දුක හිතිච්ච බට්ටිච්චි
පාන්දර බෙරිහන් දෙච්චි
අනේ මං ඇහැරිච්චි
පන්නන්නයි හිතුවේ බට්ටිච්චි......
වද නොදි පල බට්ටිච්චි
අද නිවාඩු දවසක් වෙච්චි
මං කෑ මොර දෙද්දි
උඹේ කට වැඩි වෙච්චි
මොන හොල්මනක් වැහිච්චි
බලන්ට මං යද්දි
බිම වැටුනු පැටික්කි
බල බලා අඩයි බට්ටිච්චි....
වැලලුවත් පස් යට පැටික්කි
අඩයි තාමත් බට්ටිච්චි
ජිවිතේ ඔහොමයි වෙච්චි
නාඩන් උඹ බට්ටිච්චි...
hmmm
ReplyDeleteකඳූළු සැලුවත් බට්ටිච්චී
ReplyDeleteනැහැ ආයේ එන්නේ පැටික්කී
ජීවිතේ අරුමය මෙය වෙච්චී
දැනගන් නුඹ එය බට්ටිච්චී...
අනේ අපොයි චෙච්චි දෙයක් ..
ReplyDeleteහෙහෙහෙහෙහෙ
ReplyDeleteනියම කවි සිතුවිල්ලක්. මරු මරේ මරු