මෝඩි
ඇ... අදද දැනගත්තේ ඒක...මම හිතුව ඔයා ඒක දන්නව ඇති කියලා...
ඔයා නම් මෝඩ මි හරකියක්....
ඔන්න ඔන්න... බනිද්දි ටිකක් වැදගත් විදිහට බනිනවකො... පව් අර අසරණ මිහරක්..තමංගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න ඒ අහිංසකයංව ඇයි මට සමාන කරන්නේ..ආ....මට ඕන වුනේ එයාව ටිකක් තරහ ගස්සන්න..හ්ම් සද්දයක් නැ...මම හෙමින් හැරිලා බැලුවා....තරහට මුණ කළු වෙලා...ඒක දැක්කම මට හිනා ගියා...
ඔච්චර තරහ ගන්න එපා හලෝ...තරහ ගියාම මුණ කළුවෙනව කැත වෙනව..අන්තිමට කෙල්ලෙක් වත් සෙට් කරගන්න බැරිවෙයි... ඔන්න එතකොට නම් මුණේ පුංචි හිනාවක්..(පෙනේද තියෙන මනමාල කම..)
කතාව වෙනස් කරන්න හදන්න එපා හරිද...මම ආවේ තමුසෙට හොදවයින් දෙකක් අමතන්න....
ඉතින් අමතනවකෝ මම අල්ලං හිටියැයි?
මොකද්ද අර කියපු කතාව?
මොන.... මට මතක නැනේ...අර රසීට කියලා තිබුනෙ...
ආ ආ.... ඒකද මම එයාට කිව්වෙ ඔයාගේ වෙඩිම වෙද්දි මම ඉන්නෙ නැතිවෙයි කියලා.... කවුද දන්නේ මොනව වෙයිද කියලා...
මොනව වෙන්නද???...ඒ වචන ටිකක් සැරයි...කවදා හරි මගේ වෙඩින් එකට උඹ එනවමයි..කවුරු නාවත් උඹ එනව..උඹට මුකුත් වෙන්නෙ නැ මෝඩියේ..හරි හරි මම මැරුණත් හොල්මනක් වෙලා හරි ඔයාගේ වෙඩිමට එනව..ඒක ෂුවර්.... හැබැයි ඉතින් මාව දැකලා බය වුනොත් නම් පස්සෙ මට බනින්න එපා හරිද?
අනේ අම්මපල්ලා...මම පව් කියලා නිකන් ඉන්නෙ..නැත්තං දෙනව දත් ඇන්ද බඩට යන්න...
අම්මො මගේ දත් ටික...අනේ මේ ගහනවනම් හෙට ගහන්න...අද මට ගොඩක් ජාති කන්න තියෙනව....
ඇයි අද විතරක්??
අද අම්මා පැණිවළලු හැදුවා..අළුව හැදුව..තව මට තඩි චොකලට් එකකුත් හම්බ වුනා... ඉතින් මම ඒවා කන්න එපැයි....
අම්මටසිරි මරුනෙ..ඒත් අද මොකදයකෝ උඹට අමතක වෙලා... අද විශේෂ දවසක්....අද මේ ලෝකෙට විශේෂ කෙනෙක් ඉපදුන දවසක්....
ඇ....?
මෝඩ රාළේ අද මගේ උපන්දිනේ....
අද ඔයාගේ උපන්දිනේ??? ඇත්තටම???
නැතිව ඉතින් බොරුවට උපදිනවැයි....?
අනේ සොරි...ඇත්තටම මට ...ම...ට...
අමතක වුනා නේද? කමක් නැ.... ලබන සැරේවත් මතක තියා ගන්න...කොහෙද ඉතින් අපිව මතක තියාගන්න ඔය ඔළුවෙ ඉඩක් නැනෙ...
අනේ නැ බං එහෙම නෙමෙයි....හරි හරි ඔයාට සුබම සුබ උපන්දිනයක්...
------------------------පන්තිය පටන් ගත්තා...ඒත් එක පුටුවක් හිස්...යකෝ මට බැන බැන හිටි එකා කොහෙ ගියාද?...පැය ගානක් ගියා...ඉන්ටවල් එක ආවා...මොනව හරි සප්පායං වෙන වෙලාව...මම පුටුව පිටිපස්සෙ තිබුන බැග් එකට ඔළුව දාගෙන කැම එක හොයද්දි කවුදෝ මගේ මේසේ ලග කැරකෙනව දැනුනා... ඉක්මනට ඔළුව උස්සල බලද්දි කවුරුත් නැ..ඒ වෙනුවට මේසේ උඩ ලස්සන බර්ත්ඩේ කාඩ් එකක් තිබුනා...කැම එක පැත්තකින් තියලා මම ඒක අතට ගත්ත...ලස්සන මල් දෙකක් තියෙන ලස්සන කාඩ් එකක්... ඒක ඇතුලේ මෙහෙම ලියල තිබුනා..
ටිකක් පිස්සු ටිකක් විකාර..
මලහොල්මනට සුබ උපන්දිනයක්...
---------------------
මේ තමයි එදා මට ලැබුනු හොදම සුබ පැතුම...අවුරුදු ගානකට පස්සෙ මට ආයෙත් ඒ කාඩ් එක ඊයේ හම්බ වුනා.. පරණ මතක ආයෙමත් අලුත් වුනා...ඒ ඇතුලේ අතිතයේ සුන්දර මතකයන් ගැන සතුටකුත් අද ගැන දුකකුත් හැංගිලා තිබුනා..සතුට මට මේ ලෝකේ කාටවත් නැති තරම් හොද යාළුවෙක් ඉන්න නිසා..දුක මේ සැරේ උපන්දිනේට ඒ වගේ සුබ පතන්න ඔහු ලංකාවේ නැති නිසා....
happy birthday oyata
ReplyDeleteසුබ උපන්දිනයක් නංගියෝ .....
ReplyDeleteඅනේ අද මගේ උපන්දිනේ නෙමෙයි....මට පරණ බර්ත්ඩේ කාඩ් එකක් හම්බ වුනා...ඒ ගැනයි ලිවේ
ReplyDeleteඅයියෝ...එහෙමද....???? පරණ යාළුවෙක් මතක් වෙලා වගේ.
ReplyDeletesorry hode kamak nee b day 1ka kawada hari enawane
ReplyDeleteකියවගෙන එද්දි මම හිතුවේ අදයි උපන්දිනේ කියලා.. සුන්දර මතකයක් අවදි වෙලා....
ReplyDeleteඔව්වා තමා නියම මතකයන්........ :D
ReplyDeleteඋඹ නම් නංගියේ අපිව අමාරුවේ දානවා කොයි වෙලේක හරි...
ReplyDeleteසුබ උපන්දිනයක් වෙවා!!!
ReplyDeleteමමත් හිතුවේ අක්කාගේ උපන්දිනේ කියලා.. මතකයන් අපිව ජිවත් කරනවා හැම තත්පරයේම
ReplyDeleteඅපරාදේ මම මේ තෑගිබෝගත් උස්සගෙන ආවේ අක්කගේ උපන්දිනේ කියලා හිතලා ...
ReplyDeleteපරන මතකයන් වෙලාවකට වද දෙනවා වෙලාවකට සුන්දරයි ..
@mahima - අවුලක් නැ..කොහොමත් මගේ බර්ත් ඩේ 1 ලගයි..ඉතින් මම ඔයාගේ සුබ පැතුම පිලිගන්නම්...
ReplyDelete@Dinesh -ඇත්තටම සුන්දර මතකයක්
@හා පැටික්කි (MS) -ඒක ඇත්ත හාවියේ
@prasanna86k -අමාරුවෙ දැමිමෙ ක්රමයක් සොයමින්..හිකිස්.....
@ඉලංදාරියා -අද මගේ උපන්දිනේ නෙමෙයි...
@නිම්ශා -මාව ජිවත් කරන්ාන පරණ මතකයන් තමා නිම්ශා ..
@හිස් අහස -තැගි ටික පරිස්සම් කරලා තියාගන්න...උපන්දිනේ දවසට මමම ඉල්ල ගන්නම් :D
mokada tika dawasakin penna naththe??
ReplyDeleteනියම උපන්දින පැතුම ඕං.. :D
ReplyDelete