Thursday, February 3, 2011

දරා ගන්න බැරි තරම් විදවනවට වැඩිය මැරෙන එක හොද නැද්ද

                               
       උඩ මාතෘකාවට ගොඩක් දෙනෙක් එකග වෙන්නේ නැති වෙයි..ඒත් මේ දවස් ටිකේම මගේ ඔළුවෙ කැරකෙන්නේ මේ ප්‍රශ්නේ..ජිවිතෙන් පැනලා යන එක හරි වැඩක් නොවෙන බව මාත් පිළි ගන්නවා..ඒත් ඒ ජිවිතේ දරා ගන්න බැරි තරම් දුක් ගොඩක් නම් ඒ ජිවිතෙන් නිදහස් වීමේ අයිතියක් නැද්ද මනුස්සයෙකුට...මම කියන්නෙ පුංචි පුංචි ප්‍රශ්න වලට බයේ ජිවිතෙන් පැනලා යෑමක් නෙමෙයි...කවදාවත් විසද ගන්න බැරි ප්‍රශ්න එක්ක ජිවිත කාලෙටම ජිවත් වෙනවට වඩා මැරෙන එක හොද නැද්ද?.. මම කියන දේට කවුරුත් එකග වෙන්නෙ නැති වේවි..
                                    ඒත් මම පුංචි සිදුවිමක් කියන්නම්..මේක මම දැක්කේ මගේ සුපුරුදු නවාතැනක..ඒ කියන්නේ ඉස්පිරිතාලෙදි... මගේ ඇදට ඉස්සරහ ඇදේ හිටියා පොඩි මල්ලි කෙනෙක්.. එයාටත් තිබුනේ මගේ අසනිපෙමයි.. වෙනසකට තිබුනේ එයාට උපතේදිම ඒක බලපාලා තිබුන එක..ඒ වගේම එයාට ඒක ගොඩක් දරුණු විදිහට බලපාලා තිබුනා..මේ අසනිපේ ගැන කිව්වොත් ඒක බලපාන්නේ අස්ථි වලට.. ඒ කියන්නේ අස්ථි ඉක්මනින් බිදෙනවා.පුංචි ගැස්සිමක් ඇතිවුනත් අතක් පයක් කැඩෙනවා කිව්වොත් ඔයාලා පුදුම වෙයි..ඒත් ඒක ඇත්තක්.. වාසනාවකට වගේ උපතින්ම මට ඒ අසනිපය මතු නොවුන නිසා ගොඩක් දරුනු විදිහට බලපැවේ නැ. ඒත් ඒ මල්ලිට ඒක බලපාලා තිබුනා.. ඒ වෙනකොට එයාගේ කකුල් දෙක හය තැනකින් බිදිලා තිබුනා. ඒක වෙලා තිබුනේ එයා පඩිපෙලක් බහිද්දි ඇතිවුන ගැස්සිමක් නිසා... එදා ඒ පුංචි එකා කොයි තරම් වේදනාවක් වින්දද කියලා කාටවත් හිතා ගන්න බැරි වේවි..පොඩ්ඩක්වත් හෙලවෙන්නවත් බැරිව විදපු වේදනාව මම දැක්කා.. එයාගේ වයස අවුරුදු 5ක් විතර ඇති..ඔහු මුස්ලිම්..එනිසා මට තේරැනේ නැ එයා අඩමින් කැ ගගහා කිවේ මොනවද කියලා ඒත් එයාගේ අම්මා එයාගේ ඒ වචන නවත්තන්න ලොකු උත්සහයක් ගත්තා..ඇයත් අඩමින් හිටියේ..මම පස්සෙයි දැන ගත්තේ එයා මොනවද කිවේ කියලා...ඔහු කියලා තිබුනේ  අනේ දෙවියනේ මාව ඔයා ලගට ගන්න.මට තවත් අඩන්න බැ.... ඒතරම් පුංචි එකෙක් මරණය ඉල්ලලා අඩනවා මම දැක්කේ පලවෙනි පාරට...කියලා. ජිවිතේ තියෙනකන්ම මේ දුක විදින්න වෙන බව ඔහුත් මමත් හොදින්ම දැනගෙන හිටියා.. ඒ වෙනකොට මමත් උන්නේ කැඩුනු අතකුත් එල්ලගෙන..අවුරුද්දක් තිස්සේ මම ඒ කැඩුනු අතින් වැඩ කලා..වේදනාව තිබුනට මම දැනන් හිටියෙ නැ අත කැඩිලා කියලා..මොකද ඒ තරම්ම වේදනාව කියන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුන නිසා..ඒ කැඩුනු අතිනුයි මම සාමාන්‍ය පෙල ලීවේ...එදා ඉදන් මේ වෙනකන් කිපාරක් මේ විදිහට කැඩිච්ච අත පය එක්ක දුක් වින්දද කියලා මතක නැ..දොස්තරලා වුනත් අදටත් කියන්නේ ප්‍රතිකාරයක් නෑ කියලා..                           
                       මම ඔහු වගේම දුක් විදපු තවත් පුංචි පැටියෙක් හිටියා.. විශ්වාස කරනවද ඔයාලා එයාට අවුරුදු දෙකයි..එයාගේ අම්ම එයාට වඩා ගත්තේ කොට්ටයක් උඩ තියලා. එයාව අත් දෙකින් හයියෙන් අල්ලන්නවත් බැ ඒ තරම් ඉක්මනට අස්ථි බිදිලා යනවා. පොඩ්ඩක් හිතන්න ඒ වගේ ජිවිතයක් ගෙවන එක මොන තරම් අමාරුද කියලා...ඇයව ඒ වෙනකොට ඇතුලත් තරලා තිබුනේ කොන්දේ අස්ථි බිදිලා තිබුන නිසා. හිතා ගන්න පුළුවන්ද එයා මොනව කරන්න ගිහින් කොන්ද කඩා ගත්තද කියලා?. වෙන මොනවත් නිසා නෙමෙයි.කැස්ස නිසා ඇති වුන ගැස්සිමකින්... 
අකීකරු හිතත් ටිකෙන් ටික මේ තත්වෙට පත් වෙනවා...ඉතින් දැන් මේ ජිවිතේ ඇති කියලත් හිතෙනවා..  දැන් මදැයි විදෙව්වා...මේ ජිවිතේ  ජිවත් කරවන්න වෙර දිපු අයත් දැන් ඇද වැටිලා... කොයි තරම් හිත හයිය කර ගත්තත් මේ ජිවිතෙත් එක්ක හැප්පිලා දැන් හරි මහන්සියි..ජිවිතේ තිබුනු අරමුණු හැම දෙයක්ම සේදිලා ගිහින්.. ඉතිරි එකම අරමුණක් විතරයි... තාමත් හිත යට පොඩි හයියක් ඉතිරි වෙලා තියෙනවා...ඒකත් නැති වුන දාට......................

27 comments:

  1. කියෙව්වම මොනා ලියන්නද කියල තේරෙන්නෙ නෑ. අස්ථියක් බිඳුණම තියෙන වේදනාවත්,ඇතිවෙන දුෂ්කරතාත් විඳල තියෙන නිසා දන්නව.
    ඒත් ජීවිතය අතහැරීම අපට කරන්න අයිතියක් තියෙනවද කියන එක නැවත හිතන්න වෙනව. මම දන්නෙ නෑ මම පෙරදිග ආගමික දේවල් සමග බැඳීමෙන් ඉන්න නිසා මම හිතන්නෙ එහෙම කිරීම පලායාමක් වෙන්නෙ නෑ කියල. සමහර දේවල් අප වෙත ළගා වෙන්නෙ කර්මානුරූපවයි කියන එකත් මට පිළිගන්න සිදුවෙලා තියෙනව. ඉතින් ගෙවිය යුතු ඒ කර්මයන්ගෙන් පලා යන්න බෑ කියලත් මට හිතෙනව. නැත්නම් ඔයාට වගේම ජීවිතේ යම් යම් කාල වලදි ඒ තීරණය ගන්න අසලටම ගිහිල්ලත් අන්තිම තත්පරයෙ එය වැලකුණෙ එනිසයි.
    ඒත් ඔයාගෙ වේදනාව වටහා ගන්නත් පුඵවන්. ඒත් තවදුරටත් බලාපොරොත්තු සහිත වෙන්න කියල මම ඉල්ලනව. ලෝකය ගොඩක් දේවල් වලින් පොහොසත් වෙමින් තියෙනව. යම් මොහොතක දැනට සුව කල නොහැකි රෝගයන් සුව කල හැකි මොහොතක් උදාවෙන්න හැකියාව තියෙනව. අතීතයේදීත් එහෙම වුණා. ඉතින් හෙටත් වෙන්න පුඵවන්. ජීවිතය කියන්නෙ සිරුර පමණක් නොවේ. සිරුර හරහායි අවබෝධයේ ගමන යා යුත්තේ. ඒකයි ශාරීරික ජීවිතය එතරම්ම අභියෝග අපට ගෙන එන්නෙ.
    ඉතින් දරුවො තව ධෛර්යමත් වෙන්න. අන්තිම තත්පරේ දක්වාම.
    බුදු සරණයි !

    ReplyDelete
  2. ජීවිතයට ජීවත්වන්න ඉඩදෙන්න!!!

    ReplyDelete
  3. Kalaya visin obawa suwapath karana thuru iwasanna!

    ReplyDelete
  4. එහෙම හිතන්න එපා යාළු. ජීවත්වෙන එක අභියෝගයක්. ඒක ඔයාට ජය ගන්න පුලුවන්.ඔයාගේ හිත ශක්තිමත් කර ගන්න. ඔයා ජීවිතේ ජය අරන් ඔයා වගේ ඉන්න අනිත් අයට උදව් කරන්න යාළු. එතකොට ඔයාට හුඟාක් සතුටු හිතෙයි.ජීවිතේ කියන්නේ ඒකයි යාළු. ඔයාට ඒක කරන්න පුලුවන්. ඔයා හුඟක් උත්සහවන්ත කෙනෙක් කියලා මට හිතෙනවා.ඔයාට ජීවිතේ ජය ගන්න පුළුවන්.

    ReplyDelete
  5. සුදු නංගි හීනෙන්වත් ඔය විදියටනම් හිතන්න එපා.ඇත්ත වේදනාව තියන එක්කෙනාට තමයි ඒකෙ තියන දරුණුකම දැනෙන්නෙ.ඔයාගෙ හිත අපිට තේරෙනවා.ඒ උනාට කොයිම වෙලාවකවත් බලාපොරොත්තු අතැර ගන්න එපා.ඔයාට පුංචිම හරි සහනයක් ලබා ගන්න , අපිට කරන්න පුළුවන් දෙයක් තියනවනම් කියන්න.ඔයා බුද්ධිමත් නංගියෙක්නෙ. හිත ශක්තිමත් කරගෙන විකාර දේවල් කල්පනා නොකර ඉන්න.
    බුදු සරණයි.....!

    ReplyDelete
  6. සිත සක්තිමත් කරගන්න න0ගි,උඹ කියන ඔය මාහා වෙදනාව නොතෙරෙනවා නෙවෙයි න0ගියේ,එත් කවදාවත් ඔය වගේ පිස්සු තීරන වලට නම් යන්නහිතන්න එපා,අපි උඹත් එක්කා ඉන්නවා න0ගියේ,තෙරුවන් සරනයි......

    ReplyDelete
  7. වේදනානුපස්සනාව වඩන්න.මැරුණම ඕක ඔතනින් ඉවරයි කියල කාටද කියන්න පුලුවන්.ඒක නිසා ලැබුන මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

    ReplyDelete
  8. අක්කේ කවදාකවත් ඔහොම හිතන්න එපා !

    ජීවිත ගමනේදී මිනිස්සු පරදිනවා..ඒත් හැමදාම පරදින්නේ නෑ .ඕනම දේකට අපි ඉන්නවා .ඒක නිසා විකාර දේවල් හිතන්නේ නැතුව . සන්තෝසෙන් ඉන්න බලන්න ..

    ඔයා වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා ..වචනෙන් විතරක් නෙවේ .. ඕන උදවුවක් ඉල්ලලා බලන්න ලංකාවේ මොන මුල්ලේ හිටියත් බොක්කෙන්ම ඕන සපෝර්ට් එකක් දෙන්නම් ..

    අපිට ඔයාව වටිනවා ..අක්කේ ..

    ReplyDelete
  9. ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්...ජීවත් වෙනකා කියන්නේ ඊට වඩා පුදුම දෙයක්...ජීවත් වෙන්න ඕනේ නම් ජීවිතයට මුහුන දෙන්න......එතකොට කවද හරි ආඩම්බරයෙන් කියන්න පුලුවන් මම ජීවත් උනා කියලා

    ReplyDelete
  10. ඔයා විඳින වේදනාව මට තේරෙනවා.. ඒත් කවදාවත් අර වගේ තීරණයක් ගන්න එපා.. මිනිස් ජීවිතයක් ලබන්නෙ කොච්චර කලාතුරකින්ද කියලා දන්නවනෙ. ඇනෝ කිව්ව වගේ ඕක මරණයෙන් කෙලවර නොවුනොත්...

    බුදු සරණයි සහෝදරියේ.. කොහෝම හරි ඔයාට ඉක්මනට සනීප වෙවි..

    ReplyDelete
  11. හිතේ හයිය තියාගන්න අක්කෙ... ඕනම ප්‍රශ්නයක් අපිට කරදර කරන්න ගන්නෙ අපේ හිත දුර්වල උනොත්... අසනීපයි කියල හිත දුර්වල කරගන්න එපා හිතන්න ඔයා ඉක්මනට හොද වෙනවා කියලා... මේ හැම දේකටම වඩා මනුස්සයෙකෙ හිත බලවත්... හැමදාම හිතන්න ඔයාගෙ අසනීපෙ හොද වෙනවා කියලා විශ්වාස කරන්න ඔයාගෙ හිත. කවදාවත් අපේ හිත අපිව අතරමං කරන්නේ නෑ... එකම විස්වාසෙන් ඉන්න ඔයාට ඉක්මනට හොද වෙයි...
    ජේසු පිහිටයි ඔයාට...

    ReplyDelete
  12. අතක් කකුලක් කැඩුනම එන වේදනාව මමත් හොඳටම දන්නවා. එත් ඒ වේදනාව මටත් වඩා ඔයාට දැනෙනවා කියලා මට නොතේරෙනවා නෙවෙයි, ඒ කොහොම උනත් ඔයා හිතන දේ වගේ දෙයක් ගැන නම් හීනෙකින්වත් හිතන්නෙපා. එහෙම කරගන්න එක ලොකු පාපකර්මයක්, හිතන්න ඔයාගේ දෙමව්පියෝ ගැන... එයාලා ඔයාව මේ තරම් කල් ආදරෙන් බලාගත්තනේ,ඔයාට දුකක් නොදී. එයාලාගේ ලොකුම සතුට ඔයා. ('පුත්තා වත්ථු මනුස්සානං'කියලනේ කියන්නේ )ඒ නිසා එයාලා වෙනුවෙන් ජීවිතයට අභියෝගයක් වෙන්න.කකුල හය තැනකින් කැඩුණු මල්ලියාට වඩා ඔයා ශක්තිමත්, ඒක තේරුම් අරන් ජීවිතයට මුහුණ දෙන්න. ඒක ඔයාට පුලුවන් නංගියෝ! තෙරුවන් සරණයි ඔයාට....

    ReplyDelete
  13. හිතේ පොඩි හයියක් තියනවා කීවට ඔය තරම් හිත හයිය වෙන කාටවත්ම නැතිව ඇති
    ඔයාට ඉක්මනටම සුව වේවි

    ReplyDelete
  14. අමුතුවෙන් පැනලා යන්න ඕනැ නැහැ, යන්න තියෙන දවසට යන්න වෙනවා!

    ReplyDelete
  15. මං කියවලා වැඩක් නැහැනේ... ඔය උඩින් තියෙන්නේ ...

    ReplyDelete
  16. නංගි..
    මං උඹට බණ කියන්න යන්නේ නැහැ...ඒ කියන්නේ හා කියන්නවත්..එපා කියන්නවත් යන්නේ නැහැ...මොකද උඹ විඳින වෙදනාව මට තේරෙනවා කියලා මං කිව්වට ඇත්තටම ඒ සුළු මොහොතකට විතරයි..ඒත් ඒ හැම දෙයක් එක්කම සෑම තත්පරයක්ම ගෙවන උඹ විඳින වෙදනාවෙන් එක අබ ඇටයක තරං මට තේරෙන්නේ නැහැ..මං කිව්වෙ හිතට එකගව...

    මරණය කියනදේ නියම වෙලාවට උඹව හොයාගෙන එයි..මරණය නරක දෙයක් නෙවෙයි..
    මිනිස්සු මරණයට බය ඒ ගැන නොදන්න හින්දයි..
    ඒත් එක ගැටළුවක් තියෙනවා...
    උඹට විශ්වාසද ඔය කරුමෙ..තරහා වෙන්න එපා කරුමෙ කිව්වට..ඔය ඇත්තටම කරුමයක් අපි කරපු දේවල් අපි පස්සේ පන්නනවා....ඉතින් මං කියන්න ගියේ උඹ කොහොමද නංගියේ හිතන්නේ මැරුණාහම කරුමෙ ඉවර වෙයි කියලා...
    මංදා මටනං එහෙම හිතෙන්නේ නැහැ..
    ඒ හින්දා උඹම කල්පනා කරලා බලහං ඔක ඔතනින් ඉවරයිද කියලා..නැත්තං අපරාදේ ආයෙමත් උඹට ගිල්ලා තව කොහේ හරි ඉපදිලා..ආයෙත් මුල ඉඳලාම ඔය කරුමෙම ගෙවන්න වෙයි..
    ඒ හින්දා ලැබුණු පුංචි අවස්ථාවවත් අහක යවන්නේ නැතුව පුළුවං හැටියකට පිං දහං කරන්න බලපං..උඹට තාම බැරි නැහැ..
    ඒ අතරෙ සතිපට්ඨාන සූත්‍රය කියවන්න පටන් ගන්න..රෙරුකානේ හාමුදුරුවන්ගේ අතින් ලියඋන පොතක් තිබුණා සතිපට්ඨානෙට විවරණයකුත් එක්කම..මං හිතන්නේ ඒක හොඳයි.
    ඒ කියවන ගමන් අර උඩින් කවුද මංදා කියලා තිබුණු විදියට වෙදනනුපස්සනාව වඩන්න ඉගෙන ගනින්..
    උඹ හරියට හිතට එකගව ඒ දේ හරියට කලොත් උඹට ඔය වෙදනාවට ඔයිට වඩා හොඳට මුහුණ දෙන්න පුළුවන්..ඒක මට හොඳටම විශ්වාසයි..නොදන්න මගුල් මෙ අයියා කියන්න යන්නේ නැහැ.
    දන්න හින්දයි ඒ ටික කිව්වෙ...
    මැරෙන එක ගැන අපි පස්සෙ බලමු..තව එක පාරක් අපි මෙ දෙත් කරලා බලමු.
    මොකද මලාට පස්සේ ආයේ හිතුනත් එන්න බැහැනේ බං..
    මම ආයෙත් කියන්නේ මැරෙන එක නරකක් නෙවෙයි..ඒත් ඊට පස්සේ වෙන්නේ හිටියටත් වඩා නරක තත්වෙකට පත් වෙන්නනම් මැරෙන එකෙත් තේරුමක් නැතිව යනවා..
    ඒ හින්දා මැරෙන්න කළින් ඒ මරණයට තේරුමක් දෙන්න බලහං...

    ඔය වගේ ජීවිතේ කලකිරිලා ඉස්සර හාමුදුර කෙනෙක් දැළි පිහියෙන් ඛෙල්ල කපාගෙන තියෙනවා..ඒත් උන්වහන්සේ සතිපට්ඨානය ජීවිතේ පුරාවටම පුරුදු පුහුණු කරපු කෙනෙක්...
    අන්තිමට අර අන්තිම මොහොතේ ඛෙල්ලෙන් එන දරුණු වෙදනාවත් එක්කම උන්වහන්සේ ඒ වෙදනාවම අරමුණු කරගෙන ඇහිපිය ගහන සැණින්ම හිත සමාධිගත වෙලා නියම මාර්ගයට වැටිලා රහත් උනා..දැළි පිහියේ වැඩෙ අවසන් වෙලා දැළි පිහිය බිමට වැටුනේ රහතන් වහන්සේ නමකගේ පිරිනිවීමත් එක්කයි..ආන්න ඒ වගේ මරණයකට අපිට දොස් කියන්න බැහැ..

    ඒත් ඔයා ඉන්නේ ඒ මට්ටමෙ නෙවෙයි..
    මුළින් හිත හදාගෙන ඒ දේ පුරුදු පුහුණු කරන්න..සමහර විට ඒ පාරෙ යනකොට උඹට ඔය වෙදනාව මහා අමුතු දෙයක් නොවෙන්න පුළුවන්..අපි හැම දෙයක්ම ඊ ළගට බලමු..
    දැන් ඔය කියාපු තැනින් පටන් ගම්මු.
    මම නිතර උඹත් එක්ක කතා කරන්න එන්නේ නැහැ..ඒත් උඹට පුළුවං හැම වෙලේම මට මෙල් එකක් දාලා විස්තර කියහං..හිරවෙන තැනක් ආවොත් මං උදව් කරන්නං.

    ReplyDelete
  17. අති ශෝචනීයයි, හැබැයි අර මරක්කල පොඩි එකාටනම් හොඳ වැඩේ. ඕකුන් හැම එකෙක්ටම පිලිකාම හැදිල මැරියන්. ඒත් සිංහලයන්ටත් හැදෙනවනෙ. මොනව කරන්නද. ඔහොම තමා සසරෙ හැටි. දුක විතරයි

    ReplyDelete
  18. @ Astro Boy
    ඔබේ කථාව ප්රoථිචාරය තරයේ හෙලා දකිමි. ලෙඩක දුකක දී වත් ඔය ජාති බේද වර්නවාදී දේවල් ගාව ගන්න එපා. වේදනාව කාටත් පොදුයි. වේචනාවට සත්තු මිනිස්සු ජාති ආගම් බේද නැහැ. අනික ඔයා එහෙම කිවුවේ පොඩි එකෙකුට.

    @ අකීකරු හිතට
    මේ වගේ ප්රීශ්ණයක් ගැන විවාදාත්මකම ගැඹුරින් කථා කරන චිත්රුපටයක් තමයි guzarish චිත්ර්පටය. ඒ ෆිල්ම් එක බැලුවොත් ඔයාගේ මේ ප්ර ශ්ණයට පිළිතුරක් හම්බ වෙයි. ඒ ෆිල්ම් එක බලාපු වෙලේ සිටන් මමත් ඔයාගේ ප්රඩශ්ණයට පිළිතුරක් හොයනවා. මේ ප්රපශ්ණයේදි දැනට මගේ මතය මධ්යලස්තයි. ඒ මධ්යකස්තභාවයට මම විසින් ගොඩනගාගත්තු නිර්ණායකයන් තියෙනවා. ඒ නිර්ණායකයන් තුල ඔබට ඒ මධ්ය‍ස්ථ තීරනය තුල අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ ඔබව ඒ මධ්ය්ස්ථ තීරණයට අයත් ගොඩට දාන්න බැහැ. ඔබ ජීවත් විය යුතුයි. ඔබගේ දෙමාපියන්ට ඔබේ පවුලට ඔබේ සමාජයට මේ පොලොවට ඔබෙන් විය යුතු වැඩ කොටසක් ඇති. ඒ වැඩ අහවර නොකර පලා යන්න සිතන්න එපා. ජීවිතයකින් පලා යනවට වඩා ඒ අවස්ථාව ස්භාවිකවම ලගාවෙනකම් ජීවිතය දෙස සුබවාදීව ධනාත්මක ව බලන්න හුරු උනොත් වේදනාවන්ට එරෙහිව සටන් කරන්න ශක්තියක් ධෛර්යක් ඇති වේවි. ඔබ ඔබේ වේදනාවට වඩා වැඩි වේදනාවන් ගෙන් යුත් ඔබට වඩා අසරණ පුද්ගලයන් ගැනසිතන්න. ඔවුන්ට වඩා යහපත් තත්වයක් ඔබට ඇති බව සිතන්න. ඔවුන්ට අනුකම්පා කරන්න. එවිට ඔබගේ වේදනාව අසරණ කම් ඔබට නොදැනී ඔබේන් පලා යාවී. අපේ අගම් අපට කියා දී ඇති පරිදි උතුම් මනුස්ස ජීවිතයක් ලැබීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ නිසා ජීවිතය දෙස ධනාත්මකව බලන්න. ඔබේ දුක වචනයෙන් හරි බෙදාගන්න ලියන්න අපිට. අපේ දුක සැප අපි ඇති හැකි අයුරින් බෙදා හදා ගමු. ඔබට නිරෝගි සුව.

    ReplyDelete
  19. මම මෙ වෙලාවේ කියන්න ඕන මොනවද කියලා මට හිතාගන්න අමාරුයි.... ඒ මගේ හිත ගල්වෙලා තියන නිසා නෙවෙයි...ඔයා තරම් ශරීරික වෙදනාවක් මම වෑඩිය විදලා නෑතිඋනත් මම වගේ ඔයත් මනසින් විදින වේදනාව ගෑන මට හිතාගන්න පුලුවන්..... ජිවිතේ කියන්නේ ..මේකයි කියලා.. මට පෑනලා යන්න බෑ... ඔයාටත් එහෙමයි... මම හිතාගන්න පුලුවන් අපේ කොහෙහරි උලුක්කුවක් උනහම තියන වේදනාව .... අපිට ඉවස ගන්න අමාරු හෑටි... අමුතුවෙන් කියන්න ඔනේ නෑ ..ඔයා විදින විදවන වේදනාව් ගෑන...

    මම දන්නවා මම මෙතන ඉවසපන් කියලා කීවට එකේ තෙරෙන්නේ එක තියන් මිනිහට බව ඒත් මට ඔයාගේ ජිවිතේන් පෑනලා යන්න හදන එක ගෑනනම් එකග වෙන්න බෑ..

    අපි බලමු මේ අසනීපේ කොහොම හරි හොදකර ගන්න.. අන්න එකකරගන්න විදිහක් හොයාගන්නකම් ඔය හිත පොඩ්ඩකට දිරියෙන් තියා ගන්න ඔයාට පුලුවන්ද...?

    කොහොම හරි විදිහක් හොයගමු ඔයව ආපහු නෑගිට්ටවන්න සොයුරියේ....

    එතකන් ඔය හිත දිරියෙන් තියා ගන්න ඔයාට පුලුවන්ද...

    අපි කොහොම හරි ඔයාව හොදකර ගමු....

    ReplyDelete
  20. මම ඉක්මනට ඔයාව බලන්න එන්නම් මගේ චූට් නංගියෝ..... මම හිතන්නේ මට පුළුවන් ඔයාට උදව් කරන්න බෙහෙත් නැති ලෙඩක් නැහැ....

    ReplyDelete
  21. මට තෙරෙන් නැ නංගි මම කොහොම ඔයාට උපදෙසක් දෙන්නද කියලා.... මම එකක් කියන්නම්.. මෙ ලොකෙ හැම ප්‍රශ්නෙකටම විසදුමක් තියනවා . අන්න එක අමතක කරන්න එපා. ඉලංදාරි අයියා කිව්ව දෙ එක්ක මම 200% එකඟයි. මෙ වෙලාවෙ වෙන්න ඔනෙ එකම දෙ තමා ඔයගෙ හිත හැකි උපරිමයෙන් ශක්තිමත්ව තියා ගන්න එක. දන්නවා පිටින් ඉන්න අපිට ඔයාගෙ එ වෙදනවා උපරිමයෙන් තෙරුම් ගන්න අමරුයි කියලා. එත් නංගියො ඔයා මෙ වෙලාවෙ කොම හරි ඔයාගෙ හිත ශක්තිමත්ව තියා ගන්න ඔනේ. මට පුලුවන් උපරිමයෙන් මම ඔයාට උදව් කරනවා.

    ReplyDelete
  22. Guzarish film eka mathak wenawa me siddiya kiyewwama.....minihekta aduma tharame thamange jeewithe ganawath ayithiyak nathi hatiyak....iwasanna puluwan tharamk thiyenawa eth ethanin ehata.....

    ReplyDelete
  23. මේ blog එක පුරාම තියන,ඔයා හිතේ තියාගෙන,යටපත් කරන්න හදන දේ මොකක්ද කියල මට හිතාගන්න පුළුවන්.ජීවිතේ අහියෝගයක්‌ කරගෙන,ඒ අහියෝගය ජයගන්න උත්සහ කරන්න.එකේදී ඔයා කවදාවත්ම තනි වෙන එකක් නෑ..ඔයාට කවදා හරි සැනසීමක් ලැබෙයි,ඔයාගේ හීනයක්‌ සැබෑවෙයි.කොච්චර අමාරු උනත් විශ්වාසයකින් ජීවත් වෙන්න.ඔයාට මේ ජීවිතේ ගෙනියන්න අමාරුවෙන එකක් නෑ.මොකද ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියල පේනවා..
    බුදු සරණයි...!!!

    ReplyDelete
  24. http://www.elakiri.com/forum/showthread.php?t=1110212

    ReplyDelete
  25. මාරතුමාගේ බ්ලොග් එකේ දාලා තිබුණු ලින්ක් එක හරහා අද මේ බ්ලොග් එකට ආවෙ. දැක්ක මුල් ලිපියෙන්ම නංගිට යම් රෝගී තත්වයක් තියෙන බව දුටු නිසා මම පෝස්ට්ස් කිහිපයක්ම කියෙව්වා විස්තර දැන ගන්න. මුල් ලිපියෙ ඇඟිලි හැසිරවීමට ඇති අපහසුව ගැන ලියා තිබුණු නිසා මට හිතුණා වරක් මට රෝහලේදී හමුවුණු තිලකා සොයුරියද මේ කියලා.

    ඔබට ඇති ශාරීරික වේදනාව අනුමාන කරනු විනා මට එය තේරුම් ගත හැකි නොවේ. නමුත් මෙවැනි ලිපි රාශියක් අකුරු කිරීමට, වේදනා විඳින දරුවකු කෙරෙහි සංවේදී වීමට ඔබට ඇති හැකියාව දිහා බලනවිට පැහැදිලි වන එක් දෙයක් ඇත. ඒ අඩපණ වූ ශාරීරික ශක්තියටත් සරිලන තරම් සිතේ ශක්තියක් ඔබට ඇති බවයි.

    මාරයා දී ඇති පිළිතුරයි වඩාත් සුදුසු කියලයි මට හිතෙන්නෙ. ඔයාට බුදු සරණයි.

    ReplyDelete
  26. කියන්න පුලුවන් එකම දේ අපි ඔයත් එක්ක ඉන්නවා කියන එක විතරයි,
    ජීවිතෙන් දුවන්න හදන්න එපා .........
    ඒ දිව්වත් ඒක අවසානය වෙන්නෙ නැහැ ........
    උපේක්ෂාවෙන් ජීවිතේට මූණ දෙන්න බලන්න .........

    ReplyDelete
  27. මට තේරෙනවා,මේ ජිවිතේ එකපාරක් හම්බෙන නිසා පුළුවන් තරම් ඉවසන එක තමයි හොඳ.මිනිහෙක්ට කියන්න බැ උබ මැරියන් උබේ ජීවිතෙන් වැඩක නැ කියලා.ජිවත් වෙන්න ජිවිතේ විඳින්න..හැමදේම විසදන්නේ කාලය,අපිට හැම ගෙවෙන තප්පරෙකම හිවිතේ වෙනස්වෙනවා,සමහර විට ගෙවන හැම තප්පරෙකම ඔයාට සනීප වෙනවා ඇති එත් එක ඔයාට නොදැනෙනවා ඇති.ජීවිතේට ඉඩදෙන්න..මම මාලන් සේනානායක

    ReplyDelete