1999 අවුරුද්ද.............
මගේ ජිවිතේ කණපිට හරවපු අවුරුද්ද..
හතර වසරේ වාර අවසාන විභාගෙන් පන්තියේ දෙවැනියා වෙලා පස්සේ පහ වසරට දෙන අලුත් පොත් ටිකත් අරගෙන උඩ පැන පැන ගෙදර ආවයින් පස්සේ ආයේ ඉස්කෝලේ පය ගහන්න බැරි වුනා..
ඒ එතනින් පස්සේ මාව රෝද පුටුවට වැටුනු නිසා... ඒ වෙනකොට අම්මලාට ඕන වුනේ ඉස්කෝලේ යවනවට වඩා කොහොම හරි මාව හොද කරගන්න..ලංකාවේ හැම කොනකටම වෙද්දු හොය හොයා මාව උස්සගෙන දුවන එක ඒ දවස් වල (අද වෙන තුරුත්) මගේ අම්මගේ පුරුද්දක් බවට පත් වුනා..
ඔය අතරේ ශිෂ්‍යත්වේ විභාගේ ලං වුනා.. මගේ පන්ති බාර මැඩම් ගෙදරටම පාඩම් වැඩ එවන එක පුරුද්දක් කර ගත්තා.. අම්මා ගෙදර ඉදන්ම මට ඒවා කියලා දෙන අතරේ සතර ප්‍රශ්න පත්තර පොතක් ගෙනත් මා ලව්වා උත්තර ලියෙව්වා.. ඒත් ඒ කාටවත් විශ්වාසයක් තිබුනේ නැ... අඩුම තරමේ මටවත්.... විබාගේට දවස් කීපෙකට කලින් පන්ඩිත වැඩක් කරන්න ගිහින් පුටුවෙන් පල්ල වැටිලා දණහිස කඩා ගත්තේ ඒ අතරෙදි... අන්තිමට කකුලත් තුවක්කුව වගේ දික් කරගෙන විභාගෙට ගිය මට වෙනම මේසයක් සකස් කරලා දුන්නා..
එතනින් එහාට ආයෙමත් බෙහෙත් කෙරුවාව.......
ඔය අතරේ ප්‍රතිඵල ආවේ අම්මගේ ඇස් වලට කදුළු එකතු කරගෙන... ඔව් ඒවා සතුටු කදුළු.. මම පාස් වෙලා තිබුනා..
මම ඇඩුවා ඒ සතුටට නම් නෙමෙයි...
මොකද පහුවෙනිදා උදෙන්ම මාව රාගම පුනරුත්ථාපන රෝහලේ නවත්තනවා කියලා දැනගෙන හිටි හින්දා... ආයෙත් මට ඉස්කෝලේ යන්න බැරි වෙයි කියන දුකටයි..... ඉස්පිරිතාල මට පෙනුනේ අපායක් වගේ.... එතනදි හැම වෙලේම ලැබෙන්නේ දුක කියලා මම ඒ වෙනකොට හොදටම දැනගෙන උන්නා.
සතුට සමරන්න තාත්තා මට ලස්සනම ලස්සන නිල් පාට විදුරු වළලු ගොඩාක් ගෙනත් දුන්නා...
ඔයාට මගෙන් මොනවද ඕන? එහෙම ඇහුවේ අම්මා
මට ඉස්කොලේ යන්න ඕන.......... ඉස්පිරිතාලේ එක්ක යන්න එපා....
ජීවිතේ පළවෙනි වතාවට අම්මට මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි වුනා...
පහුවෙනිදා මාව රාගම රොහලේ නැවැත්තුවා ලග ඉන්න වුනේ ආච්චිට.. මම එතන හිටියේ කැමැත්තෙන් නෙමෙයි.... ඇත්තටම ඒක මගේ ජිවිතේ පාළුවෙන් පුරවපු කාලයක්....ඒකට ලොකුම හේතුව ඉස්කෝලේ යන්න බැරිවුන එක.....කවදාවත් මට ආයේ ඉස්කොලේ යන්න බැරිවෙයි කියන හිතුවිල්ල හිත ඇතුලේ දෝංකාර දුන්නා. ඒ හිතුවිල්ලම මට ඉස්පිරිතාල ජිවිතේ එපා කෙරෙව්වා....අනිත් එක ඒකට තවත් හේතුවක් තිබුනා.... මම උන්නු වාට්ටුව පිටිපස්සේ තිබුන කෙටි තාප්පෙට එහායින් තිබුනේ රාගම බැසිලිකා විද්‍යාලයේ පිට්ටනිය...ඊට එහායින් ඉස්කෝලේ. අපිට කෑම කන්න මේසේ දාලා තිබුනෙත් වාට්ටුව පිටිපස්සේ කොරිඩෝවේ....... ළමයි සෙල්ලම් කරන කොට අපි කිහිප දෙනෙක්ම හිටියා කොරිඩෝවට වෙලා ඒ දිහා බලාගෙන.......කවදාවත් අපිට එයාලත් එක්ක සෙල්ලම් කරන්න ලැබුනේ නැ වගේම කවදාවත් එයාලා අපිව ගණන් ගත්තෙත් නැ... ඒ දේවල් මාව තව තවත් පහලට වැට්ටෙව්වා.. ඔය අතරෙදි සෙනසුරාදා දවසක අම්මා මාව බලන්න ආවා.. සෙනසුරාදා කියන්නේ ඒ වෙනකොට මම කැමතිම දවස..ඒ අම්මා මාව බලන්න එන නිසා. අම්මා අතේ ලියුමක් තිබුනා.. ඒකේ තිබුනේ ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වුන නිසා නුවර බාලිකා විද්‍යාලයකට යන්න පුළුවන් කියලා...
මම ලහිලහියේ ලැස්ති වුනා ගෙදර යන්න...
ඒත් අම්මා මාව එක්ක ගියේ නෑ... එයා කිව්වා
“මම ඒ ඉස්කෝලේ මැඩම් එක්ක කතා කලා.. ඔයාට හොද වුන ගමන් මම එක්කන් යනවා..
ඒත් කවදාවත් අම්මට මාව ඒ ඉස්කොලෙට එක්ක යන්න බැරි වුනා...ඒ ගැන එයා දුක් වෙන්න ඇති..ඒත් ඒක පෙන්නුවේ නෑ..ඔය අතරේ වාට්ටුවේ ඉන්න අයට උගන්නන්න ගුරුවරියක් ආවා.. ඉස්කෝලේ වගේ නොවුනත් හිතට පුංචි සතුටක් දැනුනා ඒකෙන්..... එතන හිටියා අවුරුදු 5 ඉදලා 10 වෙනකන් අය.. හැමෝටම එක එක ආබාධ තිබුනා... වැඩිපුරම හිටියේ වයසට වඩා වර්ධනයෙන් අඩු අය.. එයාලත් එක්ක ඉන්න එක මුල් කාලේ ගොඩක් අමාරු වුනත් පස්සේ අපි ගොඩාක් සමීප වුනා...වචනයක් වත් කතා කරන්න බැරි මල්ලිලා... අපි කියන කිසිම දෙයක් ගැන තේරුම් නොගත්තත් දවස පුරාම හිනා වෙන නංගියෙක් වගේම මගේ වයසේ තවත් කීප දෙනෙක්ම උන්නා එතන.. අපි අතරේ මොන අඩුපාඩු තිබුනත් සතුටින් කල් ගෙව්වා...
ඔහොම කාලේ ගෙවෙද්දි අපේ ගුරුතුමීට ඕන වුනා අපේ විවිධප්‍රසංගයක් කරන්න.... සින්දු නැටුම් වගේම නාට්‍යකුත් කරන්න හැමදේම ලෑස්ති කලා.... අපි හැමෝම ලග තිබුනා ලොකු උද්යෝගයක්..... අපි කවුරුත් ඒ වෙනකොට ඒ වගේ දේකට සහභාගි වෙලා තිබුනේ නෑ...හරි ආසාවෙන් බලන් උන්නා ඒ දවස වෙනකන්...
මුලින්ම පූජා නැටුම.......
ඊට පස්සේ සින්දුවක්...... අපි හැමෝම හිටියා ඒකට... ලොකු කාඩ්බෝර්ඩ් මලක් මැද්දෙන් ඔළුව දාගෙන දෙපැත්තට වැනි වැනි අපි සින්දුව කිව්වා......
ඊට පස්සේ නංගි කෙනෙකුගේ සින්දුවක්......එයා ඒක ලස්සනට කිව්වා....
අද වීය දෙනුවන් මාගේ
නොපෙනේය ලස්සන ලෝකේ
අහෝ මාගේ සොබදම් අම්මේ
ඇයි මාව අදුරෙහි තැබුවේ.......
නෙක පාටවල් දේදුන්නේ
මගේ ගී නිසයි ඇති වන්නේ
කිම ඒවා මට නොපෙනෙන්නේ....
හද මාමා රෑ පායනවා පොඩි මල්ලි ඒ පවසනවා
කරුමේකි මට නොපෙනෙනවා.....
අහෝ මාගේ සොබදම් අම්මේ
මුළු ලොවටම රහසේ
ලැබ දෙන්න කාන්තිය දෑසේ...............
එයාගේ මේ සින්දුවටයි වැඩිම ප්‍රතිචාර... අදටත් මට ඒක කටපාඩම්.ඒ ඒතරම් ලස්සනට එයා ගායනා කරපු නිසා....
ඊට පස්සේ තවත් අංග ගොඩක් තිබුනා...
අන්තිමට නාට්‍යය..........
නාට්‍ය අන්දරේ මගුල් ගෙදර ගිය හැටි.......
ඔව් මමත් උන්නා නාට්‍යට.. අන්දරේගේ අම්මගේ චරිතෙට උන්නේ මම........ අපේ ගුරුතුමිගේ සාරියක් ඇන්දුවා මට......ජීවිතේ පළවෙනි පාරට ලොකු සෙනගක් ඉස්සරහට ගියාමයි මම.... කොහොම හරි අපි නාට්‍යය කලා...
හැමෝගෙම ගෙවල් වල කට්ටිය ඇවිත් හිටියත් අම්මට එන්න බැරි වුනා එදා.. එයාගේ දුව රගපානවා බලන්න. ඒ එදා සතියේ දවසක් නිසා........
ඒ වුනත් දුකක් දැනුනේ නැ.....
හැම දේම ඉවර වුනේ ලොකු සතුටකුත් එක්ක.......
දුකක් මැද්දේ එන පුංචි සතුටක තියෙන අපූරුව එදා මම ගොඩාක් හොදට වින්දා...............
මොනවා කියන්නද මන්දා කෙල්ලේ මම. මට හිතා ගන්න බෑ. අද ඔයා හොදින් ඉන්නවා නේද?සතුටින් නේද ඉන්නේ?
ReplyDeleteඔව් අක්කා තාමත් පොළවේ පය ගහන්න බැරි වුන දුක මිසක්........ අනිත් හැම පැත්තෙන්ම මම හොදින් සතුටින් ඉන්නවා..
Deleteවැටෙන්න එපා කෙල්ලේ. පොලොවේ පය ගහල ඉන්න මිනිස්සු කොයි තරම් අසික්කිත වැඩ කරනවද? පය ගහලා ඉන්න අයව කොයි තරම් වට්ටන්න හදනවද? හිතන්න එපා කෙල්ලේ. සේරම හරියාවී. සතුටින් ඉන්න. පරිස්සම් වෙන්න.
Deleteමම කැමතිම ලිපියක් නංගි මේක............ බොහොම අගෙයි ඔයා ජීවිතය දකින විදිහ.......... මට ඒ ගැන හරිම සතුටුයි
ReplyDeleteස්තුතියි අක්කා
Deleteමේක කියවලා ලොකු දුකක් දැනුනා නංගි. මීට වඩා ලියන්න අමාරුයි. ජයවේවා........!
ReplyDeleteදුක් වෙන්න එපා..... ජිවිතේ එක එක විදිහයි......
Deleteඅදමයි මේ පැත්තෙ ආවේ.. ඒ රන්දිල් ෆේස්බුකියේ දමාපු දැන්වීමකින්...
ReplyDeleteකොහොමත් පළවෙනි පාර වැටුනම නැගිටපුවම ආයෙ වැටුනට දරන්න පුළුවන්.. මට හිතෙන්නෙ එහෙමයි.. වැටෙද්දි වැටෙද්දි ආයෙම හිතට ධෛර්යය ගන්න... හිතින් නොවැටී ඉන්න... ඔයා හිතින් වැටුනොත් ඔයාගෙ සමීපතමයන්ට දැනෙනව වැඩී..
අපට වෙන්න තියෙන දේකට වඩා වෙනස් දෙයක් වෙන්න බෑ.. වෙන්නෙ නෑ.. අනාගතේ ලස්සන වෙන්න පතනවා දුවේ...
ස්තුතියි ඔබේ පැමිණිමට වගේම මේ ශක්තිමත් වචන වලට
ReplyDeleteබෑ බෑ බෑ මේක හරිම අසාධාරණයි අක්කෙ. ඔයා හැම දාම මාව අඬවනවා. පොළොවෙ පය ගහලා ඉන්න මට වඩා ඔයා ගොඩක් වාසනාවන්තයි. ඒ මගේ හිතේ නැති තරන් ශක්තියක් ඔයාගෙ හිතේ තියන නිසා. ඔයා ගැන හිතන හැම වෙලාවක ම මට මං ගැන ම ලැජජා හිතෙනවා.
ReplyDeleteසමාවෙන්න කාවවත් අඩවන්න හිතාගෙන නම් නෙමෙයි ලීවේ. අනික තමන් ගැන අඩු තක්සේරුවකින් හිතන්න එපා..
Deleteමමත් මේ කකුලක් කඩාගෙන ඇදක ඉද්දි / රස්සාවත් නැති උන වෙලාවක තමයි බ්ලොග් කියවන්න පුරුදු උනේ., මේ බ්ලොග් එකට මම හිතන්නෙ ආව දෙවෙනි වතාව වෙන්න ඇති. බ්ලොග් කියවන එක සහ කොමෙන්ට් දාන එක තමයි මගේ විනෝදාංශ උනේ. එත් මම හිතන්නෙ යේ මට කාලෙකට බ්ලොග් බලන්න කොමෙන්ට් දාන්න බැරි වෙයි.මම ආයෙමත් මගේ පුරුදු රැකියාවට යනවා ..
ReplyDeleteහැමෝටම ස්තුතියි ! හැමෝටම ජය වේවා!
@ අකීකරු හිත හැම
හැම කළු වළාකුළකම රිදී රේඛාවක් තියන බවනම් සහතිකයි ! නංගී
ඔයාට දැන් ආයෙත් රැකියාවට යන්න ලැබුනු එක ගැන සතුටුයි යාළු... ස්තුතියි මේ පැත්තට ආවට
Deleteමගෙත් උගුරේ මොනාද හිර උනා වගේ දැනුනා මේක කියවල...
ReplyDeleteඒ මගේ මල්ලිව මතක් වෙලා...
ඇවිදගන්න හරියට අමාරු උනත් ඌ ඉස්කෝලේ ගියා, campasuth ගිය, ඊයේ පෙරේද ගුරුවරයෙක් විදියට පත්වීමකුත් ලැබුවා..
එත් උට දැනෙන දේවල් ගැන පුංචි හැගීමක් මට තියෙනවා...එක නිසා මේ වගේ ඒවා දැක්කම උගුර හිරවෙන එක නවත්තගන්න තාම මට බැහැ..
ඔයාල නොහිතුවට ඔයාල හරි ශක්තිමත් සහෝදරි....ජය...
ඔයාගේ මල්ලි වාසනාවන්තයි.. එයාව යන්තමින් හරි දැනෙන සහොදරයෙක් ලැබුනු එකට..
Deleteඔයා හිතන විදිහ ගැන හරිම ආඩම්බරයි නංගෝ..
ReplyDeleteසතුටෙන් ඉන්න... :)))
ස්තුතියි අක්කෝ
Deleteවැටුනත් නැගිටිමු වැටිවැටි නැගිටිමු.
ReplyDeleteඅනිවාර්යෙන්ම..
Deleteහැම කළු වළාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියන එක ඇත්ත කියල විතරක් කියන්නම් :)
ReplyDeleteස්තුතියි සාතන්....
Deleteඅක්කගේ අසනීපේ ගැන අදයි මම දැනගත්තේ.. දැන් අක්කට කොහොමද?
ReplyDeleteතාමත් අසනීප තත්වේ නම් ඒ විදිහමයි මල්ලී.... ඒත් ජීවිතේ හොදින් ගෙවෙනවා
Deleteනංගි හිත ශක්තිමත් කරගත් විදිහ ගැන හුඟක් සතුටුයි. කොයි තරම් දුකක් කරදරයක් මැදදි වුණත්, තියෙන පුංචි සතුට ගැන අවධානය දෙනකොට, ඉබේම ඒ සතුට වර්ධනය වෙනවා කියලා මට හිතෙනවා.
ReplyDeleteදුකක් මැද්දේ එන පුංචි සතුටත් මට නම් මහමෙරක් තරමට වටිනවා...... ස්තුතියි ඔබතුමියට.
Deleteනංගි, මම ඔයාගේ බිලොග් අඩවියට අදමයි ආවෙි. මෙි ලිපිය ගොඩාක් හැගුමිබරයි කියලා ඔයාගේ හිත පහලට වටිටන්න මම කැමති නැහැ. මට මෙහෙම දෙයක් ඔයාට කියන්න කැමතියි. " මිනිස්සු කොයි තරමි භාහිර උපාංග වලින් සමිපුර්ණ වෙලා හිටියත් එයාලගේ ඇතුලාන්තය අසමිපුර්නයි. ඒ වගේම මෙි ලොකේ මොන තරමි බාධක, කමිකටොළු ආවත් ඒවා ජය අරගෙන ඉදිරියට යන්න ඔයාට ශක්තිය, වාසනාව ලැබෙිචා කියලා ප්‍රාර්ථනා කරනවා. හිතින් කවදත් වැටෙන්න එපා..!!!
ReplyDeleteඔබට ජයම වෙිවා..!!!
මේ පැත්තට ගොඩ වැදුනට ස්තුතියි අයියේ..
Deleteකියන්න වචන නැහැ . අද දවල් දුටුවා ඔයා වගේම හිත හය්ය පිරිසක් . මට මතක් වුනේ ''පොලියානා ''. හැමවෙලේම සතුටු සෙල්ලම කරන පොලියානා . සුබ පැතුම් ඔයාට .
ReplyDeleteපොලියානා... මම ආසම වගේම මට ගොඩක් දේවල් උගන්නපු කතාවක්.........
Deleteස්තුතියි ඔබට
ඔයා හිතන විදිය ගැන සතුටුයි...
ReplyDeleteහිතන විදිහ අනුව තමයි හැමදේම වෙන්නේ නේද
Deleteඑදා ඔයාව හම්බ වෙච්ච වෙලාවේ මට ඔය කතාව අහන්නත් හිතුනා. ඒත් ඔයා කියයි කියලා හිතුන නිසා ඇහුවේ නෑ. නමුත් එදා නංගිට ඒක කියන්න අමතක උනා. මාත් කට පියාන උන්නා.
ReplyDeleteමම් නංගි උත්සහවන්තකම ගැන අගේ කරනවා. ඔයා හරි ධෛර්යවන්ත කෙල්ලෙක් !
ආ... මම හිතුවේ මගේ කියවිල්ලට අයියට කම්මැලි හිතෙයි කියලා... ඒකයි දිගට නොකීවේ..
Delete//ඔයා හරි ධෛර්යවන්ත කෙල්ලෙක් !// මේක නම් ටිකක් බර වැඩියි වගේ.
අතීත සිදුවීමක සංවේදි සටහනක්. කුමන බාධකයක දී වුවත් හිත ශක්තිමත් කරගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ හිත තවත් ශක්තිමත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteස්තුතියි ඔබට
Deleteදිරිය කාන්තාවක්....ජය!!!!
ReplyDeleteස්තුතියි ඔබට
Deleteඔයාගේ හිතේ තියෙන හයිය ගැන සතුටුයි නංගො....
ReplyDeleteස්තුතියි අයියේ..
Deleteසිත බර වූ බැවින් කිසිවක් නොකියමි. උපැස් යුවලට යටින් දෑසම බොඳ වී ඇත. පසුව එන්නම්. ඔබට ජය!
ReplyDeleteඑතරම් දුර හිතන්න එපා...... මේ මගේ අතීතය මිසක් වර්ථමානය නෙමෙයි..
Deleteඔබටත් ජය..!
මොනදේ වෙන්නෙත් මිනිස්සුන්ටනේ නංගි,දෙපයින් ඇවිදින මිනිස්තිරිසන්නු කොච්චරක්ද?ඒඅතරින් ඔයා ඔයවිදිහටහරි ඉන්නඑකගැන ඇත්තටම සතුටුයි.ඔයාට ජය!
ReplyDeleteමේ පැත්තට ආවට ස්තුතියි අයියේ......
Deleteඅනේ මට කියන්න දෙයක් හිතාගන්න බෑ. මට කඳුළු ආවා :(
ReplyDeleteමම හිතන්නේ ඔයා පළවෙනි පාරටයි මෙහෙට ආවේ... සාදරයෙන් පිළි ගන්නවා.. ඒත් කදුළුත් එක්ක පිළගන්න උනාට සමාවෙන්ට හොදේ
Deleteමේකත් මගේ ජීවිතේ ඇත්තම කතාව , මං පොඩි කාලේ ඉදලා මගේ හොදම යාළුවා උනේ කෙල්ලෙක් .කොහොමින් කොහොමහරි අපි ලොකු වෙනකොට ඒ යාළුකම නිකම්ම ආදරයක් උනා.අපි ගොඩක් කල ආදරේ කළා .ඒ කාලේ හදිසියේම එයා අසනීප උනා ,බලනකොට ගර්බාශයේ ගෙඩියක් ,දොස්තරලා කිව්වේ එයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා ,ඒත් මං එයාව බැන්දා ,මං රටේ හොදම දොස්තරලා ලගට ගෙනිහින් එයාව සනීප කළා ,මේ කාලෙදිම මටත් ලෙඩක් හැදිලා මගෙත් දුබලතාවයක් අවා ,එයාගේ අසනීපෙ හොද උනාම එයා පුදුම විදියට වෙනස් උනා ,එයා මාව ප්‍රතික්ෂේප කරලා වෙන කාමරේකට ගියා ,එදායින් පස්සේ අපි එකම ගෙදර බෝඩින් කාරයෝ වගේ ජීවත් උනා .එක දවසක් එයා ඇවිත් මගෙන් දික්කසාදය ඉල්ලුවා ,එයාට හොද කෙනෙක් ලැබුණු බවත් ඒ නිසා නැවත විවාහවෙන්න ඕන බවත් කීවා ,මගේ ආදරය නිසා මං එයාව හිරකලේ නෑ.අද මං දික්කසාද නඩුවට උසාවි ගියා ,එයා ඉල්ලපු හැම දේම දුන්නා ,මගේ ගාව ඉතුරු උනේ එයා මගේ අතේ බැදපු පිරිත් නූලත් ,මගේ පර්ස් එකේ තියෙන එයාගේ ෆොටෝ එකත් විතරයි .ඒවා මං මැරෙන තුරා මගේ ලග තියේවි,මට මේ ටික කියන්න කෙනෙක් නැතිනිසයි මෙතන ටයිප් කලේ ,අකමැතිනම් පුබ්ලිෂ් කරන්නෙපා ,මට මේක කියන්න ආලය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි කියලා තියෙන්නේ බොරු නේද
ReplyDeleteනියමයි.මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයා දන්නවා
Deleteලොකු කතාවක්........ ඒත් මේකට උත්තර දෙන්න ඕන කොහොමද කියලනම් මට තේරෙන්නේ නෑ..
ReplyDeleteමාරයා ගෙ බ්ලොග් එකෙන් මෙහාට ආවෙ, ආයෙමත්.. ඔයා 1999 4 5 පන්තියෙ කියන්නෙ 1989 ද ඉඅපදුනේ?? එහෙනම් අක්කෙක්.. අක්කෙ මට හිරිගඩු පිපුනා මේක කියවන් යද්දි, හරිම් සංවේදියි!!! ඔයාට තියෙන්නෙ පුදුම ධෛර්යවන්ත හිතක්... ඔය ශක්තිය ගැන කෙල්ලෙක් ව්ඉදියට ඔයා ගැන මට මහා ගොඩාක් ආඩම්බරයි!!!
ReplyDeleteජයවේවා!!
ස්තුතියි නංගා මේ පැත්තට ආවට.......ඔයාටත් ජයම වේවා
Deleteමගේ ජීවිතේ පලවෙනි පාරට මේ පැත්තට ආවෙ.කියාගන්න නොතේරෙන තරමේ සංවේදී හැඟීමක් දැනුන.හිත නම් අකීකරු වෙන්නැති.ඒත් ඒ හිත ගැන නම් නොතේරෙන දුකක් එක්ක මුහුවෙලා ගොඩක් ආදරේ නම් දැනුන.ඔය අකීකරු හිතට මමත් අද ඉඳන් ගොඩක් ආදරෙයි :)
ReplyDeleteස්තුතියි සදකිදුරා මේ පැත්තට ආවට...
Deleteසාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගේට....
oya gana godak sathutui nangi.
ReplyDeleteඅනේ ඔයා ගැන ගොඩක් සතුටුයි අක්කේ..අද ඉදන් ඉතින් දිගටම එනවා.
ReplyDeleteර්‍බලොග් කෙරැවාවට මම තවම අළුත්. මාරයා පෙන්නපු පාරෙන් මෙතනට ආවෙ.මට කියන්න දෙයක් හිතා ගන්න බැ.මටත් දුවක් ඉන්නවා.වයස 4යි.මට මොකක්වත් කියාගන්න බැ. පුළුවන් වෙලාවට ඔයාව දෑකලා යන්න එන්නර්ම.මමත් ර්‍බලොග් එකක් කරන්න හිතූව. මෙන්න ර්‍මෙක
ReplyDeletehttp://atampahura.blogspot.com
lakmal1325@gmail.com
This comment has been removed by the author.
ReplyDeletekamathi oyage kaviyak geethayak bawata harawanna..reply karanna
ReplyDelete