Wednesday, December 28, 2011

රිදවන්න කලියෙන් සිතක්- දැනගන්න කදුළක බර..

 
බිම බලා හඩන සද- සනසන්න හිතන් මම
ලියූ කවි බලා නුඹ- හිනහුනා ඔච්චමට...

ලියූ කවි සෙනේ කොළ- විසි කරලා ගං දියට
පාවෙනා හැටි බලන්- සිනාසුන නපුරා නුඹ..

සෙනහසේ කදුළු වල -උණුහුම නොදත් නුඹ
බොල් පිළිමයක් විය එදා- ආදරේ නොහදුනන..

ආදරේ කදුළින් නෙත්- තෙමා ගත් නුඹ
අද දකින විටදි- හිනහුනා මගේ හිත..

නුඹට වන් හිත් නැතත්- සරදමක් කරන්නට
රිදවන්න කලියෙන් සිතක්- දැනගන්න කදුළක බර..

4 comments:

  1. සහතික ඇත්ත නංගි.හුගක් අය ඕක දන්නෙ නෑ නෙ. :(((

    ReplyDelete
  2. //රිදවන්න කලියෙන් සිතක්- දැනගන්න කදුළක බර..//

    හුඟාක් අය කඳුළුවලට හිනා වෙන්නෙ, ඒ කඳුළුවල අගයක් නොදැනයි...

    ReplyDelete
  3. ගොඩක් අය ඕක දන්නේ නෑ නේ. දන්නවනම් එහෙම කරන්නේ නෑ.
    මොකෝ එකපාරටම කවි ලියන්න හිතුනේ. අර පොතේ ලියලා තිබ්බ කවි නම් මරු නංගි.

    ReplyDelete
  4. ඇත්ත තමා... මට නම් අත්දැකීම් තියෙනවා ඇති වෙන්න...

    ReplyDelete