Sunday, October 10, 2010

ධාරානිපාත වරුසාව


              අකීකරු හිත කාලෙකට පස්සේ අකුරු අමුණන්න ගත්තේ ජිවිතේ එකම විදිහට යනකොට ඒක එපා වෙන නිසා.. මොනා හරි මංගල්‍යක් කරලා පොඩි වෙනසක් කර ගන්න ඕන කියලා හිතුන නිසා.... ඉතින් දැන් මං ලිවිල්ල පටාන් ගත්තා.... ඒත් මං දන්නෙ නෑ මොනවා ලියන්නද කියලා... මොකද මං ලියන විකාර දැක්කම මගේ අතිජාත පොඩි සහෝදරයට යකා වැහෙනවා...
“යකෝ බොළද විකාර ලිය ලිය ඉන්නෙ නැතිව වැදගත් දෙයක් ලියපිය..”

    ඔය සාමාන්‍යයෙන් මං ලියපු දෙයක් දැක්කම පොඩි සහෝදරයගේ කටින් පිට වෙන වචන ටික... ඔය මොනවා කීව්වත්  කකුළුවා කවද්ද කෙලින් ගියේ.. ඒ වගේ තමයි මමත්.... මේක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවැ.. මම කලින් පෝස්ට් එකේ දාලා තිබුනනේ මම මේ සමාජෙන් හොදට තෙම්පරාදු වුන කෙනෙක් කියලා ඉතින් ඒක කියවපු යාළුවෝ දෙන්නෙක් කියලා තිබුනා ඒ නිසාම මේකේ රස හොදයි කියලා...... මේක මගේ හිත හැදෙන්න කිව්ව දෙයක්ද දන්නෑ...... මොනා වුනත් කමක් නෑ...

                                      මේ දවස් වල  ඇද හැලෙන ධාරානිපාත වරුසාව නිසා අකීකරු හිතගේ ගමනා ගමනයට බාධා එල්ල වෙලා.. මොකද කිව්වොත් මගේ රෝද පුටු රාජයා මහ වැස්සට අසු විම නිසා කාර්මික දෝෂ කිපයක් ‍හට ගෙන........ වරුසාවට පිං සිද්ධ වෙන්න නොමිලෙම හෙම්බිරිස්සාවත් එක්කම බෝනස් විදිහට කැස්සකුත් ලැබුන බවත් ඉතා සංතොෂයෙන්  දන්වා සිටින්න  කැමතියි... ඉතින් ඒ නිසාම ලැබුනු පොඩි නිවාඩු‍වෙන් නෙට් එකේ පැලපදියං වෙන්න ලැබුනා...  එකෙන් තමයි මට අලුත් යාළුවෝ ටිකක් ලැබුනේ......

ඉතින් වැස්ස දැක්කම තමා ඉර මතක් වෙන්නේ.... මට මතක් වුනා කවියක්.....


හිරු ඇවිදින් කදු මුදුනේ තනි රැක්කම දවස පුරා
පිරුණු වැවට බියක් තියේ නිල් දිය කද හිදෙන තුරා

ජිවිතයේ නැති වෙන්නට තවත් දෙයක් නොමැති තුරා

හිදුණු වැවයි මගේ හිතයි කැමතියි හිරු රැදෙන තුරා

ඉර එළිය දකින්න දැන් නම් ආසයි... අර සින්දුවකුත් තියෙන්නේ “හිරු මා දැව්වත් මා ලද උණුසුම අමතක කරන්න බෑ”.....

දැන් කට්ටිය හිතයි වැස්සට මගේ මොළේ පෙගිලා කියලා...මෙහෙම විකාර කියවන්නෙ.... තව මොනවත් හිතෙන්න කලින් මං නවතින්නම්.................... සුබ දවසක්...........

5 comments:

  1. "ගතින් එක් තැන් වුවද,සිතින් එක් තැන් වී නොමැත...
    ඇගිලි තුඩකින් මැවෙන ලෝකය එයම පසක් කරවයි.
    ඒ නිසා යම් දිනක හුදෙක් ලොව දිනනු නියතයි....."

    ReplyDelete
  2. යකෝ බොළද විකාර ලිය ලිය ඉන්නෙ නැතිව වැදගත් දෙයක් ලියපිය..

    ReplyDelete
  3. හු හූ.... රත්ගමයෝ මොකද බොල මේ? ඔහෙ ඕනෙදෙයක් ලියපුදෙන් යකෝ... අකීකරු හිතට එන ඒවා අපි දන්නේ නෑහැනේ බොල.

    ReplyDelete
  4. මෙහෙයවන්න ඉදිරියටත් ඔබේ අකීකරු හිත.....
    ඔබේ සිතැඟි කියා පෑමට......
    ඔබේ යහළුවන් සැමදා ඔබ සමග සිටිනු ඇත...

    ReplyDelete
  5. ස්තුතියි සියල්ලන්ටම.....
    @ ර ත් ග ම යා- අවැදගත් මම වැදගත් දේ කොහොම ලියන්නද???

    ReplyDelete