Tuesday, October 4, 2011

කොත්මලේ සහ දුටුගැමුණු

                                                දුටුගැමුණු කුමාරයා කොත්මලේ හැංගිලා හිටපු කාලේ ගැන කතා කිපයක් මම කලින් කිවානේ. දුටුගැමුණු කුමාරයා ඒ කාලේ අස්වද්දපු කුඹුරත් කුමාරයා හිටි තැන් ගැනත් අදටත් මාවෙල ගම් වැසියො කතා කරන්නේ හරි ආඩම්බරෙන්..කුමාරයා විවේක ගත්ත අම්බලමත් ඔහු නාපු පිහිල්ල ලෙස හදුන්වන රජ පිහිල්ලත් අදටත් එහි දැක ගන්න පුළුවන්.කුමාරයා මේ විදිහට හැංගිලා ඉන්න අතරෙදියි ඔහුට පොන්න නැකැත්තා හමු වෙන්නේ.ඒ කුමාරයා දකින හීන තුනක් ගැන අනාවැකි අහන්න ගිය වෙලාවකදි.
                        කුමාරයා දැකපු හීන තමයි, මාපට ඇගිල්ලේ මීවදයක් බැදලා තියෙන එකත්, තමන්ගේ දිව ගොඩාක් දික්වෙලා ලංකාව වටේම ගිහින් ආයෙත් දිව කෙටි විමත්... මට අනෙක් හීනේ නම් මතක නැ..ඒ ගැන කාට හරි මතක නම් කියන්න. මේ හීන අනුව පොන්න නැකැත්තා දැන ගන්නවා මේ දුටු ගැමුණු කුමාරයා බවත් අනාගතේදි ඔහු රජ වෙන බවත්...කොහොම හරි කුමාරයාගේ ඉල්ලිම පිට ඔහු මේ රහස කාටවත් එළි කරන්නේ නැ..කුමාරයා රජ වුනාට පස්සේ පොන්න නැකැත්තට ඔහු වෙනුවෙන් සේවය කරන්නත් අවස්ථාව ලැබෙනවා.
                             කාවන්තිස්ස රජුගේ අභාවයත් එක්ක දුටුගැමුණු කුමාරයාට රජකම බාර දෙන්න අවශ්‍ය නිසා මගුල් ඇතා පිරිවරාගෙන කන්ඩායමක් කොත්මලේට එනවා.ඒ ආවට පස්සේ තමයි ගම් වැසියෝ දැන ගන්නේ මේ දුටු ගැමුණු කුමාරයා විත්තිය..කොහොම හරි කොත්මලේ වැසියන්ටත් ආරාධනාවක් ලැබෙනවා කුමාරයාගේ ඔටුනු පැළදවිමේ උත්සවයට..
                 එහිදි කොත්මලේ ගමෙනුත් පිරිසක් ඒකට සහභාගි වුනාලු.ඒ දවසේ රෑ මේ පිරිසටම නිදා ගන්න දිලා තියෙන්නේ එක කාමරයක්... තිබිලා තියෙන්නේ එක ඇදක්. මේ පිරිසට හිතා ගන්න බැරි වුනාලු කවුද ඇදේ නිදා ගන්නේ කියලා. අන්තිමේදි එක්කෙනෙකුට ඇද දීලා අනෙක් අය බිම නිදා ගන්න අකමැති වෙලා කට්ටියම කරලා තියෙන්නේ ඇදේ ඔළුව තියාගෙන බිම නිදා ගත්ත එක... මේක දැකපු රජ වාසලේ අය කියලා තියෙන්නේ කොත්මලේ ඇත්තන්ට කවදාවත් හරියට නායකයෙක් පත්කර ගන්ට බැ කියලා... ඒ කතාව ඇත්තක් කියලා බොහෝදෙනා පිළි ගන්නේ මෑතක් වෙනකන්ම කොත්මලේ නායකත්වය ගන්න හරිහමන් කෙනෙක්නොහිටිය හිංදා..දැන්නම් ඒක වෙනස් වෙලා..

7 comments:

  1. තුන්වෙනි හීනේ ගැන මෙන්න මේ ලිපියේ තියෙනවා.
    http://lankajhothisha.blogspot.com/2011/09/blog-post_15.html

    ReplyDelete
  2. මේ කතා එකක්වත් මං අහලා තිවුනේ නෑ...

    ReplyDelete
  3. කොත්මලේ නායකත්ව කතාවත් එක්ක මම එකගයි....

    ReplyDelete
  4. මේ වගේ ඉතිහාස කතා තියනව නම් තව ලියන්න,ආසයි ඒවගේ ඒව කියවන්න.

    ReplyDelete
  5. කැළනියයි දු‍ටු ගැමුණු රජ්ජුරුවොයි අතර මොකක් හරි සම්බන්දයක් තිබුනද? ඒ කාලේ කොත්මලේ කිව්වේ කැළනියටද දන්නෙ නෑ...

    ReplyDelete
  6. මට හිතෙන විදිහට දුටුගැමුණු රජතුමාට තියෙන්න ඇත්තේ ඉතාම සාමාන්‍ය පෙනුමක් වෙන්න ඇති.රාජකීය පෙනුමක් කොහෙත්ම නොතිබුණා වියයුතුය.එක නෙවේ දැන් කොත්මලයට වෙලා තියෙන වෙනස කුමක්ද

    ReplyDelete
  7. මම නම් මේ කතාව අහලම නෑ.
    මෙහෙම කතා ලියන එකත් හොදයි. අපි වගේ නොදන්න එවුවොන්ට ඉගෙන ගන්න.

    ReplyDelete