කදු පිටින් නාය යන ජීවිතේ පාමුල පුංචි පුංචි මල් පොහොට්ටු පිපෙන්න පටන් අරන්....ඇස් අග්ගිස්සෙන් වැටුනු කදුළු මල් පෙති අතරෙ හරි අපුරුවට දිලිසෙනවා...ජිවිතෙන් අතැරෙන හැම දේටම අතැරෙන්න දුන්නට පස්සෙ මම හිතුවේ ජිවිතේට කියලා කිසිම දෙයක් ඉතිරි වෙලා නැ කියලා...පහුගිය ටිකේ හැම දුකක්ම අමතක කරලා ලෝකෙට පේන්න හරි හිනා වෙන්න ඕන උනා...ඇත්තටම හිනා වුනා.... මම පොරොන්දු වුනා මේ බ්ලෝග් එක ඇතුලේ දුක දිගාරින්නෙ නැ කියලා..ඒ නිසාමද කොහෙදෝ පහුගිය ටිකේම ලියන්න දෙයක් තිබුනෙ නැ...
ඒත් කාලෙකට පස්සේ අකිකරු හිතට ඇත්තටම සතුටුයි.....ඇස්වලට කදුළු පිරෙන තරම් සතුටුයි.....ඒකට හේතු දෙකක් තියෙනවා... පළවෙනි හේතුව තමයි...පහුගිය කාලේ මේ ජිවිතෙන් ගොඩක් ඈතට ගිය කෙනෙක් ආයෙමත් ආව එක.....බැදිම් කියන්නෙ දුකක් කියලා දැනන් උන්නත් සමහර වෙලාවට ඒ බැදීම් තමයි අපිව ජිවත් කරන්නේ.....මේ ජිවිතේට කවුරුත් එපා කියලා හැමෝගෙන්ම ඈත් උන කාලය පුරාම ජිවිතේ දැනුනු හිස් බව ඉතිරි කලේ ජිවිතේ ගැන කළකිරිමක් විතරයි...ඒත් ජිවිතේ සිද්ධ වෙන පුංචි දේකට පුළුවන් හැම දෙයක්ම වෙනස් කරන්න...
“කවදාවත් දුක දැනෙන්නේ නැති මිනිස්සු ලග දුක කියන්න එපා..ජිවිතේ වහගන්න එන කළුවරට බයේ ඇස් වහගන්න එපා... ඒවගේම ඔයා ජිවිතේට බය වෙන්න එපා මගේ පණ තියෙනකන්...
කාලෙකට පස්සෙ මම තනි වෙලා නැ කියලා දැනුනේ මේ වචනත් එක්ක...ඉතින් මම ජිවිතයට බය වෙන්නේ මොකටද.......
අනෙක් හේතුව ආයෙමත් මේ පොළවෙ පය ගහන්න පුංචි ඉඩක් තවමත් තියෙනව කියලා දැන ගත්ත එක... පහුගිය ටිකේ කළ වෛද්‍ය පරික්ෂණ වලට අනුව අවුරුදු 12 කට පස්සෙ එයාලා අසනිපය මොකද්ද කියලා හොයාගෙන...ඉතින් ඊයේ දවසේ ජිවිතේ ආයෙමත් අලුත් බලාපොරොත්තුවකින් පිරුනා....
ජිවිතේ මහ පුදුම දෙයක්...හැම හීනයක්ම මගේම කර ගන්න හදද්දි ඒවා ඈතින් ඈතට ඇදිලා යනවා..ඒත් මට කිසිදෙයක් එපා කියලා අයින් වෙන්න හදද්දි... හැම දෙයක්ම බලෙන්ම ලගට එනවා...ඉතින් දැන් මම සතුටින්....
-----------------------------------
ප.ලි.- මේ උදාවෙන අවුරුද්ද සෑම දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සතුට සැනසීම පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....
තිබ්බ හදිසියට බෙල්ලේ වැල දාගත්තනම්, අද ඔය සතුට විදින්න වෙන්නේ නෑ නේද...??? බොහොම සතුටුයි...ඉක්මනටම මේ අවුරුද්දේ හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඅක්කා සතුටින්නම් ඕං අපිත් සතුටින්.. ප්‍රීතී ප්‍රීතී.. අක්කට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteඅලුත් බලාපොරොත්තු + පරණ බලාපොරොත්තු = ඔක්කම බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
සන්තෝසයි... අළුත් අවුරුද්දේ අහන්න ලැබුන සතුටු දායකම ආරංචිය... ඉක්මනට සනීප වෙන්න...
ReplyDeleteමේ මේ... ඒක නෙමේ ට්‍රිප් එක ගිහිං අපිට මොනාද ගෙනාවේ...?
අනේ කොයි තරම් සුභ ආරංචියක්ද නංගියා.. අපි ඉක්මනට සනීප වෙමු.. අයියා එදා මා එක්ක කියනවා නංගිව වෛද්‍ය පරික්ෂණ වලට යවලා නංගි සනීප උනාම එයා යනවලු.. දැන් අයියටත් ඉක්මනට සනීප වෙන්න ලැහැස්ති වෙන්න කියන්න.. ඔයාලා දෙන්නටමයි පවුලේ හැමොටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDeleteබොලොග් කියවන්න ලැබෙන වෙලාවනම් හුගක් අඩුයි...අද අහම්බෙන් වගේ මේ බොලොග් එක දැකින්න හම්බුනේ.බොලොග් එකේ ඔයා ලියපු ලිපි හුගක් කියෙව්වා..ඇත්තම කිව්වොත් කියවන්න හිතුනා.හැම ජිවිතයක්ම අංග සම්පුර්ණ නැ.මගෙත් එහෙමයි..ජිවිතේ එක දෙයක් නොලැබිම නිසා හැමොගේම කතා අහාලා කාලයක් මටත් ජිවිතේ එපා වෙලා තිබුනා.අදටත් ඒ ප්‍රශ්නේට මට මුහුණ දෙන්න වෙනවා.හැබැයි හැමොගේම කතා අහන්නේ නැතුව මමත් මගේ හිතේ හයියෙන් නැගිට්ටේ ඒ නිසයි.පුංචියට වෙබ් අඩවියක් පටන් අරන් දැන් එක දියුණු කරන්න බලනවා.ජිවතේ අපි හිතන පතන හැමදේම වෙන්නේ කලාතුරකින්...එත් හැබැයි අපි උත්සහා කලොත් අපිට මොනවා උනත් හිතේ හයියෙන් මේ ලොකේ වෙනස් කරන්න පුලුවන් අදහස් වලින්.ඔයා ඒ දේ කරලා තියනවා.ඔයා ගේ හිතේ දැනෙන කටුක අමිහිරි වගේම සුන්දර අත්දැකිම් ලියලා තියන හැටිනම් අපුරුයි..අලුත් දෙවල් ලියන්න පුලුවන් හැමවෙලෙම ඇවිත් එවා කියවලා දැනෙන අදහසක් කියලා යන්නම්..
ReplyDeleteමේ ලැබුවා වු අවුරුද්ද සුභම සුභ වෙන්න කියලා හදවතින්ම සූභපතනවා...
ගෙට් වෙල් සූන් සහෝ......:)
ReplyDeleteඔයාට ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්තනා කරනව.
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
මගෙ නංගියෙ සතුටට මට කියන්න වචන නැ මගෙ නංගො. කිසි දෙකට බය වෙන්න එපා.. හැම දෙම හොදින් සිද්ද වෙයි. එකම දෙයයි ඔනෙ. හිතෙ ශක්තිය තියා ගනින් මගෙ නංගියෙ.
ReplyDeleteජයෙන් ජයම වෙන, සතුට රජ යන වාසනවන්ත අලුට් අවුරුද්දකට ආසිරි පතනවා මෙ සිරිකොලුවත්. තෙරුවන් සරනයි නංගො...
බයවෙන්න එපා,ඔයාට ඉක්මනට සනීපවෙයි.අපි හිතන තරම් දෛවය කුරිරු නෑ.
ReplyDeleteඔයාට ඉක්මනට සනීප වෙයි. පොළවෙ පයගහල ඉන්න දවස වැඩි ඈතක නෙමෙයි. ඉක්මනට පෝස්ට් එකක් දාන්න හොඳේ.
ReplyDeleteඅපි සතුට හොයා ගෙන යනකොට එයා අපෙන් ඈතට යනවා. ඒත් එයාම දවසක අපිව හොයන් ආපහු එනවා අපි හිතන්නෙත් නති වෙලාවක. ජීවිතේ ඔහොම තමයි යාළු
ReplyDeleteඅම්මෝ ඇති යන්තම්! කඳුළු පිරිලා තිබුණු මගේ ඇස් දෙකට දැන් තමා සතුටක් දැනුනේ. අනේ නංගි ඔයා වෙනුවෙන් අපිට කරන්න දෙයක් තියෙනවනම් කියන්න. මට පුළුවන් උපරිමය කරනවා
ReplyDeleteජිවිතේ ඒක හරි පුදුම දෙයක්. මේ අසාවල් බැදිම් තියනකන් අපි සන්සරේ සරයි. ජිවත් වෙනවනම් ඉතින් අටලො දහමත් එක්ක තමා. කැමැත්තෙන් උනත් අක මැත්තෙන් උනත් අපිට ජිවිතේ ගොඩක් ද්වල් වලට මුන දෙන්න වෙනවා. එකට ඔයාට වගේ හයිය තියෙන්න ඔනේ. හැමදේම හරියාවි. සතුටින් ඉන්න.
ReplyDelete