ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි අතරේ ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ කාසි භුතයෝ. භූත ලෑල්ලක් හදලා ඒකට කාසියක් තියලා භූතයෝ ගෙන්නන්න අපි ඒ දවස්වල හෙන කට්ටක් කෑවා. කාසියක් වෙනුවට වීදුරුවක් තියලත් ඕක කරනවා. හැබැයි විශ්වාසෙන් කලේ නැත්නම් ඒ වැඩේ හරි යන්නේ නැ කියලයි කියන්නේ. ඒ නිසාද මංදා මටනම් කවදාවත් ඕක කරලා බලන්න බැරි වුනා. ඇත්තටම මට විශ්වාසයක් තිබුනේ නැ මේ ගැන. ඒ වගේමයි අදටත්. ඒවුනාට වෙන අය කරනවා නම් දැකලා තියෙනවා. ඒ හිංදම සමහර වෙලාවට මේක විශ්වාස කරන්නද එපාද කියලා හරියටම හිතා ගන්න බෑ.
ඔය කාසියට භූතයෝ ගෙන්නන උණ අපේ පන්තියට බෝ වුනේ එක පොතකින්. කතුවරයා හරියටම මතක නැ. පොතේ නම “උත්පලවන්නාවේ භූතකෙළිය. මට මතක විදිහට ඒකේ තිබුනේ මිනිමැරුමක් ගැන ඔය භූත ලැල්ලෙන් හොයා ගන්න විදිහක් ගැන.ඒත් කල් යද්දි ගුරුවරුන්ගෙන් බැනුම් අහල අහලම ඔය වැඩේ කට්ටිය අතැරියා.
මම නම් හිතන්නේ මේක ඒ වැඩේට සම්බන්ධ වෙන අයගේ හිතත් එක්ක සම්බන්ධ දෙයක් කියලා. මොකද මෙතෙන්දි කාසිය උඩ ඇගිල්ල තියාගෙනයි ඉන්නේ. කොච්චර කිව්වත් තමන් නෙමෙයි කාසිය හොලවන්නේ කියලා තමන්ටම නොදැනී ඒක සිද්ධ වෙනවා.
කොහොම උනත් ඔය ගැන ආයෙත් මට ඇහුනේ අපේ හොස්ටල් එකේදි.. පහුගිය කාලේ හොස්ටල් එකේ ගොඩක් අය මේ කාසි භුතයෝ ගෙන්නන එක කලා.. ගොඩක් වෙලාවට විනෝදෙට වගේ තමයි කලේ. ඒත් සමහර වෙලාවට ඔහොම ගෙන්නන භුතයෝ යවා ගන්න බැරි වුනා කියලා මහ රෑ ජාමේ කට්ටිය පිරිත් කිය කියා දැගලුවා.
ඒත් එක සිද්ධියකින් පස්සේ කට්ටිය ඔය වැඩේ සම්පුර්ණයෙන්ම අත්තැරියේ උපරිමයෙන්ම බයවුනු හිංදා. දවසක් ඔය විදිහට කාසි භුතයෙක් ගෙන්නලා යවාගන්න බැරිව පිරිත් කියලා අමාරුවෙන් යවලා තියෙනවා. මේ වැඩේ කරලා තිබුනේ අපේ හොස්ටල් එකේ කෙළවරේ කාමරේක. ටිකක් විතර පාලුයි ඒ හරිය. මේ සිද්ධිය කවුරුත් එච්චර ගනන් ගත්තේ නැ. ඒත් පහු වෙනිදා හවස ඒ පැත්තේ කලබලයක් ඇහෙනවා. පොඩ්ඩක් ඔළුව දාලා හොයලා බලද්දි එතන හිටපු අය කීවේ අන්න ඊයේ කාසි භුතයෝ ගෙන්නලා අද එකෙකුට භුතයෙක් වැහිලා කියලා. ඒක අහපු ගමන් අපිට හිනා ගියත් පස්සෙ දැන ගත්තේ තත්වේ ටිකක් බරපතල බව. මේ විදිහට බය වුනු ගෑණු ළමයා තනියම පිරිත් කිය කිය වතුරට මතුර මතුර ඒවා ඔළුවේ හලා ගන්නවා. ආයේ කෑ ගහනවා. කාටවත් ලගට එන්න දෙන්නෙම නෑ. එක පාරක් ලගට ගිය කෙනෙකුගේ බෙල්ලෙන්ම අල්ලගෙන. අනික් අය පැනලා අල්ල ගත්තේ නැත්නම් තව විනාසයක්... කට්ටියම එකතු වෙලා එයාව හොස්පිටල් එක්ක ගියත් ආපහු එවලා තිබුනා ලෙඩක් නැ කියලා. හොස්පිටල් එකේ ඉදලා ආපු ගමන් එයා කාමරේට පැනලා දොර වහගෙන. කාටවත් එන්න දෙන්නෙත් නැ. අන්තිමට කට්ටිය තිරණේ කලේ නූලක් දැම්ම නම් හරි යයි කියලා.. ඒත් හොස්ටල් එකේ කවුද නූල් දාන්න ඉන්නේ. අනික රෑ වෙලා. ඒ අතරෙයි කට්ටියට මතක් වුනේ ඒ වැඩ දන්න පිරිමි ළමයෙක් අපේ බැජ් එකේ ඉන්න බව. අන්තිමට එයාව ගෙන්නගෙන නූලක් දැම්මත් ඒක තාවකාලික එකක් විතරයි කිව්වා. ඒ පාර පහු වෙනිදා උදේම එයාගේ ගෙදරින් ගෙන්නලා එයාව පිටත් කලා.
මේ සිද්ධියෙන් පස්සේ කවුරුත් තාම කාසි භුතයෝ ගෙන්නන්න හැදුවේ නෑ.. මම දන්නේ නැ එයාට ඇත්තටම එහෙම දෙයක් වුනාද කියලා. ඒත් මට හිතෙන්නේ කලින්දා හිතට දැනුනු බයත් එක්ක ඒ විදිහට හැසිරුනා කියලයි.
අප්පා මාර සීන් එකක්නෙ නංගි.අපිටත් ඔය වගේ උණක් ගහලා තිබුනා අට වසරෙදි.හැබැයි ඔච්චර දරුණු වෙලා නෑ කවදාවත්. ඒ ලමයගෙ මනස පොඩ්ඩක් අවුල් වෙන්න ඇති.
ReplyDeleteඔව් අක්කා..ඒ වෙලාවේ එයාගේ හිතේ බයක් තියෙන්න ඇති...
Deleteඅපේ දෝණියත් ඔහොම කථාවක් කිව්වා. අද තමයි මේක දැන ගත්තේ.
ReplyDeleteදෝණිටත් මේක කරලා බලන්න හිතුනද දන්නේ නැ
Deleteදෙවියෝ සහ භූතයෝ
ReplyDeletehttp://www.mediafire.com/?4vh2yommitk
ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර්
මම මේක කියවලා තියෙනවා. මෙතුමා කියන දේවල් එක්ක නම් මේවා පිළිගන්න අමාරු දේවල්
Deleteකාසි බූත සීන් වල ඇත්ත නැත්ත ගැන මම ඇබිත්තක්වත් නොදන්නේ මම කවදාකවත් ඒ වගේ සිද්දියක් ටීවී එකේවත් දැකලා නැති නිසයි ..
ReplyDeleteමම යන්තමින් ඔවුවා විස්වාස කරනවා ..
පුදුමයි මල්ලි මේවා ගැන නොදන්නවා කීවම.. ghost board කියලා සර්ච් කරලා බලන්න නෙට් එකේ.
Deleteමගෙත් හැබැයි ඕවා ගැන එච්චරම විස්වාසයක් නෑ..
ReplyDeleteමම නමි ඇත්තටම මේව විහ්වාස කරනව මේක බොරැවක් වෙන්න බැ ඔය ගැන මමත් කෙටි ලිපියක් ලියල තියෙනව
Deletehttp://virazonic.blogspot.com/2012/02/quija-board.html
මමත් මේවා ඒ තරම් විශ්වාස කරන්නේ නෑ..
Deleteඔය සීන් එක ඇත්ත කියලා සිළුමිණේ පියවි ඇසෙන් ඔබ්බට කියන විශේශාංගයේ තිබුනා.ඔය වගේ වැඩ සෙල්ලමටවත් කරන එක හරි නැහැ.
ReplyDeleteමමත් ඒ ලිපිය දැක්කා.
Deleteප්ලක්චට් ලෑල්ල කියලා එකක් ගැන නම් අහලා තියෙනවා... කාසි භුතයෝ ගැන ඈහුවමයි මේ...
ReplyDeleteමෙහෙමයි. අපේ ගොඩක් අය ඕක කරන්නේ කාසියකින්... ඒ හිංදා ලේසියට එහෙම කියනවා. මේකටම තව කියනවා Quija board කියලත්
Deleteඅපිත් ගෙන්නුව කාසි භූතයො පන්තියට... ෆී ටයිම් එකක් ලැබුනද භූතයෙක් පන්තියෙ... අන්තිමට ටීචර් කෙනෙකුට මාට්ටු වෙලා වැඩේ තහනම් කෙරෙව්ව... ඒ සීන් එක කිව්වහම ටීච බයවුන නිසා... :)
ReplyDeleteඔය භූතය ගෙන්නල අහන ප්‍රශ්න වලට උත්තරයක් හිතාගන්නවත් බැරි උන්ට කාසිය අල්ලන්න දුන්නහම භූතය මංඤං වෙනව :)
අපේ පන්තියෙත් කාලයක් කාසි භූතයෝ හරි ජනප්‍රියයි. කොහොම හරි ඔයා කියනවා වගේ මේක කාසිය අල්ලන අයගේ හිතත් එක්ක වෙන සෙල්ලමක්
Deleteමමත් මේ කතාව කොහෙදි හරි අහල තියනවා. ඒත් මතක නෑ. කොහොම වුණත් මේ කාසි භූතයෝ ක්‍රීඩාව කාලයක් පාසල්වල තහනම් කරලා තිබුණා නම් මතකයි. මේ සම්බන්ධයෙන් මීට වසර කීපයකට ඉහත දී සති අන්ත පුවත් පතක විශේෂාංග ලිපියක් පළකරල තිබුණා.
ReplyDeleteපාසල් වල තහනම් කරපු බවක් මම දැනගෙන හිටියේ නෑ.
Deleteඅෆෝ අපිත් කලා.......... මතක විදිහට 9 වසරෙදිද කොහෙදෝ... ප්‍රින්සිපල් මැඩම්ගෙන් හොඳ ධර්ම දේශනාවකුත් ලැබුනා. මං නම් අද%ටත් විශ්වාස කරන්නෑ හැබැයි
ReplyDeleteමමත් මේක විශ්වාස කරන්නේ නෑ නංගා
Deleteමාත් ඔය කාසි වැඩේ ඒ දවස්වල කරලා තියෙනවා. හැබැයි මට නම් කාසි බූතයෙක්ව හම්බ වෙලා නෑ.
ReplyDeleteඅයියට කියන්න මමත් ඕක කරන්න කිප සැරයක්ම බැලුවා..ඒත් එක භුතයෙක්වත් ආවේ නැනේ
Deleteඅදමයි මේ සීන් එක දන්නේ....
ReplyDeleteඅයියෝ එහෙමද? මේක හෙන ජනප්‍රියයිනේ
Deleteමමත් විශ්වාස කරන්නේ නැහැ ඒත් ඔය වගේ දේවල් නිසා ළමයි කිපදෙනෙක් අමාරුවේ වැටුනා කියල නම් අහලා තියෙනවා.
ReplyDeleteමමත් මේක විශ්වාස කරන්නේ නැ මලිති....
Deleteඋප්පලවන්නාවේ භූත කෙළිය නං මාත් කියවලා තියනවා. ලස්සන කතාව. ඔය වැඩේ මට කවදාවත් කරන්න හිතිල නං නෑ හැබැයි. පොත ලිව්වෙ භද්‍රජී මහින්ද ජයතිලක මහත්තයද මන්දා.
ReplyDeleteඔව් ඒ පොත හරි ලස්සනයි.... ඔයා කියද්දියි මතක් වුනේ පොත භද්‍රජී මහත්තයාගේ තමයි.. ස්තූතියි බට්ටා මේ පැත්තට ගොඩවැදුනට
Deleteභද්‍රජි මහත්තයා නිකර්මම ලියුවා වෙන්නත් බැ.
ReplyDeleteබොහෝ ඇසුපිරැ තැන් ඇත්තෙක්නේ.