Tuesday, April 5, 2011

නිසල සයුර

ඕනවටත් වඩා නිසල වී ඇත,
මහ සයුර......
මහ හඩින් මොර දි 
ගැයු ගී හඩ....
ඇසෙන්නැ දැන් ලවන් අබියස...
 මේ නිසල නිහඩ බව
කියයි රහසින්...
සැඩ පරුෂ කුණාටුව
දැන් අත ලගම බව...
ඉදින් මම සොයමි 
සැගවෙන්න,
සිප්පි ක‍ටුවක්...

5 comments:

  1. නියමයි ආ... ඉඳලා ඉඳල ඇට්ටි ​හැලෙන්න නෙලනවා නේද...?
    ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  2. සිප්පි කටුවක් ඇති වෙයිද මහ කුණාටුවකින් බේරෙන්න.

    ReplyDelete
  3. සොයාගන්න ගොඩක් දේවල් අන්තිමට සිප්පි කටු කියල තමයි තේරෙන්නෙ කුණාටු ආවම..

    ReplyDelete