Sunday, September 26, 2010

හැර යාම


හීන් පොදයක් වැටෙද්දි ගල් පොත්තකට හේත්තු වෙලා මම ඔයා දිහා බලන් හිටියා.මුහුදු රළ ඔයාව තෙමාගෙන යද්දි ඔයත් පරදින්න කැමති වුනේ නෑ..‍ පොඩි එකෙක් වගේ කවදාවත් නවත්තන්න බැරි රළත් එක්ක පොර බැදුවා..
“ඔයා හැමදාම ආදරේ කලේ ඔයා ලග නතර නොවෙන දේවල් වලට”
මට එහෙම කෑගහලා කියන්න හිතුනත් මං එහෙම නොකීවේ තවත් ඔයාට රිද්දන්න බැරි හින්දයි........
රළත් එක්ක ඔට්ටු වෙලා මහන්සි වුන ඔයා ආයෙත් මං ලගට ආවා...
“චුටි අපි අයිස් ක්‍රිම් කමුද? පැණි කජු එකක්..........??”
ඔයා ඔළුවත් ඇද කරන් එහෙම අහද්දි ඇත්තටම මට හිනා ගියා.. ඔයා කොයි තරම් හොදට මං ගැන දන්නවද... ඔයා කොයි තරම් හොදට මං ගැන තේරුම් ගත්තද...ඔය ආදරේ මගේමයිද කියලා තවමත් මට හිතා ගන්න බැරි කවුරුවත් මට මේ තරම් ආදරේ කරලා නැති නිසා........ මම ඔයාට                 “හා අපි කමු”   කියන්නත් කලින් ඔයා අපිට අයිස් ක්‍රිම් ගේන්න දිව්වා... ඔයා මගෙන් ඇතට යනවා දකිද්දී මගේ හිත ගැස්සුනා... මම අද ඔයාව දාලා යනවා... ඇස් දෙකට පිරුනු කදුළු  මට ඔයාව නොපෙන්වන්න ලොකු උත්සහයක් ගත්තා... කෑගහලා අඩන්න හිතුනත් මම අඩනවට ඔයා අකමැති නිසාම කදුළු වලට එන්න නොදී හිත ඇතුලෙම හිර කරගත්තා.... මම ඔයාව දාලා එන්න හැරුනේ ඔය ඇස් ඉස්සරහ ඉදන් ඔයාව දාලා යනවා කියන්න බැරි නිසා..
මම දන්නවා ඔයා පොඩි එකෙක් වගේ අඩාවි.... ඒත් කවදාහරි  තේරැම් ගනී, මේ චුටි ඔයාව දාලා ගියේ තවත් ඔය හිතට දුකක් දෙන්න බැරි වුන නිසා කියලා.... එදාට ඔය රත්තරං හිත මේ චුටිට සමාව දෙයි.........මං දන්නවා ඔය අහිංසක හිතට කාටවත් වෛර කරන්න බෑ කියලා.................
මගේ පුංචි සමණළයෝ
පරවෙන්නට යන මලකට
පෙමින් බැදුනු වරදට
දුන් දඩුවම
මහමෙරක් බව දනිමි මම
පිපුනු මලක් ලග
නැවතියන් නුඹ
තවත් රිදවා දුකක් දෙන්නට
නොහැක මේ පව්කාරිට

3 comments:

  1. පිස්සු හැදෙනවා....
    ජීවිතේ අපි නොදකින පැත්තක්.....
    අනේ ඒ විදියට දාලා යන අය අපේ ජීවිතේට ආපහු එනවනම්...

    ReplyDelete
  2. මේ ඔයාගේ ජීවිත කතාව නෙවෙයි නේද අක්කී.....????එහෙම නෑ නේද?????:(

    ReplyDelete
  3. අටවැන්න,

    අගසිට මුලට කියවීම පිළිබඳව වරදක් දකින්න එපා..ඔයාගේ ජීවිත කතාව කියවන්න තිබුණ පෙරේතකමට වඩා දෙයක් ගැන මගෙන් අහන්න එපා අක්කී...මට මේ දේවල් නිකන් හීනයක්‌ වගේ...සමහර දේවල් මගෙන්ම ඔය හොරකම් කරලාද කියලත් හිතෙනවා මට,ඒත්....මගේ අසරණ කතා අහිංසක ඔයාගේ කතා තරම් පොහොසත් නෑ අක්කී.ඒ විශ්වාසය උඩ,මං ඉස්සෙල්ල කිවුව හොරකම් කෙරුවයි කිව කතාව ඉල්ලා අස් කරගන්නම්.හරිද?එක හුස්මට මුළු බ්ලොග් එකම කියෙවුවට මොකද,මට දැන් අලුතෙන් අකීකරු හිතක් ලියන්න තරම් පුළුවන් කියල හිතෙනවා.ඔයා වගේ චරිතත් අපි අතරේ තවම ඉන්නවා කියල හිතනකොටත් පුදුම සතුටක් දැනෙන්නේ මට...වෙන්වෙලා යන්න තියා හිතන්නවත් එපා..යන්න හැදුවොත්,සත්තයි හොයාගෙන එනවා ලෝකේ කොහේ හිටියත් ඔයාව අක්කී....හොඳේ????

    බුදු සරණයි...!!

    ReplyDelete