එපමණකි කල හැක්කේ
කටු පොකුරු දැක දැකම
මල් පොකුරු සිඹින නුඹ
කටු ඇනී හඩන විට
බලා ඉන්නේ කොහොම මම....
නුඹෙ කදුළු විෂ පෙවූ
ඊ හිසක් විලස
මගේ හදවත පාරවයි නම්
දරා ගන්නේ කොහොම මම..
නොදන්නා කමට නොව
දැන දැනම ඇද වැටෙන නුඹ
අතැර මග හැර දමා
දිව යන්නේ කොහොම මම
සුමුදු මල් පෙති යටින්
රුදුරු විස කටු ඇතැයි
පුන පුනා කී නමුදු
රිදව ගත් බොළද හිත
තවත් රිදවන්නේ කොහොම
හඩන්නට කදුළැල් නැතත්
අසන්නට සවන් ඇති
ඉදින් කිය කියා හඩනු නුඹ
හිස තියා මේ උරහිස් මතම...
එපමණකි කල හැක්කේ
නුඹ වෙනුවෙන් මෙමට
සමාවෙනු සබද මට..
නුඹ නමින් කදුළු නැත තවත්
මේ නෙත් මත රැදුන...
ලස්සන අදහසක් තියෙන පද පේලි ටිකක්....
ReplyDeleteස්තුතියි අයියා
Deleteඅපූරු කවි පංතියක් !!
ReplyDeleteස්තුතියි අයියටත්...
Deleteසුන්දර කවි කීපයක් සහෝදරී
ReplyDeleteමල්ලිත් මේ පැත්තේ ඇවිත්... ස්තුතියි මල්ලියේ.
Deleteහරිම හැඟීම්බර පද ටිකක්...හිතට දැනුනා...
ReplyDeleteහිතුනා.. ලිව්වා... ස්තුතියි අක්කා මේ පැත්තේ ආවට..
Delete"හඩන්නට කදුළැල් නැතත්
ReplyDeleteඅසන්නට සවන් ඇති
ඉදින් කිය කියා හඩනු නුඹ
හිස තියා මේ උරහිස් මතම..."
සිතුවිල්ලක අර්ථවත් පද ලස්සනට ගැලපුමක්.. :)
මේ පැත්තට අලුත් වගේ... ස්තුතියි ඔයාටත්..
Deleteහ්ම්.... අඩන කෙනෙක්ට සැනසෙන්න හොදම තැන.
ReplyDeleteඒක නම් ඇත්ත අක්කා..
Deleteසුදු නංගිගේ කවියක් දැක්කේ කාලෙකින්..ලස්සනයි නංගා.
ReplyDeleteඅක්කත් කාලෙකින්..
Deleteහඬන සිත් බොලඳ යැයි
Deleteකී නමුත් ලෝකයා
හැඬූ පසු ඒ සිතෙහි
දුකක් නැත සැඟවිලා
නොහැඬෙනා නොතැවෙනා දුක සිතෙහි තද වෙනා
දුක පැසවනා කලට හඬාවත් සිත් නිවා ගන්නට
නොහැකිවනු ඇත මන්ද ඒ....
හඬන්නට නොදැනෙන නිසා
එඊ අතින් ඔයා ගොඩ