Monday, June 20, 2011

තරු එළියෙන් පාර අහන් - මම ආවා නුඹ ගාවට

කෙටි නිවාඩුවකට පස්සේ ඔන්න ආයෙමත් මේ පැත්තේ ආවා...ආවට මොකද අප්පේ.... හරි කම්මැලි කමක් වගේ එකක් දැනෙනවා.. මේ ටිකේම ගෙදර නිසා කම්මැලිකම උතුරනවා... ඔන්න හා හා පුරා කියලා ආව හැටියෙම මම ස්තුති කොරන්ට ඕන පහුගිය ටිකේ මේ පැත්තට නාවත් මම උන්නද මළාද කියලා හොයලා බලපු හැමෝටම..(විශේෂයෙන් ගෝල්ඩ් ෆිෂ් අයියන්ඩිට)
ඉතින් අකීකරු හිත පහුගිය ටිකේ පොඩි පොඩි අවුල් ගොඩක පැටලිලානේ හිටියේ..දෙයියන්ගේ පිහිටෙන් දැං ඒවා ඔක්කොම හරි...ආයෙමත් සුපුරුදු පරිදි පරණ විදිහටම ඉන්නවා...කන් දෙක රිදෙනකන් සින්දු අහලා...ඇස් රිදෙනකන් පොත් කියවලා...අම්මගෙන් බැනුම් අහනකම්ම ෆිල්ම් බලලා ආයෙමත් පරණ නිදහස් තැනටම මේ හිත ගෙනියන්න පුළුවන් වුනා..සත්තකින්ම දැං හිත හරි නිදහස්...මම දන්නේ නැ ඒ කොයි තරම් කාලෙකටද කියලා...ඒ වුනත් දැනෙන වේදනාව අමතක කරන්නත්..පරණ කුණු ගොඩවල් හිතෙන් අයින් කරගන්නත් පුළුවන් වුන එක ගැන සතුටුයි....
සද පළුවේ මම ඉදගෙන 
තරු ගැන්නා හනි හනිකට
තරු මුව මත රැදුනු හිනා
එළිය කලා මුළු ලෝකෙම...

තරු එළියෙන් පාර අහන්
මම ආවා නුඹ ගාවට
දෙනවද ඔය සිනා බිදක් 
ආසයි මම සිනා වෙන්න..




17 comments:

  1. ඒක තමයි. හුග දවසකට පස්සේ හරි ආවනේ දැන් එහෙනම් බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩලා වැඩ පටන් ගම්මු. ලියන්න ගන්න එහෙනම්.

    ප.ලි.- කවදත් ගෑනු ළමයි ගැන හොයලා බලන ගෝල්ඩ් ෆිශ් අයියට ගොඩක් ස්තුතියි නංගි ගැන හොයලා බැලුවට.

    ReplyDelete
  2. කවිය නම් සුපිරි. හිත හෙලවුණා. ඇත්තමයි.

    ReplyDelete
  3. ගෝල්ඩ් ‍ෆිශ් අයියා හරියට නංගිලා ගැන හොයනවනෙ :P :P ලස්සනම ලස්සන කවියක් අක්කියො

    ReplyDelete
  4. දැන් ඉතින් ලියන්න පටන් ගන්න.. හිතේ තියෙන බර ගති සේරම ඇරිල යයි එතකොට.

    ReplyDelete
  5. ආයෙත් වෙනදා වගේම ලියන්න... ඒත් බැලුවා මොකද පහුගිය ටිකේ හිටියේ නැත්තේ කියලා..

    ReplyDelete
  6. සතුටුයි නගේ.......... එල එල වැඩ ටික කර ගෙන යමු ඉස්සර වගෙම ... :)))

    ReplyDelete
  7. එහෙමනම් ආපහු පටන් ගමු. ආයෙමත් ලියන්න එදා වගේම .

    වෙල්කම් බැක්

    ReplyDelete
  8. හා හා ලියමු ලියමු ඔන්න මල්ලිත් ආව ආයෙමත් බ්ලොග් කෙරුවාවට ..මේ පාරනම් මග නවත්තන්නෙ නෑ.. හිත සැහැල්ලු වෙනකල් ලියමු

    ReplyDelete
  9. ඔයා ආපහු ආපු එකට ගොඩක් සතුටුයි...

    ReplyDelete
  10. මේ ඇවිල්ල ඉන්නෙ එහෙනම් ආයම ලියන්න පටන් ගන්නකො

    ReplyDelete
  11. @ඇනෝ - ස්තුතියි යාළුවා
    @මධුරංග- ඔන්න පටන් ගත්තා ලියන්න..
    @පිණිබිඳු-ස්තුතියි..ඒත් හිත හෙල්ලුනේ ඇයිද කියලයි මම මේ කල්පනා කරන්නේ
    @කඩේ හාමිනේ -හේ හේ...ස්තුතියි ඹයාට මේ පැත්තට ආවට
    @Hishan Melanga,සිරි කොලුවා ,හිස් අහස - දිගටම ලියන්න තමයි හිතන් ඉන්නේ....ඒත් ඉතින් මොනා වෙයිද කියලා දන්නැ
    @මිස්ටර් අන්ද මන්ද-ස්තුතියි මේ පැත්තට ආවට
    @තාරා-ස්තුතියි යාළු
    @නදී-ලියමු ලියමු
    @

    ReplyDelete
  12. ආවු කෙල්ලගේ හිනාව....

    ReplyDelete
  13. හොඳ විවේකයක් අරගෙන වගෙයි. එහෙනම් ආයෙත් ලියමු. ජය!

    ReplyDelete
  14. මම නම් මේ පැත්තේ පළමු වතාවට ආවේ...
    කවිය ගොඩක් ලස්සනයි!
    දැන් විදින හිතේ නිදහස හැමදාම තියෙන්න කියලා දඩබ්බරි ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  15. මමත් බැලුවා මොකද නැත්තේ කියලා.....

    ReplyDelete
  16. ආ... මේ ඉන්නේ ආපහු... හරි දැන් ආයිමත් වැඩට බහින්න.. ජය වේවා

    ReplyDelete