අකිකරු හිත මේ දවස් වල හරි බිසීය....බිසී කීවාට කරන වැඩක් නම් නැත්තේය..ඒ වුනත් බිසීය... පහුගිය ටිකේ ලැබුන නිවාඩුද...හොරාට ගත් නිවාඩුද...නිසා ජංජාලය පුරා කරක් ගසමින් විකාර කෙරුවේය...ඒත් දැං ආයෙමත් පොත් ගොඩ බදා ගන්ට වෙලාය...ඉංගිරිසිය ඇරෙන්නට ඕන මගුලක් ඉවසිය හැකිය....අපේ මව්තුමිය කියන්නෙ හුස්ම ගන්ටත් ඉංගිරිසිය ඕනැ කියාය...මම මෙච්චර කල් හිතා උන්නේ හුස්ම ගන්ට නහයක් තිබුනාම ඇති කියාය. ඒත් දැං ඉංගිරිසියත් ඕනැලුය...ඉතින් දැං මං කඩ්ඩ පොලිෂ් කරගන්ට උත්සහ දරනවාය...මක් නිසාද යත් මොනව කරන්ටත් කලින් හුස්ම ගන්ට ඕනැය....
ඉංගිරිසිය ගැන කියද්දි මතක් වුන කතාවක් තියෙනවාය....මෙක සිද්ධ වුනේ මයේ යාළුවෙකුගේ මල්ලි කෙනෙකුටය...අපි දවසක් සතුටු සාමිච්චියේ යෙදි සිටිද්දි මයේ යාළුවාට මැසේජ් එකක් ආවාය....ෆෝන් එක තිබුනේ මලයා ගාවය...ඉතින් මලයා කාටත් ඇසෙන්නට මැසේජ් එක කියවනවාය...මලයා ඒක කියෙව්වේ මෙසේය... “හෙට ෆැකල්ටියට එද්දි මගේ පොත ගේන්න..මම 8ට එනවා.ටකේ කරේ....
මුල් ටික නම් අපට තේරුනාය..ඒත් අන්තිම ටික නොතේරුනාය... ටකේ කරේ...???? ටකයක් එල්ලන්නේ නම් කුරුල්ලෝ එළවන්ටය..දැං කරේවත් එල්ලනවාදැයි දන්නේ නැති නිසා අපි නැවතත් එය කියෙව්වාය..එතකොට නම් වෙච්ච දේ තේරුනාය...සිංගිරිසියෙන් ලියපු මැසේජ් එකක් නිසා මලයාට ටැපලිලාය...මැසේජ් 1 තිබුනේ මෙසේය...heta faculty eddi mage potha genna. mama 8 ta enawa... take care... ටේක් කෙයාර් සිංහල විදිහට කියවන්ට ගිහින් පොඩි එකා අලුත් කාඩ් එකක් රෙජිස්ටර් කරගත්තේය....
දැං මලයාගේ නම ටකේ කරේය... මේක කියවා මලයා මාත් එක්ක අමනාප වේවිද දන්නෙ නෑය...
ඉතින් දැං කම්මැලිය.. නැවතුනා නම් හරිය...
ටකේ කරේ... ඒක නම් මරු......
ReplyDeleteඇත්ත අද ගොඩක් දෙනෙක් සිංහල ඉගෙන ගන්නවටත් වඩා උනන්දු වෙන්නේ ඉංග්රීසි ඉගෙනෙ ගන්න....
මාත් ඔය ගොඩේම හින්ද ඉංග්රීසි ගැන මොනාවත් කියන්න යන්නෙ නෑ :).හික්.......හික්....මලයට මරු කාඩ් එක.
ReplyDeleteෂැහ් මල් හතයි..එහෙනං නංගිත් "ටකේ කරේ"..ඕං හොඳද..?
ReplyDeletetake care ටකේ කරේ එකේ තේරුම මොකක්ද ? . සිරාවට අහන්නේ ..
ReplyDeleteටකේ කරේ මරු කාඩ් එක.නිකම් අර කරත්තේ බදින හරකන්ගේ කරේ බෙල් එකක් ඉල්ලනවා වගේ
ReplyDeleteනොදැනුවත්කමට පොඩි එකාට කාඩ් ගැසීම වැරැදිය. ටකේ කරේ!
ReplyDeleteDinesh-එකනේ අයියෝ..ටික කාලෙකින් සිංහල අමතක වෙයි.
ReplyDeletedinesh -ඔය කිව්වට මාත් ඒ වගේ තමයි...
මාරයාගේ හෝරාව -අයියටත් ටකේ කරේ...
හිස් අහස- සිරාවටම මම දන්නෙත් නැ
sihinadanawwa- අන්න නියම උපමාව
``` Outsider```- ඒ ඉතින් විහිළුවටනෙ
ඔයා පොඩි එව්වොන්ට කාඩ් ගහන්නේ, ඔයාගේ කාඩ් ටික පබ්ලිෂ් කරලා දාන්නද? අර ගෙඹි සීන් එක එහෙම...
ReplyDeleteටකේ කරේ සීන් එක මගේ යාලුවෙක්ටත් වුනා..
ReplyDeleteඌ කියාගෙන ගියා පොර කෙල්ලට මැසේජ් යවන විදිය.. අන්තිමට කීවා "ටකේ කරේ කියලත් යවනවා.. මං කිවුවේ නැත්තං ඒකි එහෙම ඉන්නෙ නෑ බං" කියලා.. :D
ඔබ සඳහන් කර ඇති දෙය සැබෑ.. අද අපේ රටේ බෙහෝ දෙනෙකුට ඉංගිරීසිය නැතිව වැසිකිළි කැසිකිළි යාමටත් නො හැකි තත්ත්වයක් උදා වී ඇත. හැබැයි කරුණක් කිව යුතු ය. ඔබ ඉංගිරීසිය කෙසේ වෙතත් සිංහළ පළමුවෙන් ඉගෙන ගත යුතු බවක් පෙනේ.මන්ද, "අපි නැවතත් එය කියෙව්වාය.." මෙ වැනි වැකි ලියනුයේ ඔබ සිංහළත් නො දන්නා නිසා ය.
ReplyDelete