Sunday, February 20, 2011

හිනහෙන්න හදන්නේ............


මල් පිපුනු ආකාසේ
සදවතිය හිනහේවි...
අරුමයක් වුව නුඹට
ඇය තුටින් ඉපිලේවි.....

හිනහෙන්න නොදන්නා 
කටු අත්ත කියු ඇයම
හිනහේවි අද දවසේ
නුඹ දෙනෙත රැවටේවි...

කටු ඇනුන රිදුන හිත
දැන් ඉතින් සුවවිලා
හිනහෙන්න හදන්නෙ
මල් පොකුරු පරදලා....








10 comments:

  1. දුෂ්කරය කියා
    හැර යා යුතුද ජීවිතය
    කටු පොකුර සිප ගනිමු
    හෙට මලක් වනු පිණිස

    ReplyDelete
  2. ජය වේවා!!! හිනා වෙලාම ඉමු...

    ReplyDelete
  3. කාලෙකින් සතුටු වෙන්න පුළුවන් පෝස්ට් එකක් බ්ලොග් අවකාශයේ දුටු විට සිතුවිල්ලට සතුටුය.
    හිනාවෙලා ඉන්න.

    ReplyDelete
  4. ෂා.....හැමදාම ඔහොම ඉමුකො..:)

    ReplyDelete
  5. දුක් කදුළු හද දරා
    සිටි දවස් නිමා වෙලා
    සිනහව මුවගේ රන්දා
    ඈ ඈතක හිනැහෙනවා..

    ReplyDelete
  6. ඒක ඇත්ත, කටු අත්ත මාත් එක්ක හැමදාම හිනා වුනාම හැමදේම අමතක වෙලා යනවා...

    ReplyDelete
  7. ජයම වේවා !! අන්න ඒවගේ හිනා වෙලා ඉන්න . එතකොට ලෝකෙ අපිට පේන්නේ අමුතුම ලස්සනකට ..එහෙමනං හිනා වෙන්න ..හැමදාම

    ReplyDelete
  8. අලෙ වරුණි නංගෝ.... ඔයාට වඩා මට සතුටුයි මෙක දැක්කම... keep alwz smile thoery එක යුස් කරන මෙ සිරි කොල්ලගෙ එකම ප්‍රාර්ථනයත් මෙකම තමා.......:))))

    ReplyDelete