නිදහසේ නිදා ගන්ටවත් නැති හැටියක්...ෆෝන් කට්ට බෙරිහන් දෙන්න පටන් ගත්තා...
හෙලෝ කවුද මේ?
කොහොමද චුටි ...ගොඩ දවසකින්....
මම ටිකක් වෙලා බලන් උන්න එක පාරට මිටර් වුනේ නැ කවුද කියලා....අපෝ ඔච්චර ඉක්මනට මාව අමතක වුනාද?
ආ.....මේ මෙයානේ....මට එකපාරට අදුර ගන්න බැරි වුනා...කොහොමත් ආයෙ කවදාවත්ම කතා කරන්නැ කියපු කෙනා ආයෙ කතා කරයි කියල කවුද දන්නෙ.... ඉතින් කොහොමද...
මම පුළුවන් තරම් වෙනසක් පෙන්නන්නෙ නැතුව කතා කරන්න උත්සහ කලා...නිකමටවත් අපිව මතක් වෙන්නෙ වත් නැ නේද...අඩුම තරමේ ඉන්නවද මැරිලද කියලාවත් බලන්න තිබුන නේද?
සුපුරුදු තැටිය...එක තැන කැරකෙනවා.....මම හෙව්වෙ නැතුවට හොයන්න අය ඕන තරම් ඉන්නව නේද කියලා කියන්න හිතුවත්..මුකුත් කියන් නැතුව .. මම ඔහේ අහගෙන හිටියා...මොකෝ සද්ද නැත්තේ කෝ කට?නැ මේ....මට නිදිමතයි...ඇයි කෝල් කලේ...හදිස්සියකටද
මට ඕන වුනේ ඉක්මනට ෆෝන් එක තියන්න...හදිස්සියක් නෙමෙයි...ඒත් ඔයාට කියන්න දෙයක් තියෙනව.
ආ කියන්න
චුටි මම ලගදි බදිනවා...
එක පාරටම මට කියන්න දෙයක් මතක් වුනේ නැ......චුටි අහගෙනද ඉන්නේ? හෙලෝ.....???
ඔව් ඔව් මම අහගෙන ඉන්නෙ....ඇත්තටම මට ගොඩක් සතුටුයි....මම මුළු හදවතින්ම සුබ පතනවා ඔයාට...
හ්ම්....තැන්ක්ස්...ඔයා හොදින් ඉන්නව නේද චුටි
අපෝ ඔව් මම ගොඩාරියක් හොදින් ඉන්නේ... වෙන කවදටත් වඩා හොදින්.... මම හිනා වුනා...සමහර විට මම ඕනවටත් වඩා හිනා වෙන්න ඇති...ඔයා තාමත් හරියට බොරු කියනව නේද?ඒත් තාමත් ඒ බොරු ඉක්මනට අහුවෙනව...
සමච්චල් හිනාවකුත් එක්ක එහෙම කියද්දි ඇත්තටම මට කියන්න දෙයක් තිබුනෙ නැ...
මම කිව්වෙ ඇත්ත...මම සතුටින්...ඇයි මම දුක් වෙන්නෙ...දුක් වෙන්න මට කිසි දෙයක් නැති වුනේ නැනේ..ඇරත් නැති වෙන්න මට කියල කිසි දෙයක් තිබුනෙත් නැනෙ...
අන්තිම ටික කියද්දි මගේ කටහඩ බාල වුනා වගේ කියලා මටම දැනුනා...ඔන්න දැං මෙතන ටැප් එක ඇරියා වගේ අඩන්නෙ එහෙම නැ ඕං..මම මගේ හිතටම අනතුරු ඇගෙව්ව...හ්ම්...හරි හරි...
මම තියන්නම් එහෙනම්...
ඉන්න... ඔයා එනව නේද වෙඩින් එකට... මම? බලන්නම්...පුළුවන් වුනොත්...එහෙම කිව්වට මම කොහෙ යන්නද....
ඔයා කොහොම හරි එන්න චුටි..මම බලන් ඉන්නව....එච්චරයි කිව්වෙ..ෆෝන් එක කට් වුනා....
හ්ම්....එහෙනම් එකත් ජය සිරි මංගලම්...
සරුංගලේ කඩාගෙනම යන්න හදනවා නම් අත අරිනවා ඇර අල්ලගෙන මොකට අත කපා ගන්නවද
ReplyDeleteයන අය ඉතින් කොහමත් හිතේ දුක ඉතිරි කරල තමා යන්නෙ
ReplyDeleteඅදත් ඇඩීමක් පෙන්නුම් කරනවා.....
ReplyDeleteඅපි මොකටද අප්පේ ඔය යන අය ගැන හිතන්නේ
අපි කැමතිම අය අපි ලගින් ඈත් උනත් එයාලා මතකය ඉතිරි කරලා යන නිසානෙ මේ ඔක්කොම...
ReplyDelete@පිණිබිඳු -ඔන්න මම අතැරියා සරුංගලේ.....
ReplyDelete@නිසල් -මොකද මන්ද දැං නම් මගේ හිත හරි සැහැල්ලුයි
@රත්ගමයා -නැත නැත රත්ගමයෝ මම අම්බානෙක සතුටින්...දැන් මම මාර නිදහස්
@Dinesh- මතකයන් තමයි අපිව කන්නෙ
මතකයන් තමා අපිව කන්නෙ.. අන්න ඇත්ත කතාවක් :)
ReplyDeleteඅතහැරුණට පස්සෙ තියෙන නිදහස සැහැල්ලු බව කාලයත් එක්ක සතුටක් බවට පත්වෙනවා. ඒ නිදහසටත් සැහැල්ලුවටත් ආශා කරන්න ගත්තම.
ReplyDeleteහ්ම් ඔයාගේ හිතට සැහ්ල්ලුවක් දැනෙනවනම් කොච්චර හොඳද. එච්චරයි තියෙන්න ඔනේ යාළු මොන දේ අහිමි උනත්.
ReplyDeleteයන අයට යන්න දේන්න ඒක තමයී හොදම දේ..
ReplyDeleteමුකුත් කියන්නේ නැත...(එක එක මගුල් කියවන්න ගියොත් ටැප් එක ඈර ගත්තොත් එහෙම කෙල වෙනවා)
ReplyDeleteබලාපොරොත්තු අපිව ජීවත් කරනව කියන එක නම් ඇත්ත කියල හිකෙනව. ඒත් බලාපොරොත්තුවක් ඉටු නොවුනහම දැනෙන දුක තාවකාලිකයි. අපි හැමදේම සංසන්දනාත්මකව බලන නිසා තමා දුක වැඩිව දැනෙන්නෙ. සංසන්දනාත්මකව නැතිව සිතන්න පුළුවන් නම් ලොකු වෙනසක් සිතට දැනේවි කියල මම සිතනව.
ReplyDeleteතව කෙනෙකුට හිතේ ඉඩ දෙන්න ....
ReplyDeleteඅඩෝ සිරාවට මටත් ඕකම වුනා මේ ලගදි. ජිවිතේ හෑටි ඔහොම තමා. මගේ හිතනම් වෙන කෙනෙක්ට දීලා තියෙන්නේ. ගිය දෙවල් වලට අඩලා වෑඩක් නෑ
ReplyDelete