අද මේ ලිපියෙන් මම කියන්න හදන්නේ අපේ රටේ ආදීවාසින් එහෙමත් නැත්නම් සාමාන්‍ය විදිහට වැද්දො කියලා හදුන්වන සමාජ කොට්ඨාසයේ වගතුග ටිකක්...
තම මුතුන්මිත්තන් පැවතගෙන එන්නේ කුවේණියගේ දරුදෙදෙනාගෙන් බව.
අනෙක් මතය තමයි විජය රජුගේ බෑණාකෙනෙකු වු පණ්ඩුවාසුදේව රජුගේ දිවිදොස් නැසිමට මලය රටේ මලරජුගේ පාරම්පරිකයන් විසින් ඔවුන්ව එවපු බව...
ඒ වගේම ඔවුන් අතර තියෙන එක ජන කතාවක් තමයි එක කාලෙක අපේ රටේ හිටපු දරුණු රජ කෙනෙක් මිනිසුන් මරාගෙන කෑම නිසා එයින් බේරිමට කැළයට පැන ගිය පිරිසෙන් පැවතගෙන එන බව..
වැදි ජනතාව කියන්නේ අපේ රටේ පැරණිම ජන කොට්ඨාසය කියලා හැමෝම දන්නවනේ..මොවුන්ගේ වාසස්ථාන පැතිරිලා තියෙන්නේ නැගෙනහිර, ඌව පළාත් ආශ්‍රිතව.. ඕනැම රටක ආදී වාසීන් අතර තම ජාතියේ ආරම්භය ගැන විවිධ ජනප්‍රවාද, ජනකතා වගේ දේවල් පැවතෙනවා.. වැද්දන් අතරත් මේ වගේ මතවාද කීපයක්ම තියෙනවා. ඒ මතවාද අතර වඩාත්ම ජනප්‍රිය එක තමයි
තම මුතුන්මිත්තන් පැවතගෙන එන්නේ කුවේණියගේ දරුදෙදෙනාගෙන් බව.
අනෙක් මතය තමයි විජය රජුගේ බෑණාකෙනෙකු වු පණ්ඩුවාසුදේව රජුගේ දිවිදොස් නැසිමට මලය රටේ මලරජුගේ පාරම්පරිකයන් විසින් ඔවුන්ව එවපු බව...
ඒ වගේම ඔවුන් අතර තියෙන එක ජන කතාවක් තමයි එක කාලෙක අපේ රටේ හිටපු දරුණු රජ කෙනෙක් මිනිසුන් මරාගෙන කෑම නිසා එයින් බේරිමට කැළයට පැන ගිය පිරිසෙන් පැවතගෙන එන බව..
කොහොම වුනත් සාමාන්‍ය පිළිගැනීම කුවේණියගේ දරුදෙදෙනාගෙන් පැවත එන බව... එසේ වුනත් මොවුන් පැවතගෙන එන්නේ මධ්‍යධරණී සහ නීග්‍රිටෝ(ඉන්දියාවේ ප්‍රධාන ආදීවාසී කොට්ඨාසයක්) කියන පිරිසගෙන් බව විවිධ පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම යක්ෂ සහ නාග කියන ගෝත්‍ර වල මිශ්‍ර විමකුත් සිදු වෙලා තියෙනවා. වර්ථමාන වැදි ජනතාවත් ඉන්දියාවේ වනගත පෙදෙස්වල මේ වන විටත් ජීවත් වෙන මාලදේවන්, ඉරුලා, ෂෝලගා කියන ජන කොට්ඨාසයනුත් අතර යම් යම් සමානකම් තියෙන බවත් ඔප්පු වී තිබෙන නිසා වැදි ජනයාගේ සම්භවයට ඉන්දීය බලපෑමක් තියෙන්නට ඇති කියලා හිතන්න පුළුවන්..
ලංකාවේ සබරගමුව කියන නම හැදිලා තියෙන්නේ දඩයක්කාරයන්ගේ ගම එහෙමත් නැත්නම් වැද්දන්ගේ ගම කියන තේරුමින්.. සබර කියන්නේ වැද්දා කියන්න සමාන පදයක් ඒ වගේම කැලය කියන තේරුමත් එකෙන් කියවෙනවා.
වැදි ජනතාව අතර මිත්‍යා විශ්වාස අඩුයි...ඔවුන් දෙවිදේවතාවන් ගැන ඒ හැටි විශ්වාසයත් හෝ ඇදහීමක් සිදු කරන්නේ නැහැ.ඒත් ඒ වෙනුවට ඔවුන් මළවුන් සහ යකුන් ගැන දැඩිව විශ්වාස කරනවා. දොළ යකු, මහ කිරි අම්මා, රාහු යකා වැනි අය සදහා ඔවුන් විවිධ පුද පුජා කරයි. තම වරිගේ පුද්ගලයෙක් මිය ගියාම ඒ පුද්ගලයා නෑයකෙකු වී ඉපදෙන බව ඔවුන් විශ්වාස කරනවා.ඒ වගේම කෙනෙකු මියගියාම ඒ වාසස්ථානය අතහැර දමා යන සිරිතක් ඔවුන්ට තියෙනවා.වැදි ජනතාව අතර විවිධ උත්සව නැටුම් අදටත් දකින්න පුළුවන්. ඒ අතර
කිරි කොරහ උත්සවය
කොළමඩුව උත්සවය
රාහුයකා උත්සවය
නෑයකු උත්සවය වගේ උත්සව පවතිනවා.
වැදි ජනතාවගේ විවාහ ජීවිතය බොහෝම ප්‍රීතිමත් එකක් ලෙසයි සලකන්නේ. එක භාර්යාවක් සමග පමණක් ජිවත් වෙන ඔවුන් වෙනත් කාන්තාවන් සමග කිසිදු සබදතාවක් පවත්වන්නේ නැ. ඒ වුනත් බිරිද මිය ගිය පසු වෙනත් කාන්තාවක් විවාහ කර ගැනිම වරදක් ලෙස සලකන්නේත් නෑ. වැද්දන් තම ආදරය පෙන්වන්නේ වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන්. සොයා ගත්ත ආහාර වලින් බිරිදට කොටසක් වෙන් කිරිම පළමුව කරන දෙයක්.දරුවන්ටත් එසේමයි. විවාහයේදි ඔවුන් දෑවැද්ද ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැ. තරුණියගේ පියාට තෑගි විදිහට මී පැණි, වේලපු දඩමස් වගේ දේවල් ගෙනත් දීලා විවාහය ගැන විමසනවා. දෙමාපියන් ඒකට කැමති නම් තරුණිය විසින් තරුණයාට දිය ලණුවක් දීමෙන් විවාහය සිදුවෙනවා. උත්සව ගැනීමක් එහිදි සිදු වෙන්නේ නැ. විවාහය ගැන සලකද්දි සහෝදර සහෝදරියන් අතරර විවාහයට දැඩි තහනමක් වැද්දන් අතර තියෙනවා.ඒත් මේ තහනමයි කුවෙණිගේ දරු දෙන්නගෙන් වැද්දන් පැවතගෙන එනවා කියන කතාවයි අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා?
වැද්දෝ ගැන කතා කරද්දි වැදි භාෂාව ගැන කතා නොකරම බෑනේ.... මොවුන් කතා කරනවට වඩා ඉගියෙන් අදහස් දැක්වීමට කැමතියි. ඒකට හේතුව දඩයමේ යද්දි වැඩි සද්ද බද්ද කිරිම් සිදු නොකරන නිසා වෙන්න ඇති. එහෙම වුනත් වැදි ගීත, නැලවිලි කවි ඔවුන් අතරේ නොඅඩුව දැකගන්න පුළුවන්..ඒ වගේමයි මන්ත්‍ර වගේ දේවලුත්.
මේ තියෙන්නේ වැදි ගීතයක්
වැල්කොබ්බා වැල දුන්න නමා ගෙන
මොරියන් කෙච්චක් කර වතුරාගෙන
වැල් ඉච්කෙයියා පිටට දමාගෙන
දෝනී කෙල්ලක් ඉච්චර කරගෙන
එන්ඩලු මගෙ පුත කිරි බෑනා
වැදි යාදින්නක්
හෙරගල වැද්දනේ
මරගල්ල වැද්දනේ
කුබොහුගල වැද්දනේ
හු කියන වැද්දනේ
වී කොටන වැද්දනේ
මෙකී නොකී වැද්දනේ
පුද කැපගෙන් වැද්දනේ
වැදි මන්ත්‍ර
අලියට- ඉච්චට චල්ලය්
පච්චට චල්ලය්
දෑල දෙචල්ලය්
සිටු අප්පා සිටු (මේක හොදයි සදරුට )
නයාට- ඉරි දෙයියනේ චැලගි
සද දෙයියනේ චැලගි
පචේ බුදුන්නේ චැලගි
සිටු චැලගි සිටු
මම ඔබට ගහනවා කියලා කියන්නේ - කැරියට ගචන්න
මම ඔබේ ඔළුව පලනවා - ඉන්තුල කොටා පලා
මං යනවා - මං ගඡ්ඡපං
ඉදගෙන කතා කරන්න -ඇන බාන බනවපන්කොයි
වැදි සමාජෙත් දැන් ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා. නාගරිකයන්ගෙනුයි සංචාරකයන්ගෙනුයි පිරෙන ඔවුන්ගේ ගම්මාන වෙනස් වෙන්න පටන් ගෙන. සරල ජීවිතේකට හුරු වෙච්ච වැදි ජනයා දැන් දැන් තම ගති පැවතුම් වෙනස් කරගන්න පටන් ගෙන...කාලයක් යද්දි නමට විතරක් වැද්දෝ වෙයිද දන්නේ නෑ
ඉතා වටිනා ලිපියක්. මම මේ හැම එකටම එකඟයි. ඒත් වැදි ජනයා කුවේණිගේ දරුවන්ගෙන් පැවත එනවා කියන එක හැර. ගොඩක් වටිනවා ඔබ අවසානයට දමාපු කවිද ගීතද මන්ත්‍රද???
ReplyDeleteකොහොමද මෙතරම් හොඳින් යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගත්තේ?
මගේ යාලුවෝ වගේකුත් මේ ලඟදි වැද්දන් ඉන්න ගම් පියසකට ගිහින් ඇවිත් කිවේ..උන් නෙමේ බං අපියි වැද්දෝ කියලා..එක එක අතකින් සාධාරණයි..නමට විතරක් කවදා හරි වැද්දෝ ඉද්ද දන් නැ...
ReplyDeleteඅක්කාගේ ලිපිය වටිනා ලිපියක්.
මම මේ ටික දැන ගත්තේ නංගිගෙන්. ගොඩක් ස්තුතියි ඈ පෝස්ට් එකක් දාලා අපිට මේ දෙවල් දැනගන්න සලැස්සුවාට.
ReplyDeleteහ්ම්ම් ඇත්ත.. කාලයක් යද්දි නමට විතරක් වැද්දෝ ඉදියිද කියන්න දන්නේනෑ.. ඇත්තටම වැද්දා කියන නම පාවිච්චි කරන එක හරි මදි.. ඔවුන් ආදි වාසින්..
ReplyDeleteඔය ගැන කථාවක් සයුරිගේ පහන් යාය බ්ලොග් එකෙත් ගියා... මම දන්න විදියට නම් අපේ ආදිවාසීන් මේ කලාපයේ ඉන්න පැරණිම මනුෂ්‍ය කොට්ඨාශය. ඉන්දු-ආර්යයෝ ඉරාණයේ ඉඳලා සංක්‍රමණය වෙන්න කලින් ඉඳලා ඉන්දු උපමහද්වීපයේ ජීවත් වෙලා තියෙන්නේ මේ ආදිවාසී ජනතාව...
ReplyDeleteවටිනා ලිපියක්... බොහොම ස්තුතියි.
ReplyDeleteවැද්දන් දැන් නාගරීකරනය වෙලා.. වැරද්දක් කියන්න බෑ...
වැදි ගී අහලා තිබුනට යාදින්නක් කියෙවුවේ අදමයි.. ඒ වගේම වැද්දගේ පුරාණය ගැන වෙනස් විදියට කියෙවුවෙත් අදමයි...!
ReplyDeleteදැන් වැද්දෝ කියලා ජාතියක් නෑ දැන් එයාලා කරන්නේ බිස්නස්
ReplyDeleteලිපියනම් ගොඩක් වටිනවා
This comment has been removed by the author.
ReplyDeleteඅප ඔබගේ ලිපිය ශ්‍රී ලංකා සිංහල.කොම් (http://www.srilankasinhala.com/vishwakoshaya/wordpress/?page_id=201) හි ස්ථිරවම ස්ථානගත කලෙමු. ඒ පිළිබඳ ඔබගේ අකමැත්තක් වෙතොත් දන්වන්න.
ReplyDeletetemprory links:
http://www.srilankasinhala.com
http://www.srilankasinhala.com/news_collection/wordpress/archives/1141
srilanka@srilankasinhala.com
මිමිමිමි
ReplyDeleteගොඩක් වටින ලිපියක්
ඇරත් දැං කවුද ඔවා ගැන හොයන්නේ...?
ඒත් මේව ගොඩක් වටිනව කියල කවුරුත් දන්නේ නෑ.
මේ ගීත, යාදිනි, මන්ත්‍ර ඇහුවෙ අද. බොහොම ස්තුතියි.
ReplyDeleteපිංතුරෙකින් විතරක් බලන්න පුළුවන් වේවිද දන්නේ නෑ
ReplyDeleteවැද්දන් හැම දාම වැද්දො වගේ ඉන්න ඕන කියල මම හිතන්නෑ. ඒත් ඒ රැක ගන්න ඕන ජන කොට්ඨාශයක්. අපෙ ඉතිහාසය. දැන් රජයේ රැකියාවන් කරන, විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න අය පවා ඉන්නවා වැදි සනුහරේ. හොඳ ලස්සන වැදි කතා තියෙනවා ස්පිට්ල් මහත්තයා ලිවූ පොත්වල.
ReplyDeleteඔබේ ලිපියේ වැදගත් කරුණු රාශියක් ඇත.
@වෙද ගෙදර මහ වෙදනා - වැදි පරම්පරාව පැවතගෙන එන්නේ කුවේණිගේ දරු දෙදෙනාගෙන් කියලා ඔවුන් විශ්වාස කලාට මම ඒක ඒතරම් සත්‍යක් කියලා හිතන්න අමාරුයි තමයි අනෙක් කරුනුත් එක්ක බලද්දි... මම ඔය වැදි ගීත මන්ත්‍ර ගොඩක් එකතු කලා පොත්පත් වලින්...
ReplyDelete@නිම්ශා- ඉස්සරට වඩා දැන් තත්වේ වෙනස් තමයි... ඒත් ඒකට එයාලට දොස් කියන්නත් බැනේ...
@මධුරංග -ස්තුතියි අයියේ
@Dinesh- මම මෙතන එහෙම හැදින්නුවේ එයාලට අගෞරවයක් කරන්න නෙමෙයි...
@Chathuranga Perera & පිස්සා පලාමල්ල - ස්තුතියි මේ පැත්තට ආවට
ReplyDeleteprasanna86k-දැන් ඉතින් ඒවත් දන්නවනේ
හිස් අහස-ස්තුතියි මල්ලි
ඹාලු ෆිට් එක-ඒක ඇත්ත
Music girl, අසරණයා,nihalw- ස්තුතියි අදහස් දැක්වීමට
අකීකරු
ReplyDeleteසම්බන්ද කරගන්න පුලුවන් විදියක් දානවද?
Ano- ඔයා කවුද කියලා මම දන්නේ නැනේ
ReplyDeleteඅපිටත් ගොඩක් වැදගත් වුනා.
ReplyDeleteබෝහෝම ස්තුතියි !! :D
ගොඩක් වටිනවා ඔබගේ තොරතුරැ
ReplyDeleteමට ආදී වාසීන් ආරක්ෂා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ටිකක් කියන්න පුලුවන්ද?
කැම්පස් එකේ අධ්‍යයනයකට අවශ්‍යයි
ගොඩක් වටිනවා ඔබගේ තොරතුරැ
ReplyDeleteමට ආදී වාසීන් ආරක්ෂා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ටිකක් කියන්න පුලුවන්ද?
කැම්පස් එකේ අධ්‍යයනයකට අවශ්‍යයි