මුළු අහසම කළුවර වෙලා...අඩලා අඩල අන්තිමට අඩා ගන්නවත් පණ නැතිව හුල්ලන කෙනෙක් වගේ අහස අතරින් පතර කදුළු කැට හෙලනව...අහස අඩනකොට බලන් ඉන්න ආසා හිතෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නැ...තමන්ගේ කදුළු පිරිච්ච ඇස් දෙක මිදුම් සළුවෙන් වහගෙන අඩද්දි උහුල ගන්න බැරි තරම් බර කදුළු කැට හීන් සිරුවේ මගේ අත උඩට වැටුනා....
සති අන්තයේ ගෙදර යන්න අම්මත් එක්ක පිටත් වෙලා, අම්මා බඩු වගයක් ගන්න ගිය අතරේ වාහනේ ජනේලයෙන් එළියට අතත් දාගෙන මම අහසින් වැටෙන කදුළු එකතු කලා... ඒ අතරේ පාරේ අනෙක් කෙලවරේ හුරු පුරුදු මුහුණක් මතු වෙද්දි..මගේ අතේ එකතු කල කදුළු ඇස් දෙකට උනනවා වගේ දැනුනා...ඒ මුහුණ මගහැරලා මම ඉක්මනට අනෙක් පැත්ත බලා ගත්තේ එයා මාව දකීවි කියන බයට..ඒත් අවාසනාවකට ඒ ඇස් වලින් හැංගෙන්න බැරි වුනා..මුලින්ම මම ලගට ආපු ඇය කතා කලා...
කොහොමද නංගි මාව මතකද ඔයාට...ඔයා ගෙදර යනවද...
තෙමුනු මගේ අතින් අල්ලන ගමන් එයා එහෙම ඇහුවා.. අහපු දේට උත්තර දෙන්න කලියෙන් මගේ ඇස් නැවතුනේ ඇගේ අත ලග..ඇගේ සුරතේ පුංචි රන් මුදුවක් ලස්සනට දිලිසුනා..ඒත් ඒ දිස්නේ මේ ඇස් නිලංකාර කරන්න තරම් ආඩම්බරෙන් දිලිසෙද්දි මට ඇතිවුනේ මං ගැනම දුකක්...
ඔව් අක්කා ගෙදර යනවා... ඔයා කොහෙද මෙහේ?....
අපි වෙඩින් එකෙන් පස්සේ නුවර පොඩ්ඩක් ඇවිදින්න ආවා නංගා... ඇයි ඔයා වෙඩින් එකට ආවේ නැත්තේ.. අයිය කිවා ඔයා එයි කියලා...
මම.... හොස්පිටල් ගියා...ටෙස්ට් එකේ රිපෝට් ටික ගන්න එන්න කියලා තිබුනා...
මොනාද ඩොක්ට කිවේ??
එයා කිවා බෙහෙත් දෙන්න පුළුවන් කියලා...ඊට පස්සේ ඔපරේෂන් කිපයක් කලාම ඇවිදින්න පුළුවන් වෙවි කියලා...මම ඔහේ කියවගෙන ගියා...
ෂා... හොදයිනේ..අයියා දැන ගත්තම සතුටු හිතෙයි....
එයා එහෙම කියද්දි මට හිනා ගියා...සමහර විට එයාට දැනෙන්න ඇති ඒ හිනාව ඇතුලේ තිබුනේ කේන්තියක් කියලා..එයා ඔහේ කියව කියව ඉද්දි මම උන්නේ අම්මට හිතෙන් බැන බැන..ඒ අතරේ ආයෙමත් කවදාවත් මුණනොගැහෙයි කියලා හිතපු කෙනත් මං ලගට ඇවිත් නතර වුනාම කියන්න කිසිම දෙයක් තිබුනෙ නැ..ඒ අස්සේ ඇය ඔහුට මම කියපු දේවල් කියද්දි..
මේ ඇත්තද චුටි??
මම කලේ ඔළුව වනපු එක..
මට සතුටුයි චුටි ගොඩාක්...ඔයාට ඕනම උදව්වක් ඉල්ලන්න... පුළුවන් හැම දෙයක්ම අපි කරන්නම්....
“අපි... ඒ වචනේ හිත ඇතුලටම කා වැදුනා... මට ඕන වුනේ මගේ පාඩුවේ ඉන්න දිලා මෙතනින් යන්න කියන්න..ඒත් කියවුනේ එහෙම විශේෂ දෙයක් නැ... ඕන වුනොත් කියන්නම් කියලා....
මෙච්චර වෙලා හුල්ලපු අහස මහ හයියෙන් අඩන්න පටන් ගද්දි වැහි කදුළු වලට ඒ දෙන්නා තෙමෙන්න පටන් ගත්තා..ඒ නිසාම ඉක්මනට සමු දෙන්න පුළුවන් වුනා... වැස්සෙ තෙමිගෙන යන ඔවුන් දකිද්දි මට හිතුනේ මෙච්චරයි “හොද හැටි තෙමියං.. ඒක මහ නපුරු අදහසක් තමයි..ඒත් ඒ අදහසට පුළුවන් වුනා මගේ කදුළු නවත්තන්න...
ඔය හැඟීම මම විඳලා තියෙනවා. උඹට හොඳනම් මට මොකද කියලා හිත හදාගන්න සහෝදරී.
ReplyDelete@පිණිබිඳු- ඒක ඇත්ත ..ඒ වෙලාවේ දුක හිතුනට දැන් නම් හිතෙන්නෙ එහෙම තමයි
ReplyDeleteහ්ම්ම්ම්...
ReplyDeleteනංගි දේකට යන්න අරින එක ලේසි නැහැ..ඒත් ඊටත් වඩා අමාරු යන්න ඇරලා හිත හදා ගන්න එක..
හැබැයි ඒ දේ නොකර බැරි කමට නෙවෙයි හිතේ සංතෝසෙන්ම කරන්න පුළුන්නං තමා ඒකේ වටිනාකම වැඩි...
පිනට දුන්න දේ ගැන අපි ලෝභ හිතන්නේ නැහැනේ නංගියේ...
අල්ලලා දාන්න..ඒ වගේම එයාලා ඔයත් එක්ක කතා කරන්න එනවට සතුටක් උපදවා ගන්න තරමට හිත ලස්සන කරගන්න බලන්න...
අර වචනයක් තියෙන්නේ සංකීර්ණයි කියලා... අන්න ඒ වගේ මේ වෙලාවත්....
ReplyDeleteඒත් ඒ දෙන්න වැස්සට ආසා නම්... ඔයාගේ නපුරු සිතුවිල්ල එයාලට ආශිර්වාදයක් වෙනවා....
@ මාරේ අයියා-ඒ වෙලාවේ ඔච්චර උපේක්ෂාවෙන් බලන්න තරම් ලස්සන හිතක් මට තිබුනේ නැනේ...
ReplyDelete@ ගෝල්ඩ් ෆිෂ්- ඒකත් ඇත්ත
අපි කොච්චර හිතුවත් අපි සමහර මතකයන් අමතක කලයි කියලාඒ දේ බොරුයි කියලා දැනෙන්නේ ඒ පරණ මුහුණු අපි ලගට එනකොට මැවෙන මතක චායා දැක්කම.. ඇත්තටම හිත අකීකරුයි..
ReplyDeleteහැමදාම කවුරැ මොන දේ කොහොම කොයි විදියට කිව්වත්.අපි ආදරේ නිසා ගොඩක් අසරණ වෙනවා...
ReplyDeleteඅනේ මන්දා අලෝ මොනා කියන්නද කියලා....
ReplyDeleteසතුට..... දුක......වැස්ස ......!!!
ReplyDeleteමේ ඔක්කොම එක වගෙයි
එනවා යනවා !!
මුහුණ දෙන එක තමයි අපිට අයිති දේ .
දුක යටපත් කර ගන්න ඔය වගෙ චුට්ටක් තරහ ගත්තටත් වරදක් නැ මයෙ හිතෙ..... :))
ReplyDeleteආදරය බලෙන් ලබා ගන්න බැහැ නේද නංගී, මොනා කරන්නද , යන්න හදන දේවල්වලට යන්න දෙන්න, බලෙන් අල්ලන් හිටියට වැඩක් නැහැ,මොකද එහෙම ආදරයක් වැඩකුත් නැහැ, අපිට හිමි දෙයක් නම් ඒක අනිවාර්යෙන්ම අපිට ලැබෙනවාමයි,
ReplyDeleteමම පළමු වතාවට තමයි ඔයාගෙ මේ Blog එකට comment එකක් දාන්නෙ, ඔයා ගැන හරිම ආඩම්බරයි මට,