සිතල මිදුම තාමත් ඈත් වෙලා නෑ... වැස්සෙ චුරු චුරුවයි සීතලයි එක්ක හිත හොදටෝම කම්මැලි වෙලා... අපේ ගෝල්ඩ් ෆිෂ් අයියන්ඩි දුක හිතෙන ඒවා ලියන්නත් එපා කියන නිසා මොනවා කොරන්නද කියලා හිත හිතා උන්නේ...එතකොට තමයි "කතන්දර" දාලා තිබුන පෝස්ට් එකේ උඩින්ම දාලා තිබුන ෆොටෝ එක දැක්කේ... ඒ සරච්චන්ද්‍ර එළිමහන් රගහලේ එහෙමත් නැතිනම් අපි සාමාන්‍යයෙන් වල කියලා කියන තැන පින්තුරයක්...
අකිකරු හිත කැමතිම තැනක් තමයි එතන... උදේ හවා ඔතන පහුකරගෙන යද්දි විශේෂයෙන් මල් පිපෙන කාලේ පොඩ්ඩක් නැවතිලා යන්න අමතක කරන්නෙම නෑ...
හ්ම්... ඒක දකිද්දි මට මතක් වුනේ අපි ඉස්සෙල්ලම වලේ නාට්‍යයක් බලපු දවස... අනේ අප්පේ එදා ඉතින් මට මැජික් වගේ.. කවදා බලපු නාට්‍යද...ඒකත් ඉස්සෙල්ලම කියලා බැලුවෙ සිංහබාහු. හවස 7ට පෙන්නන නාට්‍ය බලන්න අපේ පිරිවරත් එක්ක මම 5 වෙනකොට වල ලග...ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ කොයි තරම් හදිසියක් තිබුනද කියලා....
ඔන්න ඉතින් අපි හොදම තැනක් අල්ලලා ඉද ගත්තා... ඒත් ඉතින් අපිට තියෙන තදියමට නාට්‍ය කලින් පටන් ගන්නෙ නෑනේ..ඔහොම ඉන්නකොට අපිට ඉස්සරහින් වාඩි වුනේ පොඩි කොළු පැටියෙකුයි අම්ම කෙනෙකුයි... ඒ පොඩි එකා නම් ටිකක් දගමල්ලක් වගේ.......කොහොම හරි 7 වෙද්දි නාට්‍ය පටන් ගන්න ලැස්ති...වටේ තිබුන ලයිට් නිවලා.. දැන් කළුවරෙ අපි නාට්‍ය බලන්න කටත් ඇරන් බලන් ඉන්නවා... අර පොඩි එකාට පොඩි ප්‍රශ්නයක්...
"ඇයි අම්මේ ලයිට් ඔෆ් කලේ???"
"දැන් නාට්‍ය පටන් ගන්න හදන්නේ සද්ද නැතිව බලන්න" ඒ අම්ම ගෙන් පොඩි තර්ජනයක්...
ඔන්න නාට්‍ය පටන් ගෙන ටික වෙලාවකින් සිංහයා වේදිකාවට එනවා...පොඩි එකාට ආයෙමත් ප්‍රශ්නයක්....
"ඒ සිංහයද අම්මේ.... එත් එයාට කකුල් දෙකයිනෙ තියෙන්නේ....??"පොඩි එකාටත් තියෙන ප්‍රශ්න....
"මේක නාට්‍යක් පුතේ..සද්ද නොකර බලන්න" අම්මා ආයෙමත් පොඩ්ඩගේ කට වැහුවා....
නාට්‍යයේ අන්තිම හරිය එනකන් එක එක ප්‍රශ්න අහ අහා ඔහොම හිටපු පොඩ්ඩා හරියට ප්‍රශ්න පත්තරයක් වගේ....මට ඉතින් පොඩි එකාගේ දෙබසුයි නාට්‍යයේ දෙබසුයි කවලම් වෙලා... නාට්‍යයේ අන්තිමට සිංහබාහු සිංහයාව මරන්න හදන තැනට ආවා...හැමෝම බොහොම උනන්දුවෙන් බලන් ඉන්නවා... පොඩ්ඩත් එහෙමයි...උනන්දුවේ වැඩි කමට මිනිහා හිටගෙන බලනවා... ඒ වගේම දැන් ප්‍රශ්න කෝටියයි...
ඇයි අම්මෙ සිංහයාව මරන්නේ?
සිංහයා පව්නේ අම්මේ...
අපි එයාව බේර ගමුද??
පොඩ්ඩගේ ප්‍රශ්න වලට අපට තනියම හිනා...
අන්තිමට සිංහයා මරුවා... පොඩි එකාට මාර අප්සෙට්.... කටත් ඇරන් බලන් ඉන්නවා...
"සිංහයා ඇත්තටම මැරුනද අම්මේ..."
හරි දුකින් ආයෙම අහනවා....අම්ම ඒවට උත්තර දුන්නෙ නෑ.. එතකොටම නාට්‍ය ඉවර වෙලා නළු නිළියෝ ඔක්කොම වේදිකාවට ආවා.. මෙන්න සිංහයත් එනවා... අප්පේ කොල්ලට හරි සතුටුයි....
"සිංහයා මැරිලා නෑ...සිංහයා මැරිලා නෑ..." පොඩි එකා උඩ පැන පැන කෑ ගහනවා...
ආයෙමත් ප්‍රශ්නයක්...
" සිංහයා මැරුනෙ නැත්තේ මේක නාට්‍යක් නිසාද අම්මේ???"
ම්ම්ම්....දැන් තමයි පොඩි මොලේට ඇත්ත තේරුනේ.....