මේ මාතෘකාව පහුගිය වාරේ මගේ එක සබ්ජෙක්ට් එකක ප්‍රධාන මාතෘකාවක්...ඒ ගැන පොඩි නිබන්ධනයක් ලියන්න අපිට පැවරිලා තිබුනා.. අම්මපා උඹලා ඔව්වා ඉගෙන ගන්ටද බං කැම්පස් යන්නේ කියලා අයියන්ඩි මගෙන් ඇහුවේ මම ජංජාලේ කැරකි කැරකි ඒ ගැන තොරතුරු ටිකක් හොයද්දි...ඔන්න පහළින් තියෙන්නේ ඒකට එකතු කරපු කරුණු වලින් ටිකක්...
ආකර්ෂණය සහ ආදරය පිළිබදව විමසා බැලීමේදි ඒවා අතර අන්තර් සබදතාවක් දැක ගත හැකි වේ... ආකර්ෂණය ආදරයක මුලික අවස්ථාව ලෙසද ඇතමුන් සලකන අතර සාමාන්‍ය තත්වයන්හිදි බොහෝ දෙනා මෙම ආකර්ෂණය ආදරයක් ලෙස වැරදි වටහා ගැනිමකට පෙළඹේ. තරුණ ප්‍රජාව අතර මෙම වැරදි වැටහිම වැඩි වශයෙන් දැක ගත හැකි අතර තවකෙනෙකු පිළිබද තමන්ගේ සිත තුල ඇතිවන්නාවු ආකර්ෂණය ආදරය ලෙස වරදවා වටහා ගැනීම නිසා ගැටළුකාරි තත්වයන්ට මුහුණ දුන් අවස්ථාත් බහුලව දක්නට හැකිය...
සමාජවිද්යාත්මකව ගත් විට ආකර්ෂණය ඇති වීමට බලපාන සාධක 4කි.
සමීපත්වය- එකිනෙකා අතර පවතින දුරස්ථ බව අඩු වීම ආකර්ෂණයට හේතුවක් බව..මෙය බොහෝ විට බලපවත්වන්නේ ප්‍රේම සබදතා.. විවාහ සබදතා වලදි...( මම නම් හිතන්නේ ආකර්ෂණයට මේ දේ බල නොපාන බවයි)
සිත් ඇදගන්නා සුළුබව- පුද්ගලයන් තුල ඇති සිත් ඇදගන්නා සුළු බව අන් අයගේ ආකර්ෂණය දිනා ගැනිමට සමත්කම් දක්වයි..මේ ගැන පර්යේෂණ කල Russel , Feingold වැනි පර්යේෂකයන් දැක්වන්නේ කාන්තාවන් පිරිමින් කෙරෙහි ආකර්ෂණය වන්නේ ඔහුගේ චරිත ලක්ෂණ වලට දක්වන කැමැත්ත මත බවයි. එසේම පිරිමින් කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වන්නේ ඇයගේ බාහිර පෙනුම අනුවයි.. මේ නිසාම පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන නිතරම කනගාටු වෙන බවත් මේකප් බාවිතයට වැඩිවශයෙන් යොමු වන බවත් එම පර්යේෂණ වලින් සනාථවි තිබේ.(ඇත්තද මංදා)
සමානාත්මතාවය- මෙහිදි එක සමාන තත්වයන් වල සිටින දෙදෙනෙකු තුල ආකර්ෂණය ඇති විය හැක.උදාහරණ ලෙස මිතුරු මිතුරියන්..
කැමැත්තෙන් පෙළිම- අනෙක් කෙනා පිළිබද දක්වන කැමැත්ත අනුව ආකර්ෂණය..නළුනිළියන්ට..විශේෂ පුද්ගලයන්ට දක්වන කැමැත්ත...
මේ වගේ ආකර්ෂණයක් එහි සංකීර්ණ මට්ටමට පත්වු විට ආදරයට පදනම වැටේ. මෙහිදි අදහස් වන්නේ තරුණ පිරිස් අතර ඇති වන ප්‍රේමණිය ආදරයක් පමණක් නොව කුඩා බිළිදාගේ සිට වැඩිහිටි පුද්ගලයි දක්වා දිවෙන ආදරයයි. කුඩා දරුවා පළමුව ආකර්ෂණය වන්නේ තමාට සමිප පුද්ගලයන්ටය..විශේෂයෙන් තම මවගේ උණුසුම වෙත දරුවා ආකර්ෂණය වේ. ඒ තුලින් දරුවා තුල මව පිළිබද ආදරයක් ඇතිවේ. ආදරය පිළිබද සලකා බලන විට එහි ස්වරුපය අනුව වර්ග වේ.
ප්‍රේමණිය ආදරය(Romantic love)-මෙය රාගික ආදරය ලෙසද හදුන්වයි. රාගික ආදරයට ඇබ්බැහි විම කෝපි වලට ඇබ්බැහි වීම හා සමාන කරනු ලබයි..විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන ආදරයවේ.කෙටිකාලිනය.විවාහය දක්වා දිවෙන ආදරයකි.
පරාධීනආදරය( Depended love) -එකිනෙකා කෙරෙහි රදා පවති.මෙය වඩාත් සවිමත් සදාකාලික ආදරයක් ලෙස සලකයි. මවක් සහ දරුවෙකු අතර ඇති වන්නේ මෙවන් ආදරයකි.
සුහදආදරය- රාගික ආදරයට වඩා ගැඹුරු සහ සිසිල් වු ආදරයකි..දිගුකාලිනය.රාගික ආදරයක් පසුකාලිනව සුහද ආදරයක් පවට පත්වීමේ අවස්ථාව වැඩිය.
ආදරය ගැන සැලකීමේදි බහුතරයක අදහස වන්නේ කාන්තාව ඉක්මනින් සහ පහසුවෙන් ඊට නැඹුරු වෙන බවයි.(ඒත් ඒක පිරිමින්ටත් පොදු දෙයක් කියලායි හිතෙන්නෙ).ඒ වගේම පිරිමින්ට තමන්ගේ සිතේ පවතින ආදරයක් පහසුවෙන් ඉවත් කර ගත නොහැකියි. කාන්තාව තම ආදරය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවද වෙනස් වීමේදි පිරිමියාට වඩා ඉක්මනින් වෙනස් වේ. ආදර සබදතා වලදි ඉන් වැඩි ආශ්වාදයක් ලබන්නේ කාන්තාවය.(මම නම් දන්නේ නැ ඕවා..)
කොහොම වුනත් mark twin දක්වන්නේ කවුරු ආදරය ගැන මොනව කිව්වත් විවාහ වී වසර 5ක් වත් යන තුරු ආදරය ගැන නිවැරදිව තේරුම් ගත නොහැකි බවයි... ( ඒ ගැන අහන්න ඕන අත්දැකිම් තියෙන අයගෙන්ම තමයි)
කොහොම වුනත් mark twin දක්වන්නේ කවුරු ආදරය ගැන මොනව කිව්වත් විවාහ වී වසර 5ක් වත් යන තුරු ආදරය ගැන නිවැරදිව තේරුම් ගත නොහැකි බවයි... ( ඒ ගැන අහන්න ඕන අත්දැකිම් තියෙන අයගෙන්ම තමයි)
මමනම් හිතන්නෙ නංගි සමීපත්වය ආකර්ෂණයට යම්තාක් දුරකට බලපානව කියලයි.
ReplyDeleteසිත් ගන්නා සුලු බවේ කියලා තියෙන විදිහට ඇත්ත ඒක වෙන්න ඇති.මීට පස්සෙ කොල්ලෙක් මේක් අප් වලට මොනවා හරි කිව්වොත් ඕක කියන්න ඕනෙ...:D
හොද ලිපියක් නංගි..
ම් හොඳ ලිපියක්....
ReplyDeleteඅර උඩැහින් " සිත් ඇදගන්නා සුළු බව" ගැන රිසර්ච් කොරපු දෙන්නා කියලා තියෙන බොහො කරුනු ඇත්ත බව පේනව...
හැබැ ඔබතුමී පොදුවේ කොමෙන් කොරලා නැ නොවැ...බවලත් පක්ෂයටමයි බර...එහේම හොඳද...:"D"............
\\පිරිමින්ට තමන්ගේ සිතේ පවතින ආදරයක් පහසුවෙන් ඉවත් කර ගත නොහැකියි. කාන්තාව තම ආදරය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවද වෙනස් වීමේදි පිරිමියාට වඩා ඉක්මනින් වෙනස් වේ. \\ me tika nam sahathika atta.
ReplyDelete-goldfish-
ආදරය සහ ආකර්ෂණය එකිනෙක මත යැපෙමින් පවතී.මගේ ජීවිතයෙන්ම උදාහරණයක් දෙමි.මා දෙපයින් සිටගත් සමයේ මා පෙම්කල යුවතිය මට පැවසුවේ මා සමග මග තොට ඇවිදීම පවා ඇයට ආඩම්බරයක් බවය.අවසානයේදී මා දෙපා අවසගව රෝද පුටුව මත වාඩිවූ කල ඇයට මා ලැජ්ජාවට හේතුවක් විය.ඇය ඉතාම සීරුවෙන් මා මඟ හැර යන ලදී.සිදුවුවේ කුමක්ද ? ආබාධිත වූ මා තව දුරටත් ආකර්ශනීය මිනිසෙකු නොවුනි.ආකර්ශනය නොමැති තැන ආදරයද ඉතිරි නොවුනි.
ReplyDeleteනියම මාතෘකාවක්. මම මගේ බ්ලොග් එකේ ඔය ගැන බුද්ධ ධර්මයේ එන කරුණු ගැන සරලව ලියා ඇති. ඒ ගැන අවශ්‍යනම් විස්තර දෙන්නම්.
ReplyDelete@නිසුපා - සිත් ගන්නා සුළු බව ගැන තියෙන දේවල් නම් ඇත්ත කියලා පිළිගන්න පුළුවන්.(මේකප් ගැන එහෙම කියවෙන දේවල් ඇත්තනේ නේද අක්කේ)
ReplyDelete@Raj - මම පුළුවන් තරම් මධ්‍යස්ථව තමා ලීවේ... :D
@ගෝල්ඩ් ෆිෂ් අයියා - මම හිතුවා අනිවාර්යෙන් ඔයා ඔය ටික කියයි කියලා..
@ඇනෝ- ඔයා කියන දේ මම පිළි ගන්නවා යාළු.. ඒත් එතන තිබිලා තියෙන්නේ සැබැ ආදරයක් නෙමෙයි වෙන්න ඇති
@වෙද ගෙදර මහ වෙදනා- ඔබ තුමාට පුළුවන් නම් ඒ ගැන ලින්ක් එකක් දාන්න..
මෙහෙමයි ලින්ක එක http://wedagedara.blogspot.com/2011/08/blog-post_27.html
ReplyDeleteමේ හැම දෙයක්ම තියන්නේ ත්‍රිපිටකයේ.
මමත් හිතනවා ආදරය ඇතිවෙන්න ගොඩක් වෙලාවට සිත්ගන්නාසුලු බව බලපානවා කියලා. ගොඩක් ආදර කතා ඇසින් ඇරඹිලා හදවතට ගමන් කරන ඒවා. සමහර වෙලාවට අපි කාලයක් දැන්ගෙන හිටපු කෙනෙක් ගැන කාලයත් එක්ක ආදරයක් ඇති වෙන්නත් පුලුවන්. එහෙම වෙලාවට බාහිර පෙනුම ඒ තරම් වැදගත් නොවෙන්න පුලුවන්. තවත් සමහර වෙලාවට පිරිමි කෙනාගෙ තත්වය, රැකියාව, වාහනේ වගේ දේවලුත් රූපය නොපෙනී යන්න හේතු වෙන්න පුලුවන්.
ReplyDeleteඔය කොයි කොයි විදියට ඇති වුණත් සමීප ආදරයක් හිතේ ඇති නූනොත් ඒ ආදරේට අනාගතයක් තියෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි මටත් හිතෙනවා ගෑණු අයට ඉක්මණට හිත හදා ගන්න පුලුවන් තමා කියලා.
ආදරේට සයිකොලොජි වගේම බයොලොජි පැත්තකුත් තියෙනව. ඒක දෙකම මේ කොයි ආදරේටත් බලපානවා
වෙලාවකට තේරුම්ගන්න අමාරු මාතෘකාවක්..
ReplyDeleteආදරයයි ආකර්ශණයයි අතර තියෙන්නේ පොඩි වෙනසක්..
ReplyDeleteඔය නිබන්ධනයේ ෆොටෝ කිපියක් ගන්න බැරිවෙයිද නංගි. මම් එහේ ආවම ගන්න පුලුවන් නම් හොදයි. ගොඩක් වටින ලිපියක් ඒවගේම නිබන්ධනයක්. :)
ReplyDelete@වෙද ගෙදර මහ වෙදනා- ස්තුතියි ඔබට... ඒ ලිපිය මීට කලින් නොදැක්ක එක ගැන දුකයි
ReplyDelete@නෙතු- දැන් කාලේ නම් ඔය කියනවා වගේ රස්සාව..දේපළ..තත්වය වගේ දේවලුත් බලපානවා තමයි
@RoshanHerath - අමාරුවෙන් හරි තේරුම් නොගත්තොත් තමා ප්‍රශ්නේ
@Dinesh- මම නම් හිතන්නේ ඒ අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා කියලයි
@මධුරංග - අයියෝ මම ඒක බාර දුන්නනේ...