Wednesday, May 25, 2011

ටික දිනකට සමු ගන්නම්..

                              අකීකරු හිතට ටිකක් වෙහෙසයි දැන්. ඒ නිසා පොඩි විවේකයක් ගන්න හිතුවා..ටික කාලෙකට බ්ලොග් අවකාශයෙන් ඈත් වෙන්න හිතුවෙ ඒ නිසායි.. ටික කාලයක් නැවතිලා තිබුනු වෛද්‍යෙ ප්‍රතිකාර ආයෙමත් ආරම්භ වුනාට පස්සේ මගේ සාමාන්‍ය දින චර්යාව ටිකක් වෙනස් වුනා..වැඩිපුර නිදාගන්නයි..කිසිම දෙයක් නොකර ඔහේ බලා ඉන්නයි තමයි දැන් කැමැත්ත. ඒකට හේතුව දැනෙන අධික වේදනාව..ඇටමිදුළු පසාරු කරගෙන යන තරම් වේදනාවකුත් එක්ක තවදුරටත් කීබෝඩ් එක උඩ අත් ගෙනියන්න කම්මැලියි.ඒ අස්සෙ එහෙන් මෙහෙන් සිද්ද වෙන දේවල් එක්ක හැප්පෙන්න හිත හයිය කරන් ඉන්න ටිකක් විතර අමාරුයි. ඒත් මම මෙතනින් යන්නේ මට උවමනා නිසා මිසක් කාටවත් උවමනා නිසා නෙමෙයි.
               මේ වේදනාවට හුරු වෙන්න මට ටික කාලයක් ඕන..ඒ කාලය අතරතුරදි මගේ යාළුවන්ට මාව අමතක නොවේවි කියලා හිතනවා.ඉක්මනටම ආයෙත් එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්..

20 comments:

  1. oyata thunuruwange saranay, mama kalin comments nodammata oyage lipi kiyawala thiyenawa, oyage hithe shakthiya thawa thawath wadi wewa. Neerogi wewa!!!!!!

    ReplyDelete
  2. එහෙනම් ඉක්මනට එන්න හරිය....අර මාලුවා මෙතන දෙවනත් කරාවි දැන් ඇවිල්ලා..

    ReplyDelete
  3. සනිපවෙලා ඉක්මනට එන්න යාළු. අපි බලන් ඉන්නවා

    ReplyDelete
  4. කමක් නැහැ ගිහිං ඉක්මනට එන්න ........
    අපි බලං ඉන්නවා එනකං .........
    හැම දෙයක්ම හරි යයි ......
    බය නැතුව ඉන්න .....
    බුදු සරණයි නංගියාට ......

    ReplyDelete
  5. ඉක්මනට එන්න අකීකරු නොවී. මග බලාගෙන ඉන්නේ කියවන්න. ඒ උනාට අකිකරු හිතට යන්න දෙන්නේ අසනීප නිසා මිසක් කලින් පෝස්ට් එකේ තිබ්බ හිත් වේදනාව නිසා නම් නෙමෙයි.

    මොන ගැරහිලි ආවත් ලියන එක අත අරින්න එපා. එතකොට අපි ඒ ගරහපු අය නිසා කඩා වැටිලා වෙනවා.

    ඉක්මනට හොදවෙලා එන්න !!!!!!

    ReplyDelete
  6. විවේකයක් අරගෙන ආයෙමත් අක්කේ එන්න අපි බලං ඉන්නවා ..

    එහෙමනම් තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !

    ReplyDelete
  7. ඉක්මනින් සුව වී නැවත ලියන්න එන්න ලැබේවා කියා පතනවා..
    තෙරුවන් සරණයි..!!!

    ReplyDelete
  8. අපිට අක්කව අමතක වෙන්නේ නෑ.. ඉක්මනට එන්න.. අක්කට ඉක්මනට හොද වේවි.. අක්කට බුදු සරණයි..

    ReplyDelete
  9. අනේ මංදා නංගෝ... උඹටනම් පිස්සු

    ReplyDelete
  10. ප්‍රතිකාර සදහා විවේක ගැනීම අවශ්‍යනම් එහෙම කරන්නම ඕනනෙ. හැකි වෙලාවලට ඇවිත් විස්තර කියලා යන්න. සියළු දේ යහපත් ලෙසින් සිදු වේවායි පතනවා. නංගිට බුදු සරණයි.

    ReplyDelete
  11. ඔයා ඉක්මනට සනීප වෙලා ආපහු එන්න අක්කේ...

    ReplyDelete
  12. ඉක්මනට සනීප වෙලා ආපහු එන්න සහෝදරී.

    ReplyDelete
  13. අනේ මන්දා...අපි අමාරුවෙන් පාර හොයාගන මෙතනට එනකොටම මෙයා කඩේ වහලා යන්න හදනවා...මේ වගේ යාලුවො ටිකක් එක්ක පුලුවන් විදියට රැඳිලා ඉන්නව නම් ඒක ඔයාට මානසික සහනයක් කියලයි මට නම් හිතෙන්නෙ...කොමෙන්ට් එකට උත්තර දෙන්න මහන්සි වෙන්න එපා...ඒ ටිකෙන් තව අකුරක් හරි බ්ලොග් එකට එකතු කරන්න

    ReplyDelete
  14. ඉක්මනින් සර්වප්‍රකාරයෙන් සුව වේවා කියලා පතන්නම් . .

    ReplyDelete
  15. ane ikmanata enna..................


    shashi....

    ReplyDelete
  16. බුදු සරනයි කෙල්ලේ......
    විවේක අරගෙන ඉක්මනට එන්න.......
    අපි බලන් ඉන්නවා මචන්

    ReplyDelete
  17. ඉක්මනට හොඳ වෙලා එන්න!!

    ReplyDelete
  18. හොඳයි, විවේක අරන් ආපහු එන්න.
    ඔබට ඉක්මන් නිරෝගී සුවය පතමි!

    ReplyDelete
  19. සුදු නංගිට ඉක්මන් සුව ප්‍රාර්තනා කරණවා..

    ReplyDelete