Thursday, May 19, 2011

මම දන්නෙ නැ ඔබ වෙනුවෙන් මොනව කියන්නද කියලා........

සංසාර ගමනේ එකම එක නැවතුම්පලක් වුනු මේ ජිවිතේ 
ආරම්භ වුනෙත් අපේ උවමනාවට නෙමෙයි..
අවසාන වෙන්නෙත් අපිට ඕන වෙලාවට නෙමෙයි.
ඒ වගේම මේ ජිවිතේ ගෙවෙන්නෙත් අපිට ඕන විදිහට නෙමෙයි...
අපේ ජිවිතේ...මගේ ජිවිතේ... කියලා රැක ගන්න හිතුවට
ඇගිලි අතර හිර කරගත්ත දිය දෝතක් වගේ ඉහිරිලා යනවා.......
මරණය යදින මිනිස්සු ඕන තරම් ඉද්දි
ජිවිතේ ජය ගන්න හදන මිනිස්සු 
මේ ලෝකෙන් යන්නෙ ඇයි කියලා
මම දන්නෙ නැ............................
ඒ වගෙම මම දන්නේ නැ ඔබ වෙනුවෙන් මොනව කියන්නද කියලා........
ඔබට නිවන් සුව කියලා කියන්නද
නැතිනම් ආයෙමත් අපි අතර ඉපදේවා කියලා කියන්නද..
එහෙමත් නැතිනම්
කවදාවත් මේ වගේ දුකක් නැති 
ලස්සන නැවතුම්පලක් ලැබේවා කියල පතන්නද

6 comments:

  1. දුකක් විඳවීමක් නැති නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  2. දුකක් කරදරයක් නැති නවාතැන්පොල කියන්නේ නිවන තමයි ඉතින්....

    ReplyDelete
  3. ඉපදුන හින්දනේ මේ ඔක්කොම දුක්. ඒ නිසා දිලුම් මිතුර නුඹට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
  4. දිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!

    ReplyDelete
  5. සොයුර ඔබට නිවන් සුව .....! ඔබ අප අතරම ඉපදේවා .......

    ReplyDelete
  6. හ්ම්ම් ලොක ධර්මතාවයට පිටු පාන්න අපි කාටවත් බැ .... එකම පැතුම මෙ සංසාරෙ කෙටි කර ගන්න ඉක්මනින්ම නිවන් අවබොධ වෙවා කියන පැතුම පමණයි.

    ReplyDelete