කටු පොකුරු දැක දැකම
මල් පොකුරු සිඹින නුඹ
කටු ඇනී හඩන විට
බලා ඉන්නේ කොහොම මම....
නුඹෙ කදුළු විෂ පෙවූ
ඊ හිසක් විලස
මගේ හදවත පාරවයි නම්
දරා ගන්නේ කොහොම මම..
නොදන්නා කමට නොව
දැන දැනම ඇද වැටෙන නුඹ
අතැර මග හැර දමා
දිව යන්නේ කොහොම මම
සුමුදු මල් පෙති යටින්
රුදුරු විස කටු ඇතැයි
පුන පුනා කී නමුදු
රිදව ගත් බොළද හිත
තවත් රිදවන්නේ කොහොම
හඩන්නට කදුළැල් නැතත්
අසන්නට සවන් ඇති
ඉදින් කිය කියා හඩනු නුඹ
හිස තියා මේ උරහිස් මතම...
එපමණකි කල හැක්කේ
නුඹ වෙනුවෙන් මෙමට
සමාවෙනු සබද මට..
නුඹ නමින් කදුළු නැත තවත්
මේ නෙත් මත රැදුන...