Thursday, August 18, 2011

(නො)දකින


හංසියක නොවේ මම
දියෙන් කිර වෙන් කරන......
මනුසත් දුවක් වෙමි
දුක සතුට මත රැදුන.....

සුදු පියාපත් නොමැත
නිල් අහස කළඹන්න....
ඒ නමුදු නෙත් ලදිමි...
ඒ අහස දැක ගන්න....

අහසටම පෙම් බදින
නෙත් ඇතත් මා සතුව
පොළො උණුසුම නොලද
දෙපා රිදවයි   හිතම

කදුළු ඉනුවත් විටෙක 
සිනහා නැගුවේ නිබද
කදුළු බර වැඩි නිසයි
හිනහෙනා මේ ලොවට



8 comments:

  1. කදුලු ගොඩක්ම බර වැඩියි තමා.
    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  2. අඬන්න විතරක්
    ඉඩ ඇති ලෝකෙක
    ඔබ හිනා වෙන්නෙ
    කෝමද

    ReplyDelete
  3. @මධුරංග- කදූළු බර දරන මිනිස්සු මේ ලෝකේ ගොඩක් ඉන්නවා....ස්තුතියි යාළුවා

    @පිණිබිඳු...-තවකෙනෙක් අඩනකන් බලන් ඉන්න මිනිස්සු අතරේ කදුළු බර දරා ගන්න බැරි ආදරණිය හදවත් කීපයක් නිසා අමාරුවෙන් වුනත් හිනා වෙන්න සිද්ධ වෙලා මට..

    ReplyDelete
  4. හිනා වෙන්න හිනා එන්න...කදුලු වලට කරන්න බැරි දේවල් හිනාවට කරන්න පුලුවන්

    ReplyDelete
  5. හිනා වෙලා ඉන්න.. ඔයාට ඒක කරන්න බැරි දෙයක් නෙවෙයිනේ...!

    ReplyDelete
  6. ඒක නම් ඇත්ත. හිත්වල තියෙන දුක ලෝකෙට පේන්නේ නැහැ.

    "හදවත හඬනා අයුරු දනී නම්, කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ............"

    ReplyDelete
  7. දුක හිත ඇතුලේ තියාන හිනාවෙනවට වඩා ලෝකෙටම ඇහෙන්න අඩන එක වෙලාවකට හොදයි කියලා හිතෙනවා,ඒත කදුලු අතරින් හිනාවෙන්න බලන්න ඒකතමයි ජයක්ග්‍රහනය....

    ReplyDelete
  8. අඩනවාට වඩා අපි හිනා වෙමු...

    ReplyDelete