Saturday, January 14, 2012

එපමණකි කල හැක්කේ

කටු පොකුරු දැක දැකම
මල් පොකුරු සිඹින නුඹ
කටු ඇනී හඩන විට
බලා ඉන්නේ කොහොම මම....

නුඹෙ කදුළු විෂ පෙවූ
ඊ හිසක් විලස
මගේ හදවත පාරවයි නම්
දරා ගන්නේ කොහොම මම..

නොදන්නා කමට නොව
දැන දැනම ඇද වැටෙන නුඹ
අතැර මග හැර දමා
දිව යන්නේ කොහොම මම

සුමුදු මල් පෙති යටින්
රුදුරු විස කටු ඇතැයි
පුන පුනා කී නමුදු
රිදව ගත් බොළද හිත
තවත් රිදවන්නේ කොහොම

හඩන්නට කදුළැල් නැතත්
අසන්නට සවන් ඇති
ඉදින් කිය කියා හඩනු නුඹ
හිස තියා මේ උරහිස් මතම...

එපමණකි කල හැක්කේ
නුඹ වෙනුවෙන් මෙමට
සමාවෙනු සබද මට..
නුඹ නමින් කදුළු නැත තවත්
මේ නෙත් මත රැදුන...

15 comments:

  1. ලස්සන අදහසක් තියෙන පද පේලි ටිකක්....

    ReplyDelete
  2. අපූරු කවි පංතියක් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියටත්...

      Delete
  3. සුන්දර කවි කීපයක් සහෝදරී

    ReplyDelete
    Replies
    1. මල්ලිත් මේ පැත්තේ ඇවිත්... ස්තුතියි මල්ලියේ.

      Delete
  4. හරිම හැඟීම්බර පද ටිකක්...හිතට දැනුනා...

    ReplyDelete
    Replies
    1. හිතුනා.. ලිව්වා... ස්තුතියි අක්කා මේ පැත්තේ ආවට..

      Delete
  5. "හඩන්නට කදුළැල් නැතත්
    අසන්නට සවන් ඇති
    ඉදින් කිය කියා හඩනු නුඹ
    හිස තියා මේ උරහිස් මතම..."

    සිතුවිල්ලක අර්ථවත් පද ලස්සනට ගැලපුමක්.. :)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට අලුත් වගේ... ස්තුතියි ඔයාටත්..

      Delete
  6. හ්ම්.... අඩන කෙනෙක්ට සැනසෙන්න හොදම තැන.

    ReplyDelete
  7. සුදු නංගිගේ කවියක් දැක්කේ කාලෙකින්..ලස්සනයි නංගා.

    ReplyDelete
    Replies
    1. අක්කත් කාලෙකින්..

      Delete
    2. හඬන සිත් බොලඳ යැයි
      කී නමුත් ලෝකයා
      හැඬූ පසු ඒ සිතෙහි
      දුකක් නැත සැඟවිලා
      නොහැඬෙනා නොතැවෙනා දුක සිතෙහි තද වෙනා
      දුක පැසවනා කලට හඬාවත් සිත් නිවා ගන්නට
      නොහැකිවනු ඇත මන්ද ඒ....
      හඬන්නට නොදැනෙන නිසා

      එඊ අතින් ඔයා ගොඩ

      Delete