක් ලැබේවී

      Delete
  6. සියළු ප්‍රාර්ථනා ඩටුවන සුබ අළුත් අවුරුද්ධක් වේවා !

    ReplyDelete
  7. හිතන්නට දෙයක් මතක් කරදෙන පැතුමක්...
    ඔබටත් නිදුක් නිරෝගි සුවය නොඅඩුව ලැබෙන නව වසරක් පතමි..

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  9. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  10. නංගිට නිදුක් නිරෝගී සුවය සහිත සුබ නව වසරක් වේවා !
    ඒ වගේම අවසාන විභාගයත් හොඳින් කරගන්න වරම් ලැබේවා

    ReplyDelete
    Replies
    1. අයියගේ ප්‍රාර්ථනාවට ගොඩාරියක් ස්තුතියි....
      ඒ වගේම ඔයාටත් සුබ නව වසරක් වේවා

      Delete
  11. මමනම් කලිනුත් හෙණ ගහන්න විශ් කළා මහිතේ
    ඇති නේද?

    ReplyDelete
  12. සාමය සතුට සැනසුම සපිරුණු සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  13. ජීවිතේ සියලු දේම සමසිත්ව දරාගැනීමට හැකි ධෛර්යවන්ත නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

      Delete
  14. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  15. දුක් කම්කටොලු බාධක අඩු, ජීවිතේට තමන්ගේ හිතම ශක්තියක් වෙන සුබ අනාගතයක් වේවා නංගිට...

    ReplyDelete
  16. සොඳුරු සිත්,අකීකරු හිත්,හිතුවක්කාර හිත්,හුදෙකලා හිත්...එක එක ජාතියේ හිත් ගොඩයි...හැබැයි පුදුමේ කියන්නේ ඒ ඔක්කොමේ හිත් කෙල්ලොන්ගේ...

    ReplyDelete
  17. ada convercation ekedi kattiya athpudi gahanakota mokada hithune oyata?

    ReplyDelete
  18. math ee lagamai hitiye...man subapathanawa...be a useful person

    ReplyDelete