Sunday, May 8, 2011

අකීකරු හිතගේ නිල රථය

ජංජාලේ පුරා ඔහෙ කැරකි කැරකි ඉද්දි හිතුනා අද මොනා හරි ලියලා දන්න ඕන කියලා...ඒත් ලියන්ට දෙයක්මතක් වුනේම නැ...අන්තිමට මම තිරණය කොලා මගේ අතිජාත මිත්‍රයා එහෙමත් නැත්තං හෙවනැල්ලටත් වඩා මගේ ලගින් ඉන්න මගේ රෝද පුටු රාජයා ගැන කියන්ට...මම දැං පාවිච්චි කොරන්නේ ඔය පිංතුරේ තියෙන විදිහෙ එකක්. අත කඩා ගත්තට පස්සේ අතින් තල්ලු කරන එක අමාරු වුන නිසා තමයි මේකට බැස්සෙ...
 ඇත්තටම ගස් ගල් ගානේ දුව දුව ඉදලා එකපාරට අසනිප  වුනාම හිතා ගන්න බැරි වුනා මොනා කරන්නද කියලා.අවුරුදු 10ක් 12ක් කියන්නේ මම හිතන විදිහට උපරිම නැටිල්ලක් නටන කාලේ.ඒ කාලෙදිමයි මට මේකක උපකාර ගන්න වුනේ.මුලින්ම රෝද පුටුවක ඉද ගනිද්දි හිතුනෙ නැ ජිවිතේ පුරාම මේ විදිහට ඉන්න වෙයි කියලා..ඒත් අන්තිමට මේ ජිවිතේට හුරු වුනා... මම මුලින්ම පාවිච්චි කලේ පුංචි ලී පුටුවක්.ඒකට රෝද හයි කරලා.. හරියට පුංචි කරත්තයක් වගේ..ටික කාලයක් ඉස්කෝලේ ගෙනිච්චෙත් ඒක.ඒත් එහෙදි යාළුවොත් එක්ක ඕක පදිද්දි ටිකක් අමාරු වුනා..මොකද මගේ ඉස්කෙලේ තිබුනේ තැනිතලා බිමක නෙමෙයි..ඒ වගේම මට හිටියේ ටිකක් විසේකාර යාළුවෝ ටිකක්..ඒයාලත් පුටු ඇන්දෙ  ඉදෙගන මාත් ඒක්ක රවුමක් යනවා. ඒ නිසාම  ඒක වැඩිකල් පාවිච්චි කලේ නැ.ඊළගට තමයි සාමාන්‍ය රෝද පුටුවක් ගත්තේ..ඉස්කෝලේ කාලේ පුරාවටම ගෙව්වෙ ඒකේ..අන්තිමට මේ පුටුව...
                    මේක ඉලෙක්ට්‍රොනික් එකක් වුන නිසාම ආයෙත් අත කඩා ගන්න වුනේ නැ. දැන් ඉතින් මේක තමයි හෙවනැල්ල වගේ මාත් එක්ක ඉන්නේ.උදේ 6 ඉදන් රැ 7-8 වෙනකන් පුටුව උඩ ගෙවන ජිවිතේ මුල් කාලේ අමාරු වුනත් දැන් නම් ගානක්වත් නැහැ..සාමාන්‍ය රෝද පුටුවකට වඩා මේක නිසා පහසුයි.මොකද පැය 4ක් 5ක් චාජ් කලාට පස්සේ දවස් තුනක් විතර යන්න පුළුවන්.ඒ වගේම තරමක් වේගයෙනුත් යන්න පුළුවන්...හදිස්සියකට ඒක ගොඩක් පහසුයි. විශේෂයෙන් මට මේකේ අගේ වැඩිපුර දැනුනේ කැම්පස් එකෙදි.කාගෙවත් උදව්වක් නැතිව මට තනිවම යන්න පුළුවන් නිසා තවත් කෙනෙකුට කරදර කරන්න වෙන අවස්ථා අඩුයි.ඒ වගේම හොස්ටල් එකේ ඉදලා කිලෝමිටරයක් විතර එන්න ඕන නිසා අත් දෙක කැඩෙනකල් තල්ලු කරන්නේ නැතිව ආවැකි...මම මේ රෝද පුටුව පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් දවස් වල මටත් වඩා ප්‍රශ්න තිබුනේ බලා ගෙන ඉන්න මිනිස්සුන්ට..ඇත්තටම ගමේ ජිවත් වෙන අපි වගේ අයට මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න ඇති.ඒක කොහොමද යන්නේ? මොනවගෙන්ද වැඩ කරන්නේ තව ප්‍රශ්න කෝටියයි..ටික දවසක් යද්දි එයාලටත් පුරුදු වුනා දැකලම...
                 මේ ගැන ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම තියෙන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි .අපේ අයියන්ඩිගේ පුංචි දෝණි...එයා නම් වැඩිපුර කැමති මේකේ කැලි ගලවන්න..හරි ඉක්මනට අතට පැනලා පුටුව එකම තැන කරකවන එක එයාගේ විනෝදාංශේ...අන්තිමට දෙන්නටම කැරකිල්ල හැදුනම තමයි නතර වෙන්නේ...එයාට මේ දේවල් හරි විනෝදයක් වුනත් මම පතන්නේ කවදාවත් කිසිම කෙනෙකුට රෝද පුටුවක් පාවිච්චි කරන්න වෙන්න එපා කියලා..මුළු දවසම රෝද පුටුව උඩ ගෙවන ජිවිතේ පිටට පේන තරම් ලේසි නැ.




22 comments:

  1. ජීවිතේ ඔහොම තමා මගෙත් ඉන්නවා ඔය වගේ අතිජාතයෙක්... දැං අවුරුදු 19ක් තිස්සේ මාත් එක්කමයි...

    ReplyDelete
  2. කියන්න දෙයක් හිතාගන්න බෑ නංගියේ....

    ReplyDelete
  3. ඇත්තටම ඔයගොල්ලෝන් වගේ අයව අදහන්න ඕනා. හැම දුක් කරදරයක්ම ඉවසගෙන ජිවිතයට මුන දෙන ඔයාලා ගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕන...

    ReplyDelete
  4. උත්සහයත් අධිෂ්ඨානයත් තියේනම් කරන්න බැරි දෙයක් නෑ සහෝදරි. ඉදිරියටම යන්න. මේ ලෝකේ හැම ලැබීමක්ම සදාකාලික නෑ. ඒ වගේම ප්‍රාතිහාර්යයන් තාමත් සිද්ද වෙනවා. තමන්ගැන විස්වාසෙ තියන් වැඩ කරන්න. සුභපැතුම්. :)

    ReplyDelete
  5. අනේ නංගියෝ ඔයාගේ හිතේ ශක්තිය ඇති ඔයාගේ ජීවිතේ ජයගන්න........ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙනවා ස්ථීරයි...

    ReplyDelete
  6. හ්ම්ම්...හරි ඒකත් දැක්කා..ඉතිං ඊ ළගට ඔයා අපිත් එක්ක කතා කරන්න උදව් කරගන්න කෙනා ගැනත් කියන්න.

    ReplyDelete
  7. නුඹ ගැලපූ වචන එකින් එක විත් සිත තුල වැදී මා සිත කම්පණයකල සඳ මට මතක් වූයේ ශාලිත වික්‍රමසිංහගේ ගීතයක කොටසක්....

    ඒත් අනේ නෑ නංගියේ නුඹගේ වත මල මැලවීලා
    දිරිගන් කඳුලු මකා, දිරිගන් කඳුලු මකා

    නැගණියනි නුඹේ දහිරියට මගෙන් මල් මිටක්.....!

    ReplyDelete
  8. මම කොහොමද අක්කේ ඔයාගේ හිත් හැදෙන්න යමක් කියන්නේ ? මේ මොහොතේ මට වචන නෑ ..

    ReplyDelete
  9. ඔයා සතුටෙන් නම් ඒ ඇති. බලන්න එපැයි මෙ‍යාගේ හිනාව. බ්ලොග් ලියන සහෝදර සමාගම ඔයත් එක්ක හරිය.

    ReplyDelete
  10. @ සෝරෝ - ම්... මම දන්නවා
    @prasanna86k - මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හිංදා ද?
    @මම - අදහන්න තරම් වටින කෙනෙක් නෙමෙයි මං
    @..ChAnDiKa.. -ස්තුතියි මේ පැත්තෙ ආවට
    @මලිති-ස්තුතියි ඔයාට
    @මාරයාගේ හෝරාව -ඔව් ඒකත් ලියමු
    @දුමී -මල් මිටට ස්තුතියි අයියේ. ඒවගේම මේ පැත්තට ආවටත් ස්තුතියි
    @හිස් අහස-හැදෙන්න තරම් හිතක් දැං මට නැ මල්ලියෝ...එ නිසා ඔයා කැමති ඕන දෙයක් කියන්න
    @Hishan Melanga-ස්තුතියි ඔයාට

    ReplyDelete
  11. ජීවිතේ හැටි පුදුමයි. ඇත්තෙන්ම ඔයාගේ දරාගැනීමට අසීමිතව ගරු කරනව. බුදු සරණයි !

    ReplyDelete
  12. හිත හැදෙන්න කියල දෙයක් කියාගන්ඩ නං බෑ නංගියෙ.. ඒත් මං දන්නව ඔයාට එහෙම දේවල් කියන්ඩ ඕනෙත් නෑ අපි.. ඔයාගෙ හිතේ තියෙන ශක්තිය අපිට දැනෙනවනේ මේ ලිපියෙන්...

    ReplyDelete
  13. මමත් කාලයක් ඔය රථයේ ගියා අක්කේ..
    ඒත් මට බලාපොරොත්තුවක් තිබ්බා කවද හරි ඕකෙන් නැගිටින්න පුලුවන් වේවි කියා...

    ReplyDelete
  14. nanga...math campus eke man oyawa dekala thiyenawa.eth me blog eka karanne oya kiyala kawadawath hithuwe ne.oyanam marai...kawadawath oyata waraden ne... eka sahathikai.minissu athara devi kenek wenna....

    ReplyDelete
  15. @``` Outsider```-ජීවිතේ හැටි පුදුමයි
    @hansakinkini -හිතේ හයිය තමයි තාමත් මාව ජිවත් කරවන්නෙ
    @රත්ගමයා - ඒ ඇයි මල්ලි
    @dragon - මගේ බ්ලොග් එක ගැන කැම්පස් එකේ කාටවත් කියන්න එපා හොදේ

    ReplyDelete
  16. කවදාහරි අපි නැගිටිමු සහෝදරී. ඒ දවස වැඩි ඈතක නෙමෙයි.

    ReplyDelete
  17. මම මොකුත් කියන්නේ නෑ.., උඹ හිත හයියයි.., එච්චරයි මට කියන්න පුලුවන්..!!
    ඒ අතින් මම පරාදයි..!!
    උඹට ජය! බුදු සරණයි..!

    ReplyDelete
  18. ම්ම්ම්ම් අක්ක‍ට අනිත් හැ‍මෝම කියපුවා තමා කියන්න තියෙන් ‍නේ.......
    අ‍නේ මංදා........

    ReplyDelete
  19. ඔයාගේ හිත ශක්තිමත් යාළු. ඔයා මෙච්චර දුරක් ඔහොම ආවනේ. හෙට ගැන සුභ සිහින දකිමු. දෙපයින් ඇවිදින්න දවසක ඔයාට ලැබේවී. හැමදාම සතුටින් ඉන්න.....

    ReplyDelete
  20. ජීවිතේ තියෙන්නෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ...... හැම දෙයක්ම අමතක කරල ලියන්න .... තව ලියන්න ........ අපි ඉන්නවා කියවන්න .........

    ReplyDelete
  21. ඔයා වාගෙ හිත හයිය කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක කොමෙන්ට් එකක් දාන්න ලැබීමත් වාසනාවක්.ඇත්තටම ඔයාල වාගෙ අය අදහන්න ඕනෙ.මට මේ ලඟදි ඇති උන සුලු ප්‍රශ්නෙකට විසදුමක් හොයා ගන්න බැරුව සිය දිවි නසා ගන්න ලේසිම ක්‍රමත් හෙව්වා.හොඳට ඉගෙන ගනින් නංගියෙ.ඉදිරියෙදි හැම දේම හොඳ විදියට සිද්ධ වෙයි.

    ReplyDelete
  22. oya iwaseema kiyana eka gana danna kenek! mata kiyanna thiyenne echcharai! :)

    ReplyDelete