Wednesday, September 28, 2011

බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ කරන්ට හදන තාලෙටනේ

කොත්මලේ ගැන කියවෙන ජනකතා අතරේ පොන්න නැකැත්තා වගේම දුටුගැමුණු කුමාරයත් ප්‍රසිද්ධ චරිතයක්..
                           කාවන්තිස්ස රජතුමා එක්ක අමනාප වෙලා එතුමාට කාන්තාවන්ගේ ආබරණ යැව්වට පස්සේ තමන් ගැන පිය රජ්ජුරුවෝ උදහස් වෙයි කියලා හිතලා දුටුගැමුණු කුමාරයා පල්ලම් බැස්සේ කොත්මලේට...ඒ ඉතින් හැංගිලා ඉන්න හොද තැනක් හිංදා වෙන්ට ඇති..මෙහෙම ආපු කුමාරයා ගැන කලින් වතාවේ මම කිව්වනේ.. 

                              කුමාරයා නවාතැන් ගත්ත ගෙදරින්ම පෙළවහකුත් කරගෙන කාලයක් මාවෙල වෙල් යාය අස්වැද්දුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි යුද්ධ කාලෙකදි උවමනා වෙයි කියලා.. ඒ කාලේ ගුත්තා කියලා පෙනි හිටපු කුමාරයා මේ කුඹුරු යායෙන් හොද අස්වැන්නක් ලබා ගත්තලු...අන්තිමට අස්වැන්න කපලා ඉවරවෙලා ගමගෙදරට වි ටික ගෙනියන්න හදනකොට කුමාරයා කලේ කමතේ ඉදන් ගම ගෙදරට යනකන් බිම දිගේ කෙවිටකින් ඉරක් ඇදපු එකයි. ඒ ඇදපු ඉර දිගේ අර වී ටික ගම ගෙදරටම ඇදිලා ගියාලු. 
                                  මේ  අලුත් අස්වැන්නෙන් පළමුවෙන්ම කිරිබතක් උයලා කුමාරයට දිලා තියෙනවා.. උණු උණුවෙන් දීපු මේ කිරිබත් ටික කන්ට හදිස්සි වෙච්චි කුමාරයා තැනින් තැන ඇගිල්ලෙන් ඇන ඇන කන්ට පටන් අරගෙන. මේක දැකපු වයසක ආච්චි අම්මා කෙනෙක් ගත් කටටම කිව්වලු බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ  කරන්ට හදන තාලෙටනේ කියලා..ඒක අහපු කුමාරයා අහලා තියෙනවා   ඇයි එහෙම කියන්නේ කියලා..එතකොට ඒ වයසක උන්දැ කියල තියෙන්නේ ඔහොම කුරුල්ලෝ කොටනවා වගේ තැනින් තැන කලබලේට කන්ට හොදත් නැ යුද්ධ කොරන්ට හොදත් නැ..පිළිවෙලකට එක කොනක ඉදන් කන්ට පුරුදු වුනොත් අනික් හැම වැඩක්ම පිළිවෙලකට කරන්ට පුරුදු වෙනවා කියලා...කුමාරයා පස්සේ කාලේ යුද්දෙ පටන් ගත්තම ඇගේ උපදේසයත් ඒ විදිහටම පිළිපැද්දා කියලයි කියන්නේ...අපි පුංචි කාලේ අපිට පිළිවෙළකට කන්ට පුරුදු කරද්දි අපේ ආච්චි අම්මලා නිතරම ඔය කතාව කියනවා...

දිගට ලියන්ට කම්මැලි..ඉතිරිය පස්සේ දාන්නම්

13 comments:

  1. ආහ් මම් මේ කතාව අහල තියනව.ඉස්සර පොඩි කාලේ මේ කතාව කියල දුන්න මතකයි.ඉතුරු ටිකත් ලියන්නකො.

    ReplyDelete
  2. මේක කොත්මලේ පැත්තේ ඉතා ප්‍රසිද්ධ ජන කථාවක්. හැබැයි මම අහලා තිබෙන විදිහ වෙනස්. දුටුගැමුණු කුමාරයා ගම ගෙදරින් නික්මිලා රජවෙලා සිටින පලමු අවධියේදීම ගමන් සැරින් සැරේ පොඩි පොඩි කන්ඩායක් අරන් ගිහින් යුද්ධ කලාලු. ඒ හැම විඩේකම ලැබුනේ පරාජයක්මයි. හැබැයි මේ යුද්ධ වල කිසිම පිළිවෙලක් නැහැ. ඔය විදිහට යුද්ධයක් පැරදිලා තනියම අතරමංවෙලා යනගමන් තමයි මේ ඔබ කිව් කථාව සිද්ධ වෙලා තිබෙනවා කියලා මම අහලා තියන්නේ.
    කොහොම වුවත් මේ වගේ කථා ජංජාලෙට ගේන එක ඉතාම වැදගත්. ඔබට ජය!

    ReplyDelete
  3. මේ වගේ කතා ජංජාලෙට එකතු කිරීම වටිනවා... නැත්තම් අලුත් පරම්පරාවෙ අයට මේවා දැනගන්න ලැබෙන්නෙ නෑ... නිකන්ම වැලලිලා යනවා

    ReplyDelete
  4. ගොඩක් වටින කතාවත්. ඔන්න ඔහේ කම්මැලිකම දෙපිටින් යන්න කියලා ඉතුරු ටිකත් ලියා දාන්න.

    ReplyDelete
  5. අනේ ඉතුරු ටිකත් ලියන්න හොඳ නංගි වගේ....

    ReplyDelete
  6. මම මේ කතාව අහලා තියෙනවා.. කම්මේලි නොවි ලියන්න....

    ReplyDelete
  7. මෙක කියෙවුවාම අතිතේ මතක් උනා.මේ කතා ඉස්සර නිතරම ඈහෙනවා මෙවැයින් තමයි අපේ අච්චිලා සියලා කතා කියලා දුන්නේ එ වයේ රස කතාවත් සමග ලොකු හරයකුත් තිබුනා.එ නිසාමයි අදටත් ඔවා කියවන කොට අතිතේ මතක් වෙන්නේ.අද කාලේ ලමයින්ගේ විරයෝ වෙලා ඉන්නේ,බෑට් මැන්ලා,බෙන් ටෙන්ලා,සුපර් මෑන්ලනේ.එහෙව් කාලෙක මෙහෙව් ලිපි ලියන එකත් ලොකු වටිනාකමක් තියෙනවා,,කම්මැලි නොවි දිගටම ලියන්න,,,,,,,,,,,,,,

    ReplyDelete
  8. මමත් මේ කතාව පොඩි කාලේ අම්මගෙන් අහගතිපු කතාවක්..මම අහල තියෙන්නෙත් මහ වෙදනා කියපු විදියට...මේවා පළ කරන එකනම් ගොඩක්ම වටිනවා..

    ReplyDelete
  9. මාත් මේ කතාවනම් අහලා තියෙනවා.ඒත් අද කාලෙ පොඩි ලමයි අහලා තියෙනවද දන්නෙ නෑ.

    ReplyDelete
  10. මම මේ කතාව අහල තියෙන්නෙ දුටු ගැමුණු වෙනුවට වළගම්බා රජතුමාව දාල...

    මොනා වුනත් ජනකාතා නම් මරු...

    ReplyDelete
  11. ලියන්නවත්, කන්නවත්, නිදාගන්නවත් කම්මැලි වෙන්න එපා!

    ReplyDelete
  12. මේ කතාව ගැන වෙදමහත්තයා ලියල තීන එකයි වඩා තාර්කික කතාව. එයට සම්භන්ධ මාතර අපරැක්ක ගමයි අනික කොත්මලේ ඉන්නා කාලේ ගැමුණු කුමාරයා යුද්ධ කරන්නට පටන්ගෙන නැති අතර කාවන්තිස්සගේ මරණින් මතු ගමරට යනතෙක් යුද්ධයට සූදානමක් තිබූ බවක්වත් ඔහු දැන සිටියේද නැත.

    ReplyDelete
  13. මටත් ඔය කථාව මං පොඩි කාලේ අපේ ආච්චි අම්මා කියලා තියෙනවා... ඇත්තටම මේ වගේ කථා අනාගතේ සංරක්ෂණය වෙන්න නම් මේ විදියට ජංජාලෙට ගේන්න ඕනේ...

    හොඳ වැඩක්...ජය !!!

    ReplyDelete