කන්දක් පාමුල කෙන්දක් වැලපෙයි
කන්දටමයි මා පෙම් බැන්දෙ කියා...
ඒ කදු මුදුනේ කුසුමක් වැලපෙයි
හිරුටයි මගෙ හිත පිදුවෙ කියා...
අහසට අයිතිය පවරා දුන් හිරු
හඩා වැටෙයි
කෝ මගේ සදවතිය කියා......
කිසිදා නොලැබෙන දේකට පෙම් බැදි
හදවත් රිද්මය හුරු පුරුදු නිසා
මගේ දෙනෙත් යුග හැරයන කදුළක්
හඩා වැටෙයි
තවමත් මට ආදරෙයි කියා
ලස්සනයි අක්කේ
ReplyDeleteඉල්ලන දේ නොව ලැබෙනා දේමය..
ReplyDeleteදිනකදි මතුදා වෙන්නෙ හිමි...
නොලැබෙන දේටම හිත් යාවෙන්නේ..
ඇයිදැයි මා තවමත් සොයමි...
නංගියේ මං මේ බ්ලොග් වල දැක්පු ලස්සනම කවිය තියෙන්නේ ඔයාගේ බ්ලොග් එකේ කියලා මම ඔයාට දවසක් කියලා ඇති...අදටත් ඔයා ඒ වගේම දේවල් ලියන කොට පුදුම සතුටක් දැනෙන්නේ...
ReplyDelete@රත්ගමයා-ස්තුති වේවා මල්ලි...
ReplyDelete@මාරයාගේ හෝරාව -නොලැබෙන දේටම හිත් යාවෙන්නේ..
ඇයිදැයි මා තවමත් සොයමි... ඒක නම් මාත් තාම හොයනවා අයියා..
ගොඩක් ලස්සනයි අක්කා.. ඊට වඩා කියන්න දෙයක් නෑ..
ReplyDeleteඒත් කවදහරි දවසක හිත ඉල්ලන දේ ලැබුනොත්... ඒක නිසා පුංචි බලාපොරොත්තුවක් තියාගත්තට වරදක් නෑ.
ReplyDeleteඅහිමි පෙමක් ලග
ReplyDeleteමගේ හිත තම
අකීකරුව හඩා වැලපෙන..
කෙලෙස කියම්ද
නුඹ මට අහිමි බව
මගේ අකීකරු හිතට මම..
@චතුවා (ළමයා)-ස්තුති වේවා මල්ලි
ReplyDelete@prasanna86k - නොලැබෙන බව දැනදැනම බලාපොරොත්තු තියා ගන්න එකෙන් වෙන්නේ දුක වැඩි වෙන එක විතරයි
@Dinesh -ලස්සනයි කවිය
ඔව් ඔය හරි නංගී, නොලැබෙන දෙයක් ගැන බලපොරොත්තු තිය ගන්න ඕන නැහැ, ඒකෙන් වෙන්නෙ තව තව දුක වැඩිවෙන එක විතරයි, මට කියන්න බැහැ ඔයාට සතුටු වෙන්න කියලා, ඕක අමතක කරළා, ඒත් නංගි වින්දින්න දුන් ජීවිතය අරං ඇයි , වින්දවන්නේ මුලු භවය පුරා කියලා කියලා තියනවා නේද?
ReplyDeleteහම් හ්ම්, මම ඔයාගෙ blog එකට අලුත්, ඒත් ඔයාගෙ හැම post එකක්ම කියෙව්වා නංගී, හරිම ලස්ස්නයි, ඒ වගෙම සංවේදියි,
ලස්සනම ලස්සන අදහසක් .......
ReplyDeleteලස්සනයි සහෝදරී. පින්තූරෙත් එක්ක බලපුවාම තවත් ලස්සනයි.
ReplyDeletemewa baluwama mage hitath atata adi yanawa.digatama liyanna
ReplyDelete