ජංජාලේ පුරා ඔහෙ කැරකි කැරකි ඉද්දි හිතුනා අද මොනා හරි ලියලා දන්න ඕන කියලා...ඒත් ලියන්ට දෙයක්මතක් වුනේම නැ...අන්තිමට මම තිරණය කොලා මගේ අතිජාත මිත්‍රයා එහෙමත් නැත්තං හෙවනැල්ලටත් වඩා මගේ ලගින් ඉන්න මගේ රෝද පුටු රාජයා ගැන කියන්ට...මම දැං පාවිච්චි කොරන්නේ ඔය පිංතුරේ තියෙන විදිහෙ එකක්. අත කඩා ගත්තට පස්සේ අතින් තල්ලු කරන එක අමාරු වුන නිසා තමයි මේකට බැස්සෙ...
ඇත්තටම ගස් ගල් ගානේ දුව දුව ඉදලා එකපාරට අසනිප වුනාම හිතා ගන්න බැරි වුනා මොනා කරන්නද කියලා.අවුරුදු 10ක් 12ක් කියන්නේ මම හිතන විදිහට උපරිම නැටිල්ලක් නටන කාලේ.ඒ කාලෙදිමයි මට මේකක උපකාර ගන්න වුනේ.මුලින්ම රෝද පුටුවක ඉද ගනිද්දි හිතුනෙ නැ ජිවිතේ පුරාම මේ විදිහට ඉන්න වෙයි කියලා..ඒත් අන්තිමට මේ ජිවිතේට හුරු වුනා... මම මුලින්ම පාවිච්චි කලේ පුංචි ලී පුටුවක්.ඒකට රෝද හයි කරලා.. හරියට පුංචි කරත්තයක් වගේ..ටික කාලයක් ඉස්කෝලේ ගෙනිච්චෙත් ඒක.ඒත් එහෙදි යාළුවොත් එක්ක ඕක පදිද්දි ටිකක් අමාරු වුනා..මොකද මගේ ඉස්කෙලේ තිබුනේ තැනිතලා බිමක නෙමෙයි..ඒ වගේම මට හිටියේ ටිකක් විසේකාර යාළුවෝ ටිකක්..ඒයාලත් පුටු ඇන්දෙ ඉදෙගන මාත් ඒක්ක රවුමක් යනවා. ඒ නිසාම ඒක වැඩිකල් පාවිච්චි කලේ නැ.ඊළගට තමයි සාමාන්‍ය රෝද පුටුවක් ගත්තේ..ඉස්කෝලේ කාලේ පුරාවටම ගෙව්වෙ ඒකේ..අන්තිමට මේ පුටුව...
මේක ඉලෙක්ට්‍රොනික් එකක් වුන නිසාම ආයෙත් අත කඩා ගන්න වුනේ නැ. දැන් ඉතින් මේක තමයි හෙවනැල්ල වගේ මාත් එක්ක ඉන්නේ.උදේ 6 ඉදන් රැ 7-8 වෙනකන් පුටුව උඩ ගෙවන ජිවිතේ මුල් කාලේ අමාරු වුනත් දැන් නම් ගානක්වත් නැහැ..සාමාන්‍ය රෝද පුටුවකට වඩා මේක නිසා පහසුයි.මොකද පැය 4ක් 5ක් චාජ් කලාට පස්සේ දවස් තුනක් විතර යන්න පුළුවන්.ඒ වගේම තරමක් වේගයෙනුත් යන්න පුළුවන්...හදිස්සියකට ඒක ගොඩක් පහසුයි. විශේෂයෙන් මට මේකේ අගේ වැඩිපුර දැනුනේ කැම්පස් එකෙදි.කාගෙවත් උදව්වක් නැතිව මට තනිවම යන්න පුළුවන් නිසා තවත් කෙනෙකුට කරදර කරන්න වෙන අවස්ථා අඩුයි.ඒ වගේම හොස්ටල් එකේ ඉදලා කිලෝමිටරයක් විතර එන්න ඕන නිසා අත් දෙක කැඩෙනකල් තල්ලු කරන්නේ නැතිව ආවැකි...මම මේ රෝද පුටුව පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් දවස් වල මටත් වඩා ප්‍රශ්න තිබුනේ බලා ගෙන ඉන්න මිනිස්සුන්ට..ඇත්තටම ගමේ ජිවත් වෙන අපි වගේ අයට මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න ඇති.ඒක කොහොමද යන්නේ? මොනවගෙන්ද වැඩ කරන්නේ තව ප්‍රශ්න කෝටියයි..ටික දවසක් යද්දි එයාලටත් පුරුදු වුනා දැකලම...
මේ ගැන ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම තියෙන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි .අපේ අයියන්ඩිගේ පුංචි දෝණි...එයා නම් වැඩිපුර කැමති මේකේ කැලි ගලවන්න..හරි ඉක්මනට අතට පැනලා පුටුව එකම තැන කරකවන එක එයාගේ විනෝදාංශේ...අන්තිමට දෙන්නටම කැරකිල්ල හැදුනම තමයි නතර වෙන්නේ...එයාට මේ දේවල් හරි විනෝදයක් වුනත් මම පතන්නේ කවදාවත් කිසිම කෙනෙකුට රෝද පුටුවක් පාවිච්චි කරන්න වෙන්න එපා කියලා..මුළු දවසම රෝද පුටුව උඩ ගෙවන ජිවිතේ පිටට පේන තරම් ලේසි නැ.




