පොඩි කාලේ ඉදන්ම මගේ ළගම රැදුනු දෙයක් තමයි රේඩියෝ එක... ගෙදරදි වගේම ඉස්පිරිතාලෙදිත් ලග තියා ගන්න පුළුවන් වෙච්ච පොකට් රේඩියො එකක් මගේ ලග තිබුනා.. ඒ හිංදම මම නිතරම කාලේ ගෙව්වේ සින්දුත් එක්ක... හිත පුදමාකාර විදිහට වෙනස් කරන්න සංගීතෙට පුළුවන්... ඒ අතරින් මම ආසම කරපු සින්දු කිපයක් මේ...
බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි- සනත් නන්දසිරි
බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර හිටිය කියනු මැනේ
මා ගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
.......................................................................
ඉකි ගසා හඩන-අමරසිරි පීරිස්
ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක්
තිබුණා....
හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත
ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක්
තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම
වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...!!
..........................................................
කාත් කවුරුවත් -අමරසිරි පීරිස්
කාත් කවුරුවත් නැති බව දැනගෙන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා..
සාංකාව ඇහැරෙන ගණ අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන ගිනි කතරේ
දැස් ඇරන් හිද තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්... හමුවෙමු මතු භවයේ...
..............................................................................
බිදුනු කලක.... පුන්සිරි සොයිසා
බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කදුලේ රිදුමෙන් සොයමි රස හැගුම්
කුමට සුබ පැතුම්....
වැටහෙන්නේ නැ වින්ද දුක රුදුරු
නිමා වී නැති....
ගිලිහි ගියදෙන් පෙමට දුන් රිදුම්
බිදුනු පෙම් පැතුම්..
......................................................................
නොමළ ගෙයකින් - .ගුණදාස කපුගේ
නොමළ ගෙයකින් අබ මිටක් සෙවු
කිසාගෝතමියක්...
ප්‍රථම ප්‍රේමෙන් දිනූවත් ලොව
සොයා යයි ගමනක්...
දොරින් දොර පෙම්වතුන් වතියන්
අසා වගතුග ලියන්නී...
තුන් සිතම මගේ විසාලාවක් කලේ මේ
අබ සිගන්නී....
මගේ දොර ලග නතර වී ඇය
දොඩා අබ මිට යදින්නී..
මිටට දෙමිටක් දෙන්ට සිත මට
ඇසේ අබ පුපුරවන්නී...
............................................................
මේ තරම් සියුමැලිද කළුගල් -සුනිල් එදිරිසිංහ
මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...........
කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසු විට හිනහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...
....................................................
කුමුදුනිය ඔබයි මගේ-
කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ
අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ
කුමුදුනිය ඔබයි මගේ................
මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය සොඳුරු විජිතයේ
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......
දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.