''අලුත්'' කියන වචනේ හිතට ගේන්නේ අමුතුම හැගීමක්... ඒක හරියට හීන් බලාපොරොත්තුවක් , සතුටක් වගේ දෙයක්.......
ඉතින් අද උදේ ඉදන් ඇහෙන වචන කීපයක්...
සුබ "අලුත්" අවුරුද්දක් වේවා!!!
අලුත් කියන වචනෙට මිනිස්සු හරි ආසයි.........
ඉතින් හැමදෙයක්ම අලුතින් පටන් ගන්න සූදානම්......
ඒත් මම ඔබට සුබ පතන්නේ නෑ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන්...
ඒ වෙනුවට මම පුංචි දෙයක් කියන්නම්....
මේ
අලුත් අවුරුද්දේ අලුත් දෙයක් පටන් ගන්න කලින් මතක් කරන්න පරණ අවුරුද්දේ
කරන්න බැරිව අතරමග අතෑරලා දාපු දේවල් ගැන... නරකද ආයෙමත් අතරමග නතර කරපු දේ
අවසානයක් වෙනකන් මේ අවුරුද්දේ ඇදගෙන ගියොත්!!!!!
අපි
කොච්චර කිව්වත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන අවුරුද්දක් ගැන... ඔබට මතකද ඒ
වගේ අවුරුද්දක් පහු වුනා කියලා මේ ජීවිත කාලෙදිම? නෑ ඒක එහෙම වෙන්නේ නෑ
.... ජීවිතේ එකතු වෙන සතුටට වඩා දශමෙකින් හරි වැඩිපුර අපිට දුක් විදින්න
වෙනවා... අන්න ඒ දුක විදින්න (විදවන්න නෙමෙයි) ඔබේ හිතට හයියක් එකතු
කරගන්න..
මේ අවුරුද්දෙත් ඔබේ ජීවිතේට ගොඩක් අය ඇවිදන් ඒවී... ඒත් කාටද කියන්න පුළුවන් ඒ අය ආයෙමත් ඔබේ ජීවිතෙන් පිටතට නොයයි කියලා... ඒ යන අය දිහා බලලා හූල්ලන්න නෙමෙයි... ඔය හිතේ නවතින්න බලන් ඉන්න අය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් හිතක් හදා ගන්න...
ජීවිතේට
ලැබෙන්නේ හොද දේවල් විතරක් නෙමෙයි.. නරක දේවලුත් ලැබෙනවා... ඒ දේවල් වෙන්
කරලා හදුන ගන්න පුළුවන් විදිහෙ නිරවුල් මනසක් හදා ගන්න...
මේ ලෝකේ රැවටිලිකාරයෝ බොහෝමයි... කොච්චර නැ කිව්වත් අපි රැවටෙනවමයි... අඩුම තරමින් ඒ එක්කෙනෙකුගෙන් හරි බේරිලා ඉන්න උත්සහ කරන්න...
මේ ජීවිතේ හරිම කෙටියි.... අපි අරන් යන දේ ගැන නෙමෙයි අපිට දීලා යන්න පුළුවන් දේ ගැන හිතන්න පටන් ගන්න...
අවුරුද්ද අවසානයේ ආපහු හැරිලා බලද්දි සතුටින් ලොකූ හුස්මක් ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න...
ඉතින් මේ හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!
සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteඇත්ත මේ යන විදියට එහෙම සුභ පතන්න නම් බැහැ තමයි. ඒත් ඔබට වාසනාවන්ත වසරක් වේවා!!
ReplyDeleteඔබටත් වාසනාවන්ත නව වසරක් වේවා
Deleteඔයාටත් සුභ නව වසරක් වේවා !
ReplyDeleteඑසේම වේවා සචිත්
Deleteඅවුරුද්ද අවසානයේ ආපහු හැරිලා බලද්දි සතුටින් ලොකූ හුස්මක් ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන එක ලේසි වැඩක් නම් නෙමේ . . ඒත් වෛරය, ක්‍රෝධය මානය ඉවත දාලා සහෝදරත්වයෙන් සාමයෙන් විස්වාසයෙන් අලුත් අවුරුද්දට මුහුන දෙන්න හිතාගෙන ඒ විදිහට වැඩ කලොත් නම් ඒක අමාරු වැඩක් වෙන එකකුත් නෑ . .
ReplyDeleteඇත්ත අයියා ඒක ලේසි වැඩක් නෙමෙයි.. සමහර විට කොහොමවත් කරන්න බැරි වෙයි... ඒත් මම කැමති ඒ වෙනුවෙන් පුංචි උත්සහයක් හරි ගන්න
Deleteඅළුත් අවුරුද්ද වෙනුවෙන් ලියවුන හොඳම ලිපිය... තෑන්ක්ස් අවවාච වලට...
ReplyDeleteඋත්සහ කරලා බලන්න සතුටින් පිරුනු අවුරුද්දක් ලැබේවී
Deleteසියළු ප්‍රාර්ථනා ඩටුවන සුබ අළුත් අවුරුද්ධක් වේවා !
ReplyDeleteඑසේම වේවා ඔයාටත්
Deleteහිතන්නට දෙයක් මතක් කරදෙන පැතුමක්...
ReplyDeleteඔබටත් නිදුක් නිරෝගි සුවය නොඅඩුව ලැබෙන නව වසරක් පතමි..
ඔබටත් එසේම වේවා
Deleteසුභ නව වසරක් වේවා!!
ReplyDeleteඑසේම වේවා
Deleteනියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
ReplyDeletehttp://sinhapedia.blogspot.com/
ඔයාටත් සුබ නව වසරක්
Deleteනංගිට නිදුක් නිරෝගී සුවය සහිත සුබ නව වසරක් වේවා !
ReplyDeleteඒ වගේම අවසාන විභාගයත් හොඳින් කරගන්න වරම් ලැබේවා
අයියගේ ප්‍රාර්ථනාවට ගොඩාරියක් ස්තුතියි....
Deleteඒ වගේම ඔයාටත් සුබ නව වසරක් වේවා
මමනම් කලිනුත් හෙණ ගහන්න විශ් කළා මහිතේ
ReplyDeleteඇති නේද?
ඔව් ඒ හොදටෝම ඇති
Deleteසාමය සතුට සැනසුම සපිරුණු සුබ නව වසරක් වේවා!
ReplyDeleteඔයාටත් එසේම වේවා තරු
Deleteජීවිතේ සියලු දේම සමසිත්ව දරාගැනීමට හැකි ධෛර්යවන්ත නව වසරක් වේවා.
ReplyDeleteහැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
Deleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
දුක් කම්කටොලු බාධක අඩු, ජීවිතේට තමන්ගේ හිතම ශක්තියක් වෙන සුබ අනාගතයක් වේවා නංගිට...
ReplyDeleteසොඳුරු සිත්,අකීකරු හිත්,හිතුවක්කාර හිත්,හුදෙකලා හිත්...එක එක ජාතියේ හිත් ගොඩයි...හැබැයි පුදුමේ කියන්නේ ඒ ඔක්කොමේ හිත් කෙල්ලොන්ගේ...
ReplyDeleteada convercation ekedi kattiya athpudi gahanakota mokada hithune oyata?
ReplyDeletemath ee lagamai hitiye...man subapathanawa...be a useful person
ReplyDelete