Saturday, December 31, 2011

සිනාසෙමු අපි හදවතින් අද

පිපෙන මල් වල පාට අරගෙන
සිතුවමක් ඇද
නුඹේ හිත මත
ගයනු මැන ගී තුටින් හැම කල....

රිදුනු හිත් සැම තුටින් හිනහෙන
දුකින් තොරවු සැපෙන් ඉතිරෙන
හෙටක් වෙනුවෙන් නැගෙන හිරු ලග
සිනාසෙමු අපි හදවතින් අද
මේ ලැබු  නව වසර සියලුම දෙනාට සුබම සුබ වේවා!!!!!

8 comments:

  1. ලැබුවාවු නව වසර නංගිටත් නංගිලෑ පවුලේ සියළුම දෙනාටත් සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා !!

    නංගි ලස්සන කවියක් ලියලා තියෙන්නේ. මම් දෙපාරක්ම කියෙව්වා.

    ReplyDelete
  2. ''වේවා ඔබට ත් ..
    සුබ අවුරුද්ද ක් ..''

    ReplyDelete
  3. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  4. ඔබටත් එසේම වේවා කියා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  5. සුභ අළුත් අවුරුද්දක් වේවා නගේ...

    ReplyDelete
  6. //හෙටක් වෙනුවෙන් නැගෙන හිරු ලග
    සිනාසෙමු අපි හදවතින් අද//

    හදවතින්ම හිනා වෙන්න පුළුවන් නම් හරියට වටිනවා.. ලස්සනයි කවිය..

    ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්..

    ReplyDelete
  7. අකීකරු හිතටත් සුබ අලුත් අවුරුද්දක්....

    ReplyDelete
  8. ඔයාටත් සතුට පිරුනු සුභම සුභ අළුත් අවුරුද්දකට මම සුභ පතනවා...

    ReplyDelete